දැන් වත්තේරුම් ගනිල්ලා මුන්ට මේක කරන්න බෑ.
- IMF මරාලයක් කියපු උන්ම ,IMF ඕනෙවටත් වඩා කර තියාගෙන දුවනවනන්
- නන්දලාල් ආර්ථික ඝාතකයෙක් කියපු උන්ම , නන්දලාල් සරණං කියනවනන්
- ණය අරගෙන රටවල් කරන්න පුලුවන් ද කියලා අහපු උන් ණය වලින් විතරක්ම ගොඩ යන්න දගලනවනන්
- විදෙස් ආයෝජන ගැන පුරසාරම් දොඩපු උන්ට මේ වෙනකන්ම එකම ආයෝජනයක් වත් රට ඇතුලට ගේන්න බැරි උනානන්
- අප්‍රේල් 21ට කලින් පාස්කු ප්‍රහාරය තොරතුරු දෙනවා කියපු උන්ම , අදත් ඇවිත් පොරොන්දු විතරක් දෙනවනන්
- උගන්ඩා සල්ලි ගේනවා කියපු උන්ම ඒවා බොරු කියනවන්
- මාස 2කට තෙල් තියෙනවා කියපු උන්ම , එහෙම stock කරන්න තැනක් නෑ කියනවනන්.
- පොඩි මිනිහට වාහනයක් ගන්න බැරි ඇයි කියලා අහපු උන්ම වාහනේ මිල වගේ තුන් ගුණයක් බදු ගහනවනන්
- ලක්ෂ 12 ට වාහන දෙනවා කියපු උන්, බදු ගෙවපු වාහනේටම 18% ක VAT බද්දකුත් ගහනවනන්
- රට ඇතුලට ගෙන්නපු වාහනයක් රිලීස් කර ගන්න බැරුව සති ගණන් කට්ට කන්න වෙනවනන්
- විදුලි බිල අඩු කරන්න ආපු උන් 15% කින් විදුලි බිල වැඩි කරනවනන්
- කාංචන ලාභ කරලා පෙන්නපු විදුලිබලමණ්ඩලය මාස 6න් පාඩු ලබනවනන්
- කාංචනගේ කොමිස් අයින් කරන්න ආපු උන් තෙල් මිල අසීමාන්තිකව වැඩි කරනවනන්
- මිල සූත්‍රය බොරුවක් කියපු උන් දැන් ඒක ශෝක් කියනවනන්
- ඉංදියාව සාපයක් කියපු උන් ඉන්දියාව මත්තෙම යැපෙන්න හදනවන්
- හොර ගිවිසුම් ගැන උද්ඝෝෂණ කරපු උන්ම , උන් ගහන ගිවිසුම් හොර ගිවිසුම් කරනවනන්
- පෝට් සිටි , උමා ඔය ගැන වැලලෙන්න හදපු උන් , ඒවා දැන් මරු කියනවන්
- තෙල් ටැංකි ඔක්කොම පවර ගන්නවා කියලා පම්පෝරි ගහපු උන්ම ඉතුරු ටිකත් ඉන්දියාවටම දෙන්න හදනවන්
- නුවරඑලිය තැපැල් කන්තෝරුව ගැන රචනා ලියපු උන්ම ඒක සංචාරක මධ්‍යස්ථානයක් කරන්න හදනවන්
- තොරතුරු දැන ගැනීමේ පනත මගින් තොරතුරු දෙන්න බෑ කියන තැනට වැටෙනවන්
- අධි සුපෝකබෝගී වාහන විකුණලා පාසල් හදනවා කියපු උන්ම , ටෙන්ඩරුත් නැතිව ඒවා හිත මිතුරන්ට බෙදලා දෙනවනන්
- අනිත් උන්ගේ හොර අල්ලන්න අපූ උන්ම, හොර ඔප්පු ලියලා මඩිය තරකරගන්නවන්
- බංකු තියලා ටියුෂන් දෙන්න හදපු උන්ම , දවසට වෙඩි 2ක ගානේ පත්තු වෙනකොට ඒක ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෑ කියනවන්
- මාස 6 න් හයට පඩි වැඩි කරනවා කියපු උන්ම , අදත් මීඩියා වලට බොරු කියනවනන්
- පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කරන්න හාම්පුතුන් සමග ගිවිසුම් ගැහැව්වා කියපු උන්ම අද වෙනකොට ඒ ගැන මීක් නැත්තන්
- ඇප නැති ණය දෙනවා කියපු උන්, ඒවා ක්‍රියාත්මකයි කියල අතේ පැලවෙන බොරු කියනවනන්
- දේශපාලන වේදිකාවල පක්ෂේ දිනවන්න වැඩ කරපු උන්ට , පොලීසියේ ඉහල තනතුරු දෙනවනන්
- දූෂණ මර්ධන කමිටුවෙන් පඩි ගත්තේ නෑ කියලා පම්පෝරි ගහපු උන් , සාක්ශි එක්ක ඔප්පු වෙනවනන්
- කෝටි ගණන් වියදම් කරලා සත්ව සංඝනන කරලා, ඒවගෙන් කිසිම ප්‍රතිඵලයක් නැත්තන්
- දේශපාලන සංකෘතීන් ගැන කතා කරපු උන්ම බලෙන් හරි රහස් ඡන්දයක්ම ගන්න ට්‍රයි කරනනන්
- හොරු හොරු කියපු උන්වම එකතු කරගෙන , සභාවල බලය පිහිටුවනවනන්
- හොරු ඩීල් කාරයෝ කියපු උන්ම ඩීල් දාලා මන්ත්‍රීලා භා ගන්නවන්
- විනිවිදභාවය ගැන කතා කරපු උන්ම කර්ටේනර් 323 ක් එලියට පන්නනවනන්
- සීනී බදු වංචාවක් ගැන කතා කරපු උන්ම ලුණු වලින් ඩීල් දානවනන්
- හාල් පිටරටින් ගේන්න ජනාධිපතිලා ඕනෙද කියලා අහපු උන්ම හාල් පොල් ලුණු ඔක්කොම පිට රටින් ගේනවනන්
- එක පෑන් පාරෙන් මාෆියාකාරයෝ නැති කරනවා කියපු උන්ම උන් එක්ක හොර ගේම් ගහනවන්
- මුලු රටේම forensic audit එකක් කරන්න ආපු උන්ම උන්ගෙ පක්ෂ අරමුදල විගණනය කරන්න දෙන්නේ නැත්තන්
- අනුන්ගේ ඉංග්‍රීසි ගැන මයික් පලපු උන්ම , ලෝකයක් ඉස්සරහ නෝන්ඩි වෙනවන්
- මහින්දට චීනෙන් දුන්න චෙක්පත් අංක තාමත් කොට්ටේ අස්සෙ ගහන් නිදාගන්නවන්
- අර්ජුන් මහේන්ද්‍රන්ගෙන්ම පටන් ගමු කියපු උන්ම දැන් ඒකව ගේන්න බෑ කියනවන්
- වැරදි විදියට නිදහස් කලා කියපු එකාව තවමත් එලියේ තියලා බන්ධනාගාර කොමසාරිස් හිරේ දානවනන්
- දේශපාලන පත්වීම් නෑ කියපු උන්ම, කොලේ වහලා දේශපාලන පත්වීම් දෙනවනන්
- බදු ගහන්නේ හොරු රකින්න කියපු උන්ම අසීමාන්තිකව බදුම ගහනවනන්
- IT Industries ආරක්ෂා කරනවා කියලා අපු උන්ම ඒකටත් 18% ක VAT එක ගහනවනන්
- යම් විශේෂත භාණ්ඩ හා සේවා මත VAT ගහන්නේ නෑ තියෙන VAT එකත් අයින් කරනවා කියලා ආපු උන්ම ඒ හැම එකටම හතර අතේ බදු ගහනවනන්
- මහන්සි වෙලා හම්බකරන මිනිහව ආරක්ෂා කරනවා කියලා ආපු උන්ම උන්ගෙන් බදු ගහලා නිකන් ඉන්න මිනිහට සහනාධාර දෙනවනන්
මුන්ට මේක කරන්න බෑ කියලා දැන් වත් පිලිගනිල්ලා.
මුන්ට කිසිම දැක්මක් නෑ මුන්ට ඕනේ හැම ඒකාවම දුප්පත් කරලා අස්වැසුම දෙන්න.
මුන් කැමති නෑ මිනිස්සු හම්බ කරගෙන ආතල් එකේ ඉන්නවාට
මුන්ට ඕනේ අපි හැමෝම හිල් ජොක්කු ඇදගෙන උන් වගේ හිගාකනවට.
අඩුම ගානේ තේ කඩයක්වත් කරපු නැති උන් කොහොමද කියන්න රට හදන්
නේ ?
Dihara De Silva