ආගන්තුක වස්තුවක් සෞරග්‍රහ මණ්ඩලය දෙසට

king85

Junior member
  • Sep 17, 2017
    94
    17
    18
    ආගන්තුක වස්තුවක් සෞරග්‍රහ මණ්ඩලය දෙසට

    ආගන්තුක ආකාශ වස්තුවක් තත්පරයකට කිලෝ මීටර 25ක වේගයෙන් සෞරග්‍රහ මණ්ඩලය වෙත පැමිණෙමින් තිබෙන බව නාසා ආයතනය පවසයි.

    හවායි දූපතේ ස්ථාපිත කර තිබෙන පෑන් ස්ටාර්ස් 1 දුරේක්ෂයෙන් ඔක්තෝබර් මස 19දා රාත්‍රී අහසේ ග්‍රහවස්තු නිරීක්ෂණය කරමින් සිටි හවායි විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා අධ්‍යයන අංශයේ පර්යේෂක රොබ් වෙයික් විසින් මෙම ආගන්තුක වස්තුව මුල්වරට නිරීක්ෂණය කර ඇත.

    ''මා මෙය නිරීක්ෂණය කළ අවස්ථාවේ දී ඒ බව යුරෝපා ආකාශ වස්තු මධ්‍යස්ථානයේ තාරකා විද්‍යාඥ මාර්කෝ මිචෙල්ට පැවසුවා. ඔහු කැනරිවල පිහිටුවා ඇති දුරේක්ෂයකින් මේ ආගන්තුක වස්තුව නිරීක්ෂණය කළා. ඔහුගේ මතය වූයේ ද මෙය සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් එන ආගන්තුක වස්තුවක් බවයි.‘‘ විශ්කම්භය මීටර 400ක් පමණ වන මෙම ආගන්තුක වස්තුව ක්ෂීරපථයේ වෙනත් ස්ථානයක සිට පැමිණෙන්නට ඇති බවත් එය තාරකා අතර ගමන් කරන වස්තුවක් විය හැකි බවත් ඔවුහු පවසති.

    නාසා ආයතනයේ ආසන්න ග්‍රහවස්තු අධ්‍යයන ඒකකයේ කළමනාකරු පෝල් චෝඩාර්ස් මහතා පවසන්නේ මෙවැනි ආගන්තුක වස්තුවක් නිරීක්ෂණය කිරීමට දශක ගණනාවක් තිස්සේ තාරකා විද්‍යාඥයින් අපේක්ෂාවෙන් සිටි බවයි. ඔහු වැඩිදුරටත් මෙසේ ද කියයි.

    "මෙවැනි ආගන්තුක වස්තු සෞරග්‍රහ මණ්ඩලයට පැමිණිය හැකි බව අපි දැනගෙන හිටියා. ඒ වගේම අපි බලාපොරොත්තුවෙන් සිටියා. නමුත් එවැනි වස්තුවක් පිළිබඳ අනාවරණය වූ පළමු අවස්ථාව මෙයයි. දැනට තිබෙන සියලුම දත්තවලට අනුව මෙය තාරකා අතර ගමන් කරන වල්ගාතරුවක් හෝ ග්‍රහකයක් විය හැකියි. නමුත් එය කුමක් ද යන්න නිවැරදිව හඳුනාගැනීමට තවත් දත්ත බොහොමයක් අවශ්‍ය වෙනවා. මෙවැනි වස්තුවක් අධ්‍යයනය කිරීමෙන් විශ්වයේ පැවැත්ම, ස්වභාවය හා බිහිවීම පිළිබද කරුණු රැසක් අනාවරණය කරගැනීමට අපිට හැකියාව ලැබෙනවා.“

    විද්‍යාඥයන් පවසන්නේ එය සෞරග්‍රහ මණ්ඩලයට ඉහළින් ලම්භක ගමන් මාර්ගයකින් පැමිණෙමින් තිබෙන බවයි. එහි ගමන් මාර්ගය බහුවලයික කක්ෂයක් ලෙස තාරකා විද්‍යාඥයන් හඳුන්වයි. මෙම ග්‍රහ වස්තුව හේතුවෙන් සෞරග්‍රහ මණ්ඩලයේ කිසිදු ග්‍රහලෝකයකට බලපෑමක් සිදු නොවන බවද ඔවුහු පවසති.

    2018 සැප්තැම්බර් 02දා බුද ග්‍රහයාගේ කක්ෂයට ඇතුලතින් සෞරග්‍රහ මණ්ඩලයේ පථය හරහා ගමන් කරනු ඇත. සැප්තැම්බර් 09 දා එය සූර්යයාට වඩාත් සමීප වන අතර සූර්යයාගේ ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් හැරී පෙගසස් නමැති තාරකා මණ්ඩලය වෙත ඉලක්කගත වී ගමන් කරනු ඇතැයි විද්‍යාඥයෝ දැනට විශ්වාස කරති.

    දැනටමත් ලොව පුරා තාරකා විද්‍යාඥයන් විසින් දුරේක්ෂ ගණනාවක් යොදා ගනිමින් මෙම වස්තුව පිළිබඳ අධ්‍යයන කටයුතු ආරම්භ කර ඇති අතර එය දැනට ඒ/2017යූ1 ලෙසින් නම් කර තිබේ. එය හඳුනාගත් පළමු අවස්ථාවේ ම වල්ගාතරුවක් විය හැකියැයි සිතා සී2017යූ1 ලෙස නම් කර පසුව එය වෙනස් කර තිබෙන්නේ ග්‍රහකයක් යැයි විශ්වාස කරමිනි. කේම්බ්‍රිජ් හි පිහිටා ඇති කුඩා ග්‍රහවස්තු සම්බන්ධ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මැතිව් හෝල්මන් පවසන්නේ මෙම ආගන්තුක වස්තුව අයිස්වලින් වැසී ඇති දෙයක් විය හැකි බවයි.

    කෙසේ වෙතත් මෙම ආගන්තුක වස්තුව සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවතට ගමන් කර අතුරුදන්වීමට පෙර මේ සම්බන්ධ හැකිතාක් පර්යේෂණ කර දත්ත රැස්කරගැනීමට ද විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.

    ආචාර්ය ආතර් සී.ක්ලාක් මහතා විසින් රචිත "Rendezvous with Rama" නමැති විද්‍යා ප්‍රබන්ධයේ මෙවැනි ග්‍රහ වස්තුවක් සම්බන්ධව විස්තර කර ඇත. ඒහි දැක්වෙන්නේ සෞරග්‍රහ මණ්ඩලයට ඈත වෙනත් ස්ථානයකින් පැමිණෙන විශාල ලෝහමය වස්තුවක් මතට මිනිසුන් සහිත යානයක් පතිත කිරීම සම්බන්ද කතාන්දරයකි.
     
    • Like
    Reactions: sameira

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආචාර්ය ආතර් සී.ක්ලාක් මහතා විසින් රචිත "Rendezvous with Rama" නමැති විද්‍යා ප්‍රබන්ධයේ මෙවැනි ග්‍රහ වස්තුවක් සම්බන්ධව විස්තර කර ඇත. ඒහි දැක්වෙන්නේ සෞරග්‍රහ මණ්ඩලයට ඈත වෙනත් ස්ථානයකින් පැමිණෙන විශාල ලෝහමය වස්තුවක් මතට මිනිසුන් සහිත යානයක් පතිත කිරීම සම්බන්ද කතාන්දරයකි.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    මතන් ඔ්ක ලගින් නවාගන්න බැරිවෙයිද
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    Comet-PanSTARRS.gif
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,879
    2,903
    113
    රජරට
    ෂුවර් එකටම ලංකාවෙන් බියර් කේස් එකක් අරන් යන්න එනව ඇති.
     

    Similar threads