අළුත් බුදු කෙනෙක් කැලණියෙන් වෙසක් පොහෝ ද&#3538

scbmediasl

Member
Apr 6, 2017
115
6
0
අළුත් බුදු කෙනෙක් කැලණියෙන් වෙසක් පොහෝ ද&#3538



ඊයේ මධ්‍යමරාත්‍රී 12 පමණ කැලණි විහාරයේ චෛත්‍ය රාජයානන් අභියස සුදුපැහැති ඇදුමකින් සැරසී පිරිත් පැන් බෙඳමින් තමන් බුදු වූ පුද්ගලයෙකු බව ප්‍රකාශ කරමින් ගොස් අලුයම් කාලයේදී එක්වරම අතුරුදහන්වූ පුද්ගලයෙකු පිළිබඳව තොරතුරු අප වෙත වාර්තා වී තිබේ.

ඔහු විසින් පිරිත් පැන් ලබාදීමේදී ඒ මොහොතේ කැළණි විහාරය වන්දනාමාන කිරීමට පැමිණ සිටි බොහෝ දෙනෙකු ඔහුටද වැඳ නමස්කාරකර තිබේ.

එම අවස්ථාවට ඔහුගේ අග්‍රශ්‍රාවිකාව යැයි පැවසෙන තරුණ කාන්තවක්ද නිල ජායාරූප ශිල්පියෙකුද ඇතුලු අනුගාමිකයින් 20 – 30 පමණ පැමිණ තිබේ.

ඊයේ රාත්‍රියේ කැළණියට වැසි සහිත කාලගුණයක් පැවති අතර එසේ වැසි වැස්සවූයේ තමන් බවද, තමන්ට වැඳ නමස්කාර කරන සියලු දෙනාම බුදු වන බවටද ඔහු රැස්ව සිටි සැදැහැවත් බෞද්ධ ජනතාවට ප්‍රකාශ කර තිබේ.

අවසානයේ ඔහු ටොයොටා ප්‍රීයස් වර්ගයේ මෝටර් රථයක නැගී දෙව්ලොව බලා පිටත්ව ගොස් තිබේ.

කලින් කලට ලංකාවේ මෙවන් බුදු වූවායැයි, රහත් වූවායැයි පවසමින් විවිධ වංචාකාරී චරිත පහළ වන අතර පසුව මහජනතාව රවටා ඔවුන්ගේ මුදල් සහ දේපළ සොරකම්කරමින් නික්ම යයි. බුදුදහම අනිසි ලෙස භාවිතා කරමින් බුදුරජානන්වහන්සේට අපහාස කරන මෙවන් පුද්ගලයින්ගෙන් ජනතාව ප්‍රවේශම් විය යුතුය.
උපුටා ගැනීම​ http://reporter.lk


ඔබගේ මතය පල කරන්න​ :)
[/LIST]
 
Last edited:

scbmediasl

Member
Apr 6, 2017
115
6
0
18403294_10208724196878142_6742797009714981549_n.jpg
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    අවසානයේ ඔහු ටොයොටා ප්‍රීයස් වර්ගයේ මෝටර් රථයක නැගී දෙව්ලොව බලා පිටත්ව ගොස් තිබේ.

    prius gatta un goda. dan market wei
     

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මූ මේ පල්ලියෙන් බුදුදහම විනාස කරන්න එවපු හොරෙක්.
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,893
    1,074
    113
    Hamilton, NZ
    සේරම හෙනහුරාලා ටික බුද්ධාගමටනේ යකෝ පාත් වෙන්නේ.:lol: බ්‍රැන්ඩ් නිවි ආල්ලා කෙනේක් පාත් වෙන්නේ නෑ නෙහේ. ශී :(
     

    scbmediasl

    Member
    Apr 6, 2017
    115
    6
    0
    ȜMA X;21605232 said:
    සේරම හෙනහුරාලා ටික බුද්ධාගමටනේ යකෝ පාත් වෙන්නේ.:lol: බ්‍රැන්ඩ් නිවි ආල්ලා කෙනේක් පාත් වෙන්නේ නෑ නෙහේ. ශී :(

    :lol:
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    පල්ලියෙ සුත්තෙක්
    ඒකනෙ පැන් බෙදන්නෙ
    මුන්ට ඕන බුද්දාගම හෑල්ලු කරන්න
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,955
    6,634
    113
    ගග අද්දර
    Dr. Harischandra එක පාරක් කිව්වා මතකයි ටීවී එකේ, එයාගේ හොස්පිටල් එකට ආවොත් ඕන තරම් බුදු උන අය පෙන්නන්නම් කියල. ඔය කතාව ඇදුනේ සම්න්තබද්‍ර හාමුදුරුවෝ ගැන මොකක් හරි කියන්න ගිහින්. දොරමඩලාවේදී මට මතක විදියට.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Dr. Harischandra එක පාරක් කිව්වා මතකයි ටීවී එකේ, එයාගේ හොස්පිටල් එකට ආවොත් ඕන තරම් බුදු උන අය පෙන්නන්නම් කියල. ඔය කතාව ඇදුනේ සම්න්තබද්‍ර හාමුදුරුවෝ ගැන මොකක් හරි කියන්න ගිහින්. දොරමඩලාවේදී මට මතක විදියට.

    අපෝ ඔව් අංගොඩ සති දෙකේ ඇපොයින්ට්මන්ට් කරද්දි මටත් බුදු වෙච්ච තුන් හතර දෙනෙක්ම හම්බුනා. පව් ඉතින්. ඔය උඹ කියන්නේ හරිශ්චන්ද්‍ර ගාම්භීර ගැන නම් මිනිහටත් පිස්සු තමයි. හොඳ වෙලා යන ලෙඩෙක් සතුටට මූට බුදු පිලිමයක් දීලා තියෙනවා. මූ ඒක පු‍ටුව යටින් තියාගෙන ඉඳලා තියෙනවා කාලයක් තිස්සේ.