අළු පුහුල්(Benincasa hispida)
අධිකඋණූසුම් කාලගුණය සහිත විට ශරීරයෙන් වැඩිපුර ජලය පිටවේ. මේනිසා ශරීරයේ ජලය ප්රමාණය අඩුවීමෙන් තද පිපාසය, මුත්රා දැවිල්ල, මළ බද්ධය, ශරීරය පණනැතිව යාම ඇතිවිය හැක. එවැනි අයට අළු පුහුල් ආහාරයට එක් කර ගැනීමෙන් එවැනි තත්වයන් මඟ හරවා ගත හැකිය. අළු පුහුල් යුෂ බීමෙන්ද ඉහත රෝගවලට අමතරව මුත්රා පිටකිරීමේ අපහසුවද මග හැරගත හැකිය. වකුගඩු වලින් හොඳින් මුත්රා පෙරීමේ ක්රියාවලිය සඳහා උදව් කරයි.
වාතය පිත සමනය කරයි. නුවණ වඩයි. නින්ද ඇති කරයි. රත් පිත් රෝගීන්ට ගුණයි. පිපාසය සන්සිඳුවයි. ශරීරය මහත් කරවයි.ශුක්ර වර්ධනය කරයි. හෘද රෝගීන්ට හිතකරවන අතර ශරීර ශක්තිය වර්ධණය කරයි. විෂ නසන ගුණ පවතී. විෂ වර්ග කැවීම නිසාද,ඖෂධ වර්ග වැඩිපුර ගැනීමෙන් ශරීරයේ ඇතිවන විෂ තත්වය පෙන්වූ විටම විෂ පහල හෙලීමට වහාම අළු පුහුල් බීමට දීම මගින් ජීවිතය බේරාගැනීමට හැකිවේ.
එසේම මස් මාළු අධික ඇඹුල් වර්ග, තක්කාලි, අධික කටුක රස ඇති මිරිස් වර්ග කාලයක් ගැනීමේදී එහි විෂ කොටස් ශරීරයේ රැඳේ.මේ නිසා ඇස් දැවිල්ල, තුනටියේ වේදනාව හන්දි කැක්කුම, ඇතිවිය හැකිය. එවැනි පීඩා ඇතිවිට දිනපතා අළු පුහුල් මාලුව කෑමට දීමෙන් ක්රමයෙන් සුවය ලබා ගත හැකිය.
කාන්තාවන්ගේ ශ්වේත ප්රදර රෝගයට මෙන්ම මානසික රෝගවලදීද යෙදිය හැක. පිළිස්සුම් වලදී පුහුල් ඉස්ම වත් කිරීමෙන් හෝ පුහුල් කොළ, ලුණු දියරයෙන් අඹරා තුවාලය මත ගෑමෙන් බිබිලි මතු නොවේ.

ඕවා මිත්යා මත..චීන්නු එහෙම පුහුල් සුප් හදලත් බොනවා..උන් දන්නවා ගුණේ.