මට මතක් වුණා මං දන්නා ඒඩ්ස් රෝගියා. ඔහුගෙ නංගි විතරයි ආදරයෙන් ඔහුව බලා ගත්තෙ. හැමෝම පිළිකුලෙන් අහක බලද්දි, ඈත් වෙලා යද්දි, ඇය කිව්වෙ, 'හොඳ....අය්ය කෙනෙක්" කියල. එහෙම වාසනාවන්තයොත් ඉන්නව. හැබැයි වැඩි දෙනෙකුට නරක හීනයක්ම තමයි. ලෙඩාට වගේම පව්ලෙ අයටත්.
මුලින්ම සහෝදරයට බොහොමත්ම ස්තුතියි අදහස් දැක්වීම ගැන....
වෙලා තියෙන්නේ අපේ සමාජය මේ රෝගය ගැන දැනුවත් නැති කමයි...එහෙම පුහුනු වැඩ පංති මාලාවන් හා දේශනයන් තුලින් අපි අපේ ජනතාවට මේ ගැන හොඳ අවබෝධයක් ලබා දිය යුතුයි..
මොකද ඔය රෝගය කිසිම අයුරකින් බෝ වෙන්නේ නැහැ රෝගියාගේ ලේ අනිත් කෙනාගේ සිරුර තුලට නොයන කම්..
රෝගියා ලඟ නිදාගැනීම...රෝගියාට ඇප උපස්ථාන කිරීම..රෝගියාගේ සිරුර ස්පර්ශය...රෝගියාගෙ කෙල වගේ දේවල් ගෑවීම (ලේ රහිත) ඔය කියන කිසිම දෙයකින් අසාදනීය රෝගී තත්වය තව කෙනෙකුට වැළදෙන්නේ නැහැ..එය විද්‍යාත්මකව ඔප්පු කල සත්‍යයක්...
ඔය නොදැනුවත්කම නිසා මෙම රෝගීන් දෙස පිලිකුලෙන් බලා තමන්ගේ එක බඩ වැල කඩන් ආපු සහෝදර සහෝදරියන් හා එපමනක් නෙවෙයි තම දූ දරුවන් පවා ඔවුන්ව කාත් කවුරුත් නැති සත්තු ගානට මුල්ලක තනි කර මැරෙන්න දෙන එක හරිම අසාධාරණයි...