අැමති කමක් හම්බවුන ගීතා වෙනස් වෙයි..GOTA GO HOME කියන ඵක නවත්තන්නලු..🤣

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Gota Go Home කීම වහා නතර කල යුතුයි - ගීතා කුමාරසිංහ

    Geetha-Kumarasinghe.jpg


    ‘ගෝඨා ගෝ හෝම්’ කීම වහා නතර කල යුතු බව රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි.

    ජනාධිපතිවරයාගේ කාලය අවසන් වූ වහාම එතුමා යනු ඇතැයිද ඇය පාර්ලිමේන්තුවේ කියා සිටියාය. මැතිවරණ්‍යක් කැදවූ පසු ගෝ හෝම් කියන්නැයිද කී ඇය සිරිමාවෝ, ජයවර්ධන, ප්‍රේමදාස වැනි අයටත් ගෙදර පළයං කියන කියූ පලියට ගියේ නැති බවද සඳහන් කළාය.

    තරුණ පිරිස් මානසික පීඩාවෙන් ගැලවෙන්නට ගාළු මුවදොරට පැමිණීම ගැන ගැන කනගාටු වන බව ද ඇය පැවසුවාය. නමුත් මේ ඇතුළත සමහර දේවල් දිහා බලද්දි දරුවන් විකුණාගෙන කන කල්ලියක් ඇතැයි පෙනෙන බව ඇය තවදුරටත් කියා සිටියාය.

    ජනතාවට මේ ආණ්ඩුව තිත්ත වෙලා..

    මීට පෙර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් ගීතා කුමාරසිංහ රාජ්‍ය ඇමතිනී තනතුරක් නැති පසුගිය දිනකදී කියා සිටියේ ඉන්ධන පිරවුම් හල් අසලින් යන විට ජනතාව ගෙන් තමන්ට අඩත්තේට්ටම් වේ යැයි තමන්ට බිය සිතෙන බවයි..

    ‘ඉන්ධන ප‍්‍රශ්ණය අද මුළු ශ්‍රී ලංකාවටම බලපා තියෙනවා. ඉන්ධන පිරවුම්හල ලගින් යනකොට මම මූණ වහගන්නවා. කවුරු හරි ග’හයි කියලා මම ඩ‍්‍රයිවර්ට කියනවා ඉක්මනට යමු කියලා. එවැනි තත්වයක් ඇති වෙලා තියෙන්නේ. ජනතාවට මේ ආණ්ඩුව තිත්ත වෙලා තමයි තියෙන්නේ. මමත් වසර 12ක් දේශපාලන කරලා ඉතුරු වුණේ කලකිරීම විතරයි’ යයිද මධ්‍ය වෙත ඇය අදහස් පල කලාය.

    චිත‍්‍ර ඇදපු අය අපෙන් රස්සා ඉල්ලනවා.. සුරපුරයක් වගේ ස්විට්සරලන්ත පුරවැසිකම අතහැරියේ අපරාදෙ..!

    තමන් සුරපුරයක් වැනි ස්විට්සර්ලන්තය පුරවැසිකම අතහැර දැමීම අපරාධයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි. දැන් ගමට ආ විට පොහොර නෑ, වතුර නෑ කියා ජනතාව බනින බව ද ඇය පැවසීය.

    2020 පාරවල් ටික පවා කිරීමට සිමෙන්ති පවා හිගයක් ඇතැයි ද ඇය සඳහන් කළාය.

    කුමාරසිංහ මහත්මිය මෙසේද කීවාය.

    “දැන් ඔයාලාට තේ එකක් බොන්න සීනි නැතිවුණාම මහින්ද රාජපක්ෂ මහත්තයාටත් බනිනවා.බන්දුල ගුණවර්ධන මහත්තයාටත් බනිනවා.අන්තිමේදී අපිටත් බනිනවා. ‘2020 පාරවල් ටික කරලා නෑ තවම. මහ විසාල බර මුදලක් හැම ගමටම ලක්ෂ විස්සක පාරක්..හේතුව සිමෙන්ති නෑ.. මං නං අනේ හොඳම කට්ට කාපු එක්කෙනානෙ.

    අර ස්විට්සර්ලන්තෙ වගේ සුරපුරයක් වගේ රටේ පුරවැසිකම අතඇරල දැම්මා. ගමට ආවම බැනුම් වතුර නෑ උඹ අපට වතුර දෙන් නැද්ද.. මොනව කරන්නද මම දුවනව හතර වටේ. කාට කියන්නද කාගෙ වරදද කියල දන්නෙ නෑ මම.

    එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා ලස්සණට කිව්වා.. කෝ අර චිත්‍රෙ ඇඳපු ළමයි කෝ කියල කිව්වා..අනේ උන් ඇවිල්ල අපේ දෙපතුල ගාව වැඳ වැටිලා රස්සා දෙන්න කියල මොනකරම් ඉල්ලීම් කළාද.. කොහෙන් දෙන්නද. අනේ මගේ ගාමන්ට් ෆැක්ට්‍රීස් වලිනුත් බාගයක් වහලා.. නැත්නම් මං අඩුගානෙ උන්ව ඒවට දාගන්නවා.

    දැන් නං හිතෙනවා ඒව ටික කරගත්තනං තව මොකක් හරි කරගන්නව කියලා.. අන්තිමට ඒවත් කරගන්න බැරිවුණා.

    දැන් පොහෝර කතන්දරේ ආවා.මේ පොහෝර වැඩේනම් ජනතාව ලොකු කරදරේක දාපු කතන්දරයක්.අනේ කුරුදු ටික අනේ තේ ටික එහෙන් කුඹුරු ටික ගොවීන්ට කරගන්න විදිහක් නැහැ පොහෝර නැතිව.මේ එකක්වත් කරගන්න බැරිවෙද්දී මිනිස්සු ආණ්ඩුවට බණිනවා.

    දැන් ඉන්දියාවෙන් පොහෝර ගෙන්වනවා විශාල මුදල් දිදී.හාල් අපනයනය කරනවා.අපිට හාල් අතිරික්තයක් තිබ්බා.මේ ගෙන්වන හාල් මොනවා දාලා හදලා ද කියලා කවුද දන්නේ.අපිට් මේ ගෙන්වන හාල් ෂුවර් නැහැනේ.කවුද දන්නේ මේ මොන හාල් ද කියලා..

    Source
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    මොකට ඇමතිකම් දුන්නද මන්ද පවුල් කඩන්න නම් හොඳයි. පවුල් කඩන්න නම් හොදයි...
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    sorry for the voters of Galle District .
    No leader had ruined the country like GR that is why voters who voted want him to Go Home Now.
    If you wait another 4 years there will not be a country or election
    Mrs B, JRJ, Premadasa were leaders who did some remarkable things such as Non Align summit, Mahaweli Project, Housing etc. They became unpopular due to some decisions they took, but never ruined the country. In fact is actress does not know 89-90 JVP ruined the economy and we were in very bad situation like this but we got our reserves and sound economic policies led us our of woods! instead what did GR do in 2019 November? Wimal, Cabral and other MPs votes idiotic budget that ruined the country within 2 years?
    So do not compare Apples with rotten meat