
ඇත්තටම කියනවනම් චාමරට මිනිස්සු මාරම ආදරෙයි , ඒ ආදරේ පිස්සුවක් ...එහෙමයි කියලා සිංදු කියන අතරේ ඒ මනුෂ්‍යයාට වද දෙන්න හොඳ නැ
ගොඩක් කණගාටුවෙන් චාමර අයියා නිල ෆෙස්බුක් පිටුවේ මෙසේ සදහන් කරලා තිබුනා

මේ වගේ සටහනක් දාන්න මට සිද්ද වෙයි කියලා මම හිතුවෙ නෑ.ඊයේ දවසේ ඇහැලියගොඩක් තිබුන ප්‍රසංගය වෙලාවෙ ඇහැලියගොඩ සමහර මිනිස්සු හැසිරුන විදිය මගේ මේ සංගීත ජීවිතේම මම දැකල නෑ.මගේ අසනීප තත්වය සම්පූර්ණ සුවවී නැතිව තියෙද්දිත් ආදරණීය රසික ඔබව සතුටු කරන්න අදටත් වේදිකවට එනවා..අනික මේක මගේ රැකියාව.හැම දෙයක්ම සමබර කරගෙන ඔබ වෙනුවෙන් ඔබව සතුටු කරන්නට එද්දි ඒ එන හැම කෙනා එක්කම මට පින්තූර ගන්න බැරි වෙයි..ඒක ඔයාලගේ ආසව ආදරය..එත් ආදරණීය ඔබ හැම දෙනාම මාව තේරුම් ගනී කියල හිතනව.මම එදා ඉඳල අද වෙන්කන් පුලුවන් හැම වෙලාවකට කාගෙ හරි හිතක් සතුටු කලා මිසක් වෙනයම් කිසිම රිදවීමක් කරලනෑ..
කලකිරීම උපරිමයෙන් තිබුන දවසක් ඒ වගේ දවසක් අයෙ හමු නොවේවා කියල මම ප්‍රාර්ථනා කරනව..දිගින් දිගටම මේ විදියට වෙන බව දැනුන දවසට මම සංගීත ගමනට සමුදෙනව..ඒ අනිවාර්යයෙක් .
මට හදවතින්ම ආදරය කරන මාව රැක ගන්න උත්සහ දරන, මම වෙනුවෙන් ඉන්න මගේ ආදරණීය රසික හැම දේනාමට ස්තුතියි.
Chamara Weerasinghe