ආකාශයේ විජයග්‍රහණය

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ආකාශයේ විජයග්‍රහණය

    dbwXCCb.jpg

    රුසියානු හමුදාව එස්-300 සහ එස්-400 "ට්‍රියමෙෆ්" ගොඩබිම්-ගුවන් මිසයිල පද්ධති සිරියාවේ පිහිටුවීම ඔස්සේ එහි සිටින රුසියානු සෙබලුන් ඇතුලු රුසියානු යුදෝපකරණ වලට ගොඩබිමෙන් සහ මුහුදෙන් එල්ල විය හැකි ගුවන් ප්‍රහාරවලින් ආරක්ෂාව සලසා දිය හැකි බව සිරියාවේ සිටින රුසියානු හමුදා කණ්ඩායමේ අණදෙන්නා වන කර්නල් ජෙනරල් ඇන්ඩ්‍රෙයි කර්ටාපොලොව් පසුගිය සිකුරාදා දිනයේදී ප්‍රකාශ කරන ලදි.ඊට අමතර සිරියානු වෙරළාශ්‍රිතව බැස්ටියන් නම් විශේෂිත වෙරළාශ්‍රිත මිසයිල ආරක්ෂණ පද්ධතිය ස්ථානගත කර තිබේ.

    රුසියාව එස්-400 මිසයිල පද්ධතිය සිරියාවේ තම ගුවන් කඳවුරේ ආරක්ෂාවට යෙදවූයේ 2015 වර්ෂයේ නොවැම්බර් මස 24 දා තුර්කියේ එෆ්-16 ප්‍රහාරක යානයක් විසින් රුසියානු සුකොයි-24 ෆෙන්සර් යානයක් බිම හෙළීමෙන් පසුවයි.

    ටාර්ටස් වරායේ රුසියානු නාවුක පහසුකම් සහ සිරියානු මුහුදේ තිබෙන රුසියානු නෞකාවල ආරක්ෂාව උදෙසා 2016 ඔක්තෝම්බර් මාසයේදී එස්-300 ගුවන් ආරක්ෂණ පද්ධති සිරියාවට යැවූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කලේය.

    qPB9vJE.jpg
    S-300 VM Antei-2500 ගුවන් ආරක්ෂණ පද්ධතිය​

    අණදෙන නිලධාරියා සිරියාවේ රුසියානු නාවුක කණ්ඩායම අමතමින් කියා සිටියේ සියලුම ආකාරවල ආරක්ෂක සහ ඒකාබද්ධ-හමුදා කණ්ඩායම් අද්මිරාල් කුෂ්නෙට්ෂොව් නෞකාවේ සිට සහ ලැටාකියා හි හ්මයිමෙම් ගුවන් කඳවුරේ සිට අතිදක්ෂ ලෙස ගුවන් යානා භාවිතා කල බවයි.


    2017 ජනවාරි 6 වනදා රුසියානු හමුදාව ප්‍රකාශ කලේ සිරියාවෙන් රුසියානු හමුදා අඩු කිරීම එදින පටන් ඇරඹෙන බවයි.එය තහවුරු කරමින් අද්මිරාල් කුෂ්නෙට්සොව් නෞකාව ඇතුලු නෞකා ඇණිය පසුගිය සිකුරාදා දිනයේදී සිරියාවෙන් පිටත්ව ගියහ.අණදෙන නිලධාරී කාර්ටපොලොව් කියා සිටියේ අද්මිරාල් කුෂ්නෙට්සොව් ඇතුලු රුසියානු උතුරුදිග නාවුක ඇණිය විසින් මාස දෙකක් තුල සිදුකල ගුවන් ප්‍රහාරවලින් ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක 1,252ක් විනාශ වී තිබේ.රුසියාව සිරියාවේ යුද මෙහෙයුම් දියත් කරන්නේ ජනපති බෂාර් අල් අෂාඩ්ගේ ඉල්ලීකමට අනුව 2015 සැප්තැම්බර් මස 30 පටන්ය.

    02lvTqP.jpg
    S-400 ගුවන් ආරක්ෂණ පද්ධතිය​

    පසුගිය වසරේ ඔත්තෝම්බර් මාසයේ දෙවන සතියේ මුලදී ප්‍රථම වරට ඇමෙරිකානු ගුවන් හමුදාව යේමනයේ හවුති සටන්කාමීන්ට එරෙහිව සෘජු ගුවන් ප්‍රහාරයක් එල්ල කරන ලදි.සෞදි අරාබිය විසින් යේමනය ආක්‍රමණය කිරීමෙන් පසුව ඉරානයේ සහාය ලබන හවුති සටන්කාමීන් සෞදි හමුදා සමග ගැටුණි.මෙම යුද්ධයට ඇමෙරිකාවේද සහාය වක්‍රාකාරව ලැබුණි.ඇමෙරිකාව මෙලෙස ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් වෙනත් රටවල අභ්‍යන්තර ගැටුම් වලට මැදිහත්වීම අද ඊයේ සිදුවන්නක් නොවේ.නමුත් එවැනි ගැටුම්වලදී යැංකින්ගේ ප්‍රබලම අවිය ඔවුන්ගේ ගුවන් හමුදාවයි.ලිබියාවේ නායක මුහම්මඩ් ගඩාෆි බලයෙන් පහකිරීමට යොදාගත්තේද මෙම ගුවන් හමුදාවේ ශක්තියයි.

    නමුත් ලිබියාවේ සිය මිතුරන්ට උදව් කලාක් මෙන්,යේමනයේ සිටින සෞදි හමුදාවට උදව් කරනවාක් මෙන් සිරියාවේ සිටින කැරලිකරුවන්ට උදව් පිණිස අෂාඩ් රජයේ හමුදාවට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට නොහැකිව තිබෙන්නේ රුසියාවේ එස්-300 සහ එස්-400 ගුවන් ආරක්ෂක පද්ධති නිසාය.

    Icl90f3.png



    Source:sputniknews.com

    -HarshaLulzSec-
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    පට්ටයී නියමෙට කියලා තියනවා...... කොහෙද බන් මේ දවස් ටිකෙ හිටියේ පේන්න හිටියෙ නෑ නේ?