ඉතාමත් කාලෝචිත අර්ථවත් නිර්මාණයක් අයියේ...
HIV රෝගීන්ව වෙන්කොට පහත් කොට සැලකීම දැන්නම් පොඩ්ඩක් හොද පැත්තට අඩු වෙලා..ඒ රෝගය පිළිබදව හා සම්ප්‍රේෂණ විධි ගැන දැනුවත් වීම හා ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් ගැන කතා කරන්න ,ඒවා ප්‍රශ්න කිරීමට සංවිධාන හා ආයතන ඉදිරිපත් වීම නිසා..
ඒත් සමාජයේදී ඔවුන්ට විදින්න වෙන ගැහැට වල නම් තාමත් අඩුවක් නෑ.ඔවුන්ව අසධාරණ විදිහට පිළිකුළ් ව්කිරීම හා හංවඩු ගැසීම සිද්ධ වෙනවා.විශේශයෙන්ම ආසියාතික රටවලදී මේ තත්වය දකින්න පුළුවන්..කිසිම වරදක් නොකරපු අහිංසකයන් පැත්තකින් තැබුවත් අනික් අයට මෙවැනි අකටයුතුකම් වීම කොතරම් සාධාරණද කියන එක තේරුම් යන්න එවැනි අයකුගේ කෝණයෙන් පොඩ්ඩක් හිතුවොත් තේරෙනවා..
අපේ වගේ රටවල් මේ වගේ රෝග වලින් යම්තාක් දුරකටවත් ආරක්ෂා වී සිටීමට එක හේතුවක් තමයි ආගමික හා සංස්කෘතික වශයෙන් අපට ලැබුණු හැදියාව කියලයි මට නම් හිතෙන්නේ..
සාර්තකයි අයියේ..දිගටම ලියන්න..