අළු බදාදා!!!!

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
අද අළු බදාදා දිනයයි. ගොඩක් අයට මේ දිනය නුහුරු උනාට ලංකාවේ කතෝලික අයට නම් මේ දිනය සුවිෂේශ දිනයක්. මේ නුහුරු බව නිසාම නොදන්න පිරිසකුත් ඇතැයි කියලා හිතුන නිසා මේ දිනය ගැන චුට්ටක් කියලා දෙන්න හිතුවා.
ashwednesday1.jpg

අළු බදාදා දිනයේ මූලික ම විෂේශත්වය තමයි ' දූවිල්ලෙන් සැදුනු මිනිසා දූවිල්ලටම හැරෙන්නේ ය ' කියන දේව ප්‍රකාශය සිහිපත් කරන දිනය වීමයි. කිතුනු විශ්වාසයට අනුව ලොව මැව් දෙවියන් වහන්සේ මිනිසාව මැව්වේ පොලොවේ තියෙන පස් (දූවිල්ල) ටිකක් අරගෙන ඒ පස් ටිකට ජීවන හුස්ම හෙලීමෙන් කියලා සදහනක් තියෙනවා. එහෙම නිර්මානය කරපු මනුශ්‍යයා නැවතත් දුවිල්ල බවට එහෙමත් නැත්නම් කවදාහරි මේ මහපොලවට පස් වෙනවා කියන සදාතනික ධර්මතාව සිහි කරන්නේ මේ සුවිෂේශි දවසේ.

එදාට ලංකාවේ සෑම දේවස්ථානයකම වගේ දේව මෙහෙයක් (දිව්‍ය පූජාවක් ) පවත්වලා ගොක් කොල පුලුස්සන ලද අලු ආශිර්වාද කරලා ඒවා සංකේතාත්මකව තම නලලේ ආලේප කර ගන්නා නිසාම තමයි ඒ දිනයට අළු බදාදා කියන නම ලැබිලා තියෙන්නේ.

ලංකාවේ වගේම තමයි ලෝක වාසි ක්‍රිස්තු භක්තිකයනුත් එක වගේම මේ දිනය සමරනවා.

ඒ වගේම තමයි කිතුනු බැතිමතුන් චතාරික කාලය එහෙමත් නැත්නම් ජේසුස් වහන්සේ ජුදා හේවායන්ට හසු වීමේ සිට කුරුස ගසේ උකුත් වීම දක්වා සිද්ධි දාමය සිහි කරන කාලය පටන් ගැනීම සිදු වන්නේත් මේ අළු බදාදා දිනයට පසුවයි. කොටින්ම කියනවනම් කිතුනු බැතිමතුන් මේ කාල සීමාව හදුන්වන්නේ දුක්ප්‍රාප්ති කාලය කියලයි. මොකද මේ කාලයේදී තමයි කිතුනු දහම ලොවට ප්‍රකාශ කල ආගමික නායකයාගේ දුක්ප්‍රාප්තිය සිහි කරන්නේ.


මේ කාල සීමාව තුල මස් මාංශ අනුභවයෙන්, නිරාහාර ශීලය රැකීමෙන්, විනෝද ගමන් බිමන් යෑමෙන් ඈත් වී දහමට සිත යොමු කිරීමට කිතුනු බැතිමතුන් වග බලා ගන්නවා. මේ කාල සීමාව අවසන් වන්නේ ජේසුස් වහන්සේ මරනින් නැවත නැගිටින එහෙමත් නැත්නම් මරනින් උත්ථාන වන පාස්කු ඉරිදායින්.

කිතුනු ඇදහිලි වලට අනුව දම් පැහැය මනස්ථාපනයේ පාට වශයෙන් සලකන නිසා මේ කාල සිමාවේදී දේවස්ථාන භාර පියතුමන්ලා දම් පැහැයෙන් යුතු වස්ත්‍ර වලින් සැරසී පූජා පැවැත් වීම සිදු කරයි.


from : http://madurangacreations.blogspot.com/2011/03/blog-post_09.html
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
අනිත්‍ය මෙනෙහිකිරීම වගේ තමා......
ස්තූතියි විස්තර කලාට............
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
නොදැන හිටපු දෙයක් අද දැන ගත්තා
ස්තුතී යාලුවා
ජයවේවා
11.gif
 

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    අද තමයි දැන ගත්තෙ! අපිට කිව්වට ස්තුතියි! :)