බීමතින් බස් රථයක් ධාවනය කළ පෞද්ගලික බස් රථ රියදුරෙකුගේ රියදුරු බලපත්රය ජීවිතාන්තය දක්වා අත්හිටුවා තිබේ.
ඒ, අදාළ රියදුරු කළුතර මහේස්ත්රාත්
අයේෂා අබ්දීන් මහත්මිය හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
අද පෙරවරුවේ කොළඹ සිට මාතර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් කළුතර, කටුකුරුන්ද ප්රදේශයේදී පරික්ෂාවට ලක් කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ එම බස් රථ රියදුරා බීමත්ව රිය පදවා ඇති බව ය.
ඒ අනුව සැකකාර පෞද්ගලික බස් රථ රියදුරා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
එහිදී අදාළ පුද්ගලයාගේ රියදුරු බලපත්රය ජීවිතාන්තය දක්වා අහෝසි කළ අතර රුපියල් 7500 ක දඩයක් ද නියම කළේය.
http://www.elakiri.com/forum/showthread.php?t=1583311