ගොඩ දවසකට පස්සේ නිවාඩුවක් දාල ගෙදර ආවේ.මල ගෙදර යන්න බැරි උන නිසා බන ගෙදරටවත් යනවා හිතාගෙන,දුරින් නෑදෑ වෙන නෑදෑයෙක්ගේ බන ගෙදරකට යන්න..යන ගමන් කුරුවිට බස් ස්ටෑන්ඩ් එකට ගියාම ඇදලා තිබ්බ සුපිරි චිත්‍ර ටික ගැන කියන්න නන් වචන නෑ...ඒ වැඩ කාරයන්ට තමන්ගේ හැකියාවන් වලට හරි වටිනාකමක් දෙන්න බැරි එක නන් රටේම ශාපයක්...ඒ අස්සෙම චූ බරක් හැදිලා පොදු වැසිකිලියට ගියා.ස්ටෑන්ඩ් එක ගාව ඉන්දලා 50m ක් වත් නෑ පොදු වැසිකිලියට....වෙලාව හවස 6.15ට විතර වගේ..කාන්තා වැසිකිලිය වහලා දාලා කියලා දැක්කේ ලයිට් ඕෆ් කරලා තිබ්බ එකෙන්.සමහර විට ලයිට් පිච්චිලා වෙන්න ඇති.( එයාලට අවශ්‍යතා ඇති වෙන්න නැතුව ඇතිනේ).පිරිමි එකට යන්න ගාස්තුව රුපියල් 10ක් ගත්තේ තනියම නැකිටගන්නවත් වාරු නැත් ආච්චි කෙනෙක්....පැත්තක්ම වහලා දාලා ඒවගේ තිබ්බ උපාංග ගලවලාම දාලා...ඒ පැත්තටම යන්න බැරි වෙන්න වහලා දාලා.රුපියල් 10 ගත්ත ආච්චිම කිව්වා කෙලවරේ එකට යන්න ඒකේ විතරයි වතුර එන්නේ කියලා...ඒකෙත් දොර කැඩිලා ඇතුල් පැත්තෙන් තඩි ගලක් තියලා තිබ්බේ ලොක් එක වැඩ නැති නිසා වෙන්න ඇති....කොහොමත් කොලඹ නඩත්තු වෙන වැසිකිලියක උනත් ඇතුලේ ගං වතුර ගලලා තියෙන නිසා ඒක ගැන කියලා වැඩක් නෑ....කොහොමත් අර ආච්චිට වැසිකිලිය පිරිසිදු කරන්න තියා තමන්ගේ වැඩ ටිකවත් තනියම කරගන්න බෑ....වැසිකිලිය ඇතුලත් තත්වයයි අවීචි මහා නරකාදියෙයි වෙනස යම රජ්ජුරුවෝ නැති එක විතරයි.....චිත්‍ර අදින්න පටන් ගත්ත එක හොද ආකල්පමය වෙනසක් උනාට තව ආකල්ප අතින් අපි ගොඩාක් වෙනස් වෙන්න ඕනි කියලා හිතුන නිසයි දැම්මේ.....හැමෝඅ පේන්න තියෙන චිත්‍රයකට වඩා මිනිස්සු ආකල්ප අතින් කොච්චර දියුණුද කියලා බලන්න හොද තැනක් තමයි තනියම ජීවත් වෙන වෙලාව.කවුරුත් පර්ෆියුම් චූ කරන්නෙත් නෑ එයාර් ෆ්‍රෙශ්නර් කක්කා කරන්නෙත් නෑ...තමන්ගේ ජරාව තමන්ට අප්ප්‍රසන්නයි නන් ඊට වඩා 100 ගුණයකින් අනිකට අප්‍රසන්නයි කියලා තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනි....තමන් තනියම ඉන්නකොට හිතට එන හැගීම් තමයි ඕවා කඩලා දාන්න හිතේන්නේ...තමටම ආයේ ඔවා ඕනි වෙනවා කියලා හිතන්නේ නෑ....හිතේ අස්සේ හිර කරගෙන අනිත් අයට හොරෙන් හංගන් ඉන්න ඒවා තමා එලියට පැනලා බිත්තිවල ලියවෙන්නේ කුණුහර්ප විදිහට..
Last edited:
