ආකර්ෂණයේ නීතිය ඔබේ ජීවිතයට

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    ආකර්ෂණයේ නීතිය ඔබේ ජීවිතයටත් ඇතුළු කර ගැනීමට උපදෙස් කිහිපයක් 🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

    1. පළමුව ඔබේ මනස සැහැල්ලු කරන්න. ඔබට අවශ්‍ය දේ ඔබේ මනසට කාවද්දවා ගැනීමට නිරවුල් මනසක් අත්‍යාවශ්‍ය යි. බොහෝ සාර්ථක පද්ගලයින් භාවනා කිරීමටත්, යෝග ව්‍යායාම වලටත් යොමුවීමටත් මෙය ප්‍රධාන හේතුවක්. ඔබේ මනස අවුල් කරන දෑ වලින් හැකිතාක් ඈත් වන්න.

    2. ඔබට අවශ්‍ය දේ කුමක්ද යන්න හැරියටම තේරුම් ගන්න. ඒ පිළිබඳව ඔබට සැක තියෙන්න බැහැ. ඔබේ මනසේ සිතුවිලි වලින් විශ්වයට ඔබ පණිවිඩයක් යවන බව තේරුම් ගන්න. විශ්වය ප්‍රතිචාර දක්වන්නේ ශක්තිමත් තරංග වලට පමණයි. ඔබට අවශ්‍ය දේ පිළිබඳ ඔබටත් විශ්වාසයක් නැතිනම් එවැනි දුර්වල තරංග වලට විශ්වය ප්‍රතිචාර දක්වන්නේ නැහැ.

    3. ආකාර්ෂණය වීමේ නීතිය පිළිබඳව සම්පූර්ණ විශ්වාසය තබන්න. ඔබට අවශ්‍ය යැයි ඔබ ධාරණය කරගත් දෑ විශ්වය ඔබ වෙත ලබා දෙන ඔබට විශ්වාස කරන්න.

    4. ඔබට අවශ්‍ය දෙය ඔබට ලැබී ඇති ආකාරය නිතර මනසින් දක්න්න. ඔබට අවශ්‍ය කෝටිපති ව්‍යාපාරිකයෙකු වීමට නම් ඔභ එතැනට ලඟා වී ඇති අයුරු සිතේ මවා ගන්න. විශාල කාර්යාලයක ඔබ යටතේ ඇති විශාල සේවක පිරිසක් පාලනය කරන අයුරු හිතේ මවා ගන්න. එම සතුට විඳින්න. සතුට විඳින සෑම විටම එය ලබා දෙන මෙන් විශ්වයට සිතුවිලි වලින් බල කරන්න.

    5. ඔබට ජීවිතයේ ලැබී තිබෙන දෑ කොලයක ලියන්න. ඒ පිළිබඳව අවංකවම සතුටු වෙන්න. තමාට ලබා ගැනීමට අවශ්‍ය දේ සහ ඒ සඳහා යොමුවන ආකාරයද නිතර නිතර කොළයක ලියන්න. ඔබ විශ්වාස කරන දෑ විශ්වය විසින් ඔබට ලබා දෙන බවට ඇති විශ්වාසය වෙනුවෙන් ස්තුති කරන්න. තමන් දිනෙන් දින ක්‍රමයෙන් ඇරමුණු වලට ලඟා වන අයුරුතම ශරීරයට ජීවයක් කරගන්න.

    6. ඔබට ලඟාවන හොඳ හෝ නරක සියළු අත්දැකීම් වලට හේතුව ඔබේ සිතුවිලියි. නිතරම ලෙඩ රෝග ගැන කතා කරන අයට නිතරම ලෙඩ රෝග හැදෙනවා. නිතරම සතුට සහ සෞභාගග්‍ය පිළිබඳ කතා කරන අයට නිතරම සතුටුදායක සැපවත් දේවල් සිදුවනවා. ඔබ ඔබේ මනසින් සිතන සෑම දෙයකටම ඔබ මනසින් ආරාධනා කරනවා. ඔබ සිතන දේ හොඳ වුනත් නරක වුනත් ඔබ ඒ පිළිබඳ සිතනවා යනු ඔභ ඒවාට ඔබේ ජීවිතයට ආරාධනා කර අවසන්. සිතුවිලි වල ප්‍රභලතාවය වැඩිවන තරමට ආරාධනයේ ප්‍රභලතාවය වැඩි වනවා. මේ නිසා නරක දේවල් හිතන්න පෙර ප්‍රවේසම් වන්න.

    7. ඔබට ලබා ගැනීමට අවශ්‍ය කුමක්ද යන්න පිළිබඳව වැඩිපුර හිතන්න එපා. ඔබේ හැඟීම් සහ ඔබට දැනෙන දේ පමණක් විශ්වාස කරන්න. එය ලබා ගැනීමට ඇති ආශාව සහ අවශ්‍යතාවය වැඩිවන තරමට ඒවා ඉක්මනින් ඔබ කරා පැමිණෙනවා. වර්තමානයේ ඔබේ තත්වය සම්පූර්ණයෙන්ම අමතක කරන්න. ඔබ ලබා ගැනීමට බලාපොරොත්තු වන අත්දැකීම ඒ ආකාරයෙන්ම මනසින් විඳින්න. ඔලිම්පික් පිහිණුම් ශූර “මයිකල් පෙලිප්ස්” පැවසූ දෙයක් තමයි ඔහු කුඩා කල පිහිණුම් පුහුණුවන අවධියේ සෑම රාත්‍රියකම නින්ද යන තෙක්ම ඔහු ඔලිම්පික් තරඟ ජයග්‍රහණය කර රන් පදක්කම් ලබා ගන්නා අයුරු මනසින් මවා ගත් බවයි.

    8. ආකාර්ෂණයේ නීතියේ බලය වැඩි කර ගැනීම සඳහා දිනකට විනාඩි 15 ක පමණ වේලාවක් ඒ සඳහාම වෙන් කරන්න. එම කාලය තුළ ඔබේ අරමුණු සිහින ගැන පමණක්ම සිතමින් විශ්වයට ඒවා ලබා දෙන ලෙස බල කරන්න. මෙය Powerful Thinking Time ලෙස හැඳින්වෙයි.

    9. කනගාටුවීමට සිදුවන අවස්ථා සියල්ල මග හරින්න. විශේෂයෙන්ම අනුන්ගේ ප්‍රශ්ණ තමන්ගේ ඔළුවට ගන්න එපා. හත කලකිරවන ගීත, නාට්‍ය, චිත්‍රපටි මග හරින්න. ඍණාත්මක මිත්‍රයින්ගෙන් ඈත් වන්න. ඔබ කනගාටුදායික සිතුවිලි මවන තරමට තව තවත් ඒවා ඔබට ආකර්ෂණය වන බව මතක තබා ගන්න. සාර්ථක වීමට උවමනාව ඇති අය පමණක් ආශ්‍රය කරන්න.

    10. ඔබේ සාර්ථකත්වයේ සිහින ඔබේ මාර්ග උපදේශකයා කර ගන්න. ඕනෑම සිහිනයක් සාර්ථක කර ගත හැක්කේ කැපවීමෙන් බව මෙනෙහි කරන්න. නරක පුරුදු අත්හැර උදෑසන අවදි වීම, ඔබේ දෛනික , මානසික සැලැස්මට අනුව කාර්යක්ෂමව උන්නදුවෙන් වැඩ කිරීමට පුරුදු වන්න. සත්‍ය නම් ඔබට යමක් අවංකවම අවශ්‍ය නම් ඔබ තුල එය ලබා ගැනීමට කිසිදු කම්මැලිකමක් ඇති වන්නේ නැහැ. ඔබ තුල තවමත් කම්මැලිකමක් තිබේනම් ඉන් කියවෙන්නේ ඔබ තවමත් ඔබට අවශ්‍ය දේ අවංකවම විශ්වාස කරන්නේ නැහැ කියන එකයි. අවංකවම තමාට අවශ්‍ය දෙය විශ්වාස කරන අය තුල කම්මැලි කම දකින්න ලැබෙන්නේ නැහැ.

    ලෝකයේ ධනය සහ අනිකුත් සියළු සැප සම්පත් වලින් 96% ක් පමණ බෙදී ගොස් ඇත්තේ 01% තරම් සුළු පිරිසක් අතරයි. අනිත් 99% දෙනාම බාවිතා කරන්නේ ලොව ධනයෙන් සහ සැප සම්පත් වලින් 4%ක් පමණයි. මේ නිසා ලොව දුප්පත් හෝ රෝගී පුද්ගලයින් මෙම ලෝකය අසාධාරණ තැනක් ලෙස ලැතවෙනවා.

    ඔවුන් පවසන එක දෙයක් නිවැරදියි. එනම් ලොව සම්පත් බෙදී යන්නේ ඉතාමත් අසාධරණ ක්‍රමයකට යන වග. ඔවුන් නොදන්නා දෙය නම් සම්පත් එලෙස අසාධාරණ ලෙස බෙදී යන්නේ ආකාර්ෂණයේ නීතිය විශ්වාස කරන අය වෙත එම සම්පත් ඇදී යාම නිසා යන කාරණයයි.
    "ආකාර්ෂණය වීමේ නීතිය" යන රහස ඔබට ධනය, සතුට, නිරෝගී බව ඇතුළු සියළු දේ ලබා දෙනවා. ඔබට උවමනා දේ කරන්න ලබා ගන්න හා යමෙක් වෙන්නට හැකියාව ලැබෙනවා. ඔබට අවශ්‍ය දේ ලඟා කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඔබට අවශ්‍ය දේ කෙතරම් විශාලද යන්න එයට වැදගත් නැහැ. ඔබට අවශ්‍ය මොන වගේ නිවසක්ද? ඔබට කෝටිපතියෙකු වන්න අවශ්‍යද? ඔබට සාර්ථක වන්න අවශ්‍යද? මේ සෑම දෙයක්ම ඔබට ඒවා ලබාගැනීමට ඇති ආසාවේ ප්‍රබලතාවය නිසාම ඔබ වෙත ආකර්ෂණය වෙනවා.

    ඔබ තුළ ඇති වන මෙම තදබල ආශාව හරියටම ප්‍රබල කාන්දමක් වගේ. ඔබට අවශ්‍ය දෙය කුමක් වුවත්, කෙතරම් විශාල වුවත් ඔබව ප්‍රතික්ෂේප කිරීමට හැකියාවක් නැහැ. ඒවා ඔබ වෙත ඇදී එන්නේ ඔබව පුදුමයට පත් කරවමින්.
    සඳ මත මිනිසකු ගොඩ බැස්සවීම සඳහා උපකාරී වූයේත් ඒ පිළිබඳ විශ්වාස කළ පුද්ගලයින් නිසයි. ඔබ විශ්වාස කරනවානම් ඔබට තරු අතරට වුවත් ගමන් කළ හැකියි. මෙලොව සිදුවී ඇති සියල්ලටම රහස මෙම ආකාර්ෂණයේ නීතියයි. අද වෙන දේත්, වෙන්න තියෙන සියළු දේත් මෙම නීතියට අනුව සිදු වේවි.
    ඔබේ ජීවිතයේ ඔබට වෙන සියළු දේත් ඔබ ආකර්ෂණය කර ඇති දේවල්, සියළු දේ පළමුව ඔබේ මනස තුළ ගොඩනැගෙනවා. ඔබට අවශ්‍ය ඔබ සිතන දෑ සියල්ල මනසින් දකින්න. ඔබේ මනසින් ඔබ විශ්වාසයෙන් දකින දෑ සියල්ල ඔබ ආකර්ෂණය කර ගන්නවා. ලොව සාර්ථක වී ඇති සියළු දෙනා මෙම රහස ඉතා හොඳින් දන්නවා.
    ඔබ නොදැන සිටියාට විශ්ව බලයෙන් ලෙඩ සුව කරන ව්‍යාපාර සාර්ථක වීම ගුරුකම් කරන ස්ථාන වල අය මේ රහස පිළිබඳව හොඳින් දන්නවා. ලෙඩ රෝග සුව කර ගැනීමට, ව්‍යාපාර දියුණු කර ගැනීමට ඔවුන් වෙත පැමිණෙන සියළු දෙනා තුලම මේ පුද්ගලයින් ඇති කරන්නේ විශ්වාසයයි.
    ලෙඩ රෝග වැළඳී ඇති අයට ඔවුන් පවසන වතාවත් වලට අනුව ජීවත් වෙයි නම් එම රෝග සුව වන බවට විශ්වාස ඇති කරවනවා. ව්‍යාපාර සාර්ථක වීම අවශ්‍ය අයගේ හිස මත දෙහි ගෙඩියක් තබා දෙහි කපා දෙහි පාගා ඇති කරවන්නේ එම විශ්වාසයයි. තම අරමුණු පිළිබඳව විශ්වාසයක් නොමැතිව එවැනි ස්ථාන වෙත යන පුද්ගලයින් ඉන් නික්ම යන්නේ දැන් තමාට අවශ්‍ය දේ ඉහත පුද්ගලයා විසින් ලබා දෙන බවට පුදුමාකාර විශ්වාසයකිනි.
    එම විශ්වාසය නිසාම එම පුද්ගලයින් බොහෝ දෙනා තම අරමුණු කරා ලඟා වෙනවා. මේ නිසා තමයි සෑම කපුමහතෙක්ම “මහත්තයා මම හරි දෙයියො හරි විශ්වාස කරනවා නම් විතරයි ඉතින් හරි යන්නේ – විශ්වාස නැතුව මේවා කරාට නම් වැඩක් වෙන්නේ නෑ.” කියලා පවසන්නේ. එක අතකින් එවැනි කපු මහතුන් සමාජයට සේවයක්ද කරනවා. මොකද තමා තුල තනිවම විශ්වාසය ගොඩ නගා ගත නොහැකි දුර්වල උදවියට එම විශ්වාසය ගොඩනගා ගැනීමට දායක වීමෙන්. එම කපු මහතුන් ඔබව රවටා හෝ “ආකර්ෂණයේ නීතිය” ඔබට වක්‍රාකාරව කියා දෙනවා.

    මේ නිසා ඔබ තුළ කුමන ආගමික, දේව විශ්වාස තිබුණත් ඒවා ආකර්ෂණයේ නීතියට ගැටළුවක් වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ කෙසේ හෝ ඔබට අවශ්‍ය දේ පිළිබඳව 100% ක්ම විශ්වාසය තැබීම පමණයි. එවැනි අයට කෝටිපතියෙක් වීම, ලෙඩ රෝග වලින් ආරක්ෂා වීම වැනි දෑ ඉතාමත් පහසුයි. හොඳින් මතක තියා ගන්න. විශ්වාසය 99.9% ක් ප්‍රමාණවත් නැහැ. 100% ක් විශ්වාස ඇති අයට පමණයි විශ්වය ප්‍රතිචාර දක්වන්නේ.

    ලෝක ප්‍රකට “The Secret” කෘතිය ඇසුරෙන්.

    -චන්දිම හේරත්🍀
    විශේශ ස්තුතිය ගීක් මල්ලී බ්ලොක් ට්‍රයි 🍀

    Repost ද දන්නෑ..ෆ්බී එකෙන් ගත්තේ..repost නම් සමාවන්න
     

    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    මට ඕකේ ඇත්තටම අත්දැකීම් තියෙනවා.මොකද මම කරපු හැමදේම වගේ දැනට හරිගිහින් තියෙනවා. මම ඕක සෑහෙන්න කලා.ඒත් මම වැඩ නොකර හිටියේ නම් නෑ .අපි අපේ ටාර්ගට් එකට යන්න නම් වැඩ කරන්න ඔනේ.එතකොට තමයි ඕක උදව්වක් වෙන්නේ.දැන් ඕකත් ඩ්‍රොප්ශිපින්ග් වගේ උගන්නලා ගොඩ යන්නේ කට්ටිය
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    ආකර්ශන නීතිය අනුගමනය කරන එකාට වඩා උගන්නන එකා තමයි ගොඩ යන්නෙ.දියුනු වෙන්න නම් තමන්ගෙ කැපවීම තියෙන්න ඕනා
    අනිවා..ඔනම දෙයකට කැපවීම තියෙන්න ඔනා

    උබේ ඩිවෝස් උනා කිව්වා නේද? ඒ කාලේ දන්නේ නැද්ද මේ අකර්ශනයේ නීතිය ගැන
    වැරදී තීරන ගන්නවා තමා බං ජීවිතේ..වැදගත් දේ ඒවා හදාගෙන ඉස්සරහට යන එක...
    ------ Post added on Jun 14, 2021 at 10:56 PM
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අනිවා..ඔනම දෙයකට කැපවීම තියෙන්න ඔනා


    වැරදී තීරන ගන්නවා තමා බං ජීවිතේ..වැදගත් දේ ඒවා හදාගෙන ඉස්සරහට යන එක...
    ------ Post added on Jun 14, 2021 at 10:56 PM
    දැන් එතකොට වැරදි හදාගෙන ආයේ කසාද බැඳලා නේද ඉන්නේ
     
    • Like
    Reactions: jeewan tk

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    එහෙනම් එච්චරයිනේ බං.
    විඳෝ විඳෝ නොයිද නොගැලපෙන බව අවබෝද කරගෙන වෙන්වෙන එකම ලොකු දෙයක්නේ
    Engagement එක විතරයි අරගෙන තිබ්බේ බං..ඒ කාලේ ඔලුව පිස්සන් කොටුවක් වගේ වෙලා තිබ්බේ..ඒකෙන් ගැල උනාට පස්සේනම් මාර නිදහසක් දැනුනා..ඒ කාලේ එලකිරි එකේ තමා දුක් කියුවේ..දැන්නම් ඒ කාලේ මතක් කරන්නවත් කැමතී නෑ මම.කෙන්ක්ට වෙන්න පුලුවන් නරකම දෙයක් තමා ඩිවෝස් වෙනවා කියන එක.ජීවිතේ ඉස්සරහට අඩියක් තියන්න තව කෙනෙක් එක්කරගන්නේ කොචර බලා පොරොත්තු තියාගෙනද..ඒ කෙනා වැරදි කෙනෙක් උනොත් මුලු ජීවිතේම ඉවරයි.යලුවෝ හිනා වෙයි,නෑ දෑයෝ හිනා වෙයි,ගමේ මිනිස්සු හිනා වෙයි,ඔෆිස් එකේ කට්ටිය හිනා වෙයි කියලා දේවල් ඔලුවට ආවත් මට ඒ හැම දේටම වඩා ඔන උනේ එයාගෙන් නිදහස් වෙන්න.මිනිස්සු කොහමත් බං හිනා වෙන්නන බලන් ඉන්නේ..මානසික නිදහස වටිනවා බං හැම දේටම වඩා..මම ඩිවෝස් වෙද්දි හිනා උනු හැමෝටම අද මම හොදවිදිහට උත්තර දීලා තියෙනවා.සතුටු වෙන්න පුලුවන් තැනක අද මම ඉන්නවා..😍
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Engagement එක විතරයි අරගෙන තිබ්බේ බං..ඒ කාලේ ඔලුව පිස්සන් කොටුවක් වගේ වෙලා තිබ්බේ..ඒකෙන් ගැල උනාට පස්සේනම් මාර නිදහසක් දැනුනා..ඒ කාලේ එලකිරි එකේ තමා දුක් කියුවේ..දැන්නම් ඒ කාලේ මතක් කරන්නවත් කැමතී නෑ මම.කෙන්ක්ට වෙන්න පුලුවන් නරකම දෙයක් තමා ඩිවෝස් වෙනවා කියන එක.ජීවිතේ ඉස්සරහට අඩියක් තියන්න තව කෙනෙක් එක්කරගන්නේ කොචර බලා පොරොත්තු තියාගෙනද..ඒ කෙනා වැරදි කෙනෙක් උනොත් මුලු ජීවිතේම ඉවරයි.යලුවෝ හිනා වෙයි,නෑ දෑයෝ හිනා වෙයි,ගමේ මිනිස්සු හිනා වෙයි,ඔෆිස් එකේ කට්ටිය හිනා වෙයි කියලා දේවල් ඔලුවට ආවත් මට ඒ හැම දේටම වඩා ඔන උනේ එයාගෙන් නිදහස් වෙන්න.මිනිස්සු කොහමත් බං හිනා වෙන්නන බලන් ඉන්නේ..මානසික නිදහස වටිනවා බං හැම දේටම වඩා..මම ඩිවෝස් වෙද්දි හිනා උනු හැමෝටම අද මම හොදවිදිහට උත්තර දීලා තියෙනවා.සතුටු වෙන්න පුලුවන් තැනක අද මම ඉන්නවා..😍
    වටේ පිටේ මිනිස්සු පිනවන්න අපි ජීවත් වෙලා වැඩක් නෑ බං. අපි ජීවත් වෙන්න ඕනේ අපේ comfort zone එකේ. ඒ උනාට දවසකට ඩිවෝස් ලංකාවේ 1000ක් වගේ අලුතින් ෆයිල් වෙනවලු බං.
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    වටේ පිටේ මිනිස්සු පිනවන්න අපි ජීවත් වෙලා වැඩක් නෑ බං. අපි ජීවත් වෙන්න ඕනේ අපේ comfort zone එකේ. ඒ උනාට දවසකට ඩිවෝස් ලංකාවේ 1000ක් වගේ අලුතින් ෆයිල් වෙනවලු බං.
    වෙන්න ඇති බං.නඩු දවසේ කපල් කීයක් එනවද බං.සමහර අය හෙන පොඩී..AL OL කරන වයස වගේ.මම ඒ කෙල්ලව දැන අදුනගෙන මාස 6යි හොදට හිටියේ..ඩිවෝස් එක ගන්න අවුරුදු එක හමාරක් ගියා.ඒක හෙනම කරුමයක් බං.සිය සැරයක් හිතලා ගන්න ඔනා තීරනයක් කසාදයක් කියන එකනම්.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    වෙන්න ඇති බං.නඩු දවසේ කපල් කීයක් එනවද බං.සමහර අය හෙන පොඩී..AL OL කරන වයස වගේ.මම ඒ කෙල්ලව දැන අදුනගෙන මාස 6යි හොදට හිටියේ..ඩිවෝස් එක ගන්න අවුරුදු එක හමාරක් ගියා.ඒක හෙනම කරුමයක් බං.සිය සැරයක් හිතලා ගන්න ඔනා තීරනයක් කසාදයක් කියන එකනම්.
    ජිවිතේ දුකයි ජීවං
     
    • Like
    Reactions: jeewan tk

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    වෙන්න ඇති බං.නඩු දවසේ කපල් කීයක් එනවද බං.සමහර අය හෙන පොඩී..AL OL කරන වයස වගේ.මම ඒ කෙල්ලව දැන අදුනගෙන මාස 6යි හොදට හිටියේ..ඩිවෝස් එක ගන්න අවුරුදු එක හමාරක් ගියා.ඒක හෙනම කරුමයක් බං.සිය සැරයක් හිතලා ගන්න ඔනා තීරනයක් කසාදයක් කියන එකනම්.
    හ්ම්ම්ම්ම්
     
    • Like
    Reactions: jeewan tk

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    විශේෂයෙන්ම අනුන්ගේ ප්‍රශ්ණ තමන්ගේ ඔළුවට ගන්න එපා. හත කලකිරවන ගීත, නාට්‍ය, චිත්‍රපටි මග හරින්න. ඍණාත්මක මිත්‍රයින්ගෙන් ඈත් වන්න
    මෙහෙම බැලුවොත් එලකිරියට එන්න වෙන්නෙත් නෑ :dull:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    oka boruwak, man thread sahwenna dala tynwa issara
    ketiyen kiwoth oken minissu nthamanta heena lokawala atharaman wenawa thamanta e deya lagakaragnna bari unath, yatharthaya prathikshepa karanbawa, passe dpression
     
    • Like
    Reactions: jeewan tk

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,295
    67,650
    113
    Labena heti nan danne ne.but mage podi kale idan scene ekak tiyenawa mata minissu salakana widiya mentaly change karanna puluwan.e kiyanne mata mage aura eka change karanna puluwan wage scene ekak.mawa dekka gaman katahari mawa epama karawanna or mata patta like wenna wenas karanna puluwan.
     
    • Like
    Reactions: jeewan tk