අායෝජනය කිරීමට අා ජපන් සමාගමක් නඩු මගට..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
     ජපන් සමාගමක් නඩු මගට


    මෙරට පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරුන් පිරිසකට එරෙහිව ගොනුකර ඇති පෞද්ගලික පැමිණිල්ලකට අදාළව විත්තිකරුවන්ට සිතාසි නිකුත් කරන්නේද? නැද්ද? යන නියෝගය සැප්තැම්බර් මස 26 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කළේය.

    ඒ, ගාලු ප්‍රදේශයේ හෝටල් ව්‍යාපෘතියක් ඇරඹීම සඳහා මෙරට ආයෝජනය සඳහා පැමිණි ජපාන සමාගමක් විසින් අයෝජනය කළ අමෙරිකානු ඩොලර් මිලියන 06ක පමණ මුදලක් සම්බන්ධයෙන් සාපරාදී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් ගොනු කළ පැමිණිල්ලක් සම්බන්ධයෙනි.

    ජපාන සමාගමක් වන සී.සී. ට්‍රස්ට් පුද්ගලික සමාගම විසින් එම පුද්ගලික පැමිණිල්ල ගොනුකර තිබෙන අතර එය සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තනූජා ජයසිංහ මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

    අදාළ හෝටල් ව්‍යාපෘතිය 2017 වසරේ දෙසැම්බර් මස 03 වනදා අවසන් කරන බවට පොරොන්දුවී තිබුණත් ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට විත්තිකාර සමාගම කටයුතු නොකළ බවත් ඒ තුළින් ඔවුන් අදාළ මුදල් පිළිබඳව සාපරාධි විශ්වාසය කඩ කිරීම තුළින් දණ්ඩ නීති සංග්‍රයේ 398 සහ 403 යන වගන්තිවල සඳහන් වැරදි සිදුකර තිබෙන බවත් අදාළ පෞද්ගලික පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

    මෙහිදී පැමිණිලිකාර සමාගම වෙනුවෙන් නිරංජන් අරුල්ප්‍රගාසම්, නන්දන පෙරේරා යන නීතිඥවරු සමග ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පෙනී සිටියේය.

    https://sinhala.adaderana.lk/news/200471
     

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    තව තව ආයෝජන එයි ඉස්සරහට ලප කොටාගේ කොමිස් පගා යුනියන් මැරයන් වැඩ පටන් ගත්තම. චීනේ,ඉන්දියාව වගේ රටවල් නම් පගා කුට්ටියක් දීලා මෙලෝ වැඩකට නැති දෙයක් කරයි අනිත් රටවල් ඕවා ආරංචි වෙද්දි පැත්ත පලාතක එන එකක් නෑ.
     
    • Like
    Reactions: Pukmanta

    Similar threads