ආගමික කල්ලියක් ක්‍රිකට් අල්ලේ නටවයි.. තරග පාවාදීමේ චෝදනාත්…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ආගමික කණ්ඩායමක මැදිහත්වීමක් තිබේදැයි සොයා බලන්නැයි පාර්ශව රැසක් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහගෙන් ඉල්ලීම් කර ඇත.

    ජාතික කණ්ඩායමේ සාමාජිකයෙකු වීම සඳහා ඇතැම් ආගමික කණ්ඩායම්වල සාමාජිකයෙකු වීම මූලික සුදුසුකමක් වන බවට දීර්ඝ කාලයක් තිස්සේ සමාජ මාධ්‍යයෙහි පළකර ඇති ලිපි ආදියත් ඒවායෙන් මතුකර ඇති තර්ක පදනම් කරගෙන මෙම ඉල්ලීම් බොහෝමයක් කෙරී ඇතැයි ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ කීය.

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට සිදුවන ශාරීරික ආබාධ ඇතුළුව තරගාවලි ප්‍රතිඵලය ගැන දිවැසිවරයෙකු ලෙසින් පෙනී සිටින ජෙරම් ප්‍රනාන්දු නමැත්තකු අනාවැකියක් පළ කිරීම ගැන ද අවධාරණ කෙරෙන මෙකී කරුණු අතර තිබෙන බව කියයි.

    විස්සයි – විස්ස ලෝක කුසලාන තරගාවලිය ආරම්භයේ ශ්‍රී ලංකා කණ්ඩායම තමන් සහභාගි වූ තරග හතරෙන් තුනක් ම ජයග්‍රහණය කර එක් තරගයක් පමණක් පරාජය වී සිටි අවස්ථාවේ ජෙරම් ප්‍රනාන්දු සිය බැතිමතුන් හමුවේ කර ඇති ප්‍රකාශ සැකයට තුඩු දෙන බව ද එහි දැක්වේ.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් පස්දෙනෙකු ශාරීරික ආබාධවලට ලක්වන බව පවසන ඔහු එහිදී වැඩිදුරටත් එයින් එක් ක්‍රීඩකයෙකු පන්දු යවන අවස්ථාවකදී පාදයේ ආබාධයකට ලක්වන ආකාරය ආංගික අභිනයෙන් පෙන්වා දෙයි.

    “මිරකල් ඩෝම්” නමැති ශාලාවකදී සිය බැතිමතුන් ඉදිරියේ පසුගිය ඔක්තෝබර් 23 වන දා ඔහු කළ මෙම දේශනය ඇතුළත් වීඩියෝව පසුව ඔහුගේ ම නිල ෆේස්බුක් පිටුවෙන් ප්‍රචාරය කර තිබෙන්නේ කල්තියාම ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියෙන් ඉවත්වන ආකාරය ගැන තමා අනාවැකි කී හැටි දක්වමිනි.

    ඊට අදාළ වීඩියෝවේ හඬ පටයේ සඳහන් වන්නේ මෙවැන්නකි.

    “පසුගිය සැප්තැම්බරයේ ආසියානු කුසලානය පිළිබඳ දිවැසි වාක්‍ය සම්පූර්ණ වීමත් සමග දිවැසි වාක්‍ය අදහන නොඅදහන බොහෝ දෙනා සිතුවේ විස්සයි – විස්ස ලෝක කුසලානය පිළිබඳ දෙවියන් වහන්සේගේ ප්‍රවේශය එබඳු ම එකක් කියා ය. ඒ අතර ප්‍රථම වටයේ තරග කීපයකින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ බැවින් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාව ගැන බලාපොරොත්තු තබාගෙන හිටියා.”

    එහෙත් මිරකල් ඩෝම් ප්‍රධාන ශාලාවේදී ඔක්තෝබර් 23 වන දින ලොව වටා මහාද්වීප හතක් වටා ජනයා චන්ද්‍රිකා මාර්ගයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඉරිදා දේව මෙහෙයේදී දෙවියන් වහන්සේ තමාට පෙන් වූ දේ ගැන ‘ප්‍රොපට් ජෙරම්’ ප්‍රකාශ කළේ මෙවැන්නක්.

    “මම ශ්‍රී ලංකාව දිනනවා කියලා කිව්වොත් නමුත් මම එහෙම කියන්නේ නෑ…”

    මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ තරග හතරෙන් තුනක් ජයගෙන එකක් පමණක් පරාජය වී තිබුණා. ඉන්පසු ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දීමට යන ප්‍රධාන ප්‍රශ්නයක් ගැනයි. ඒ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවිය සඳහන් කර තිබුණේ, ආබාධ දෙකක් ගැන පමණයි. (ඒ දුෂ්මන්ත චමීර හා ධනුෂ්ක ගුණතිලකයි.) එසේ නම් දිවැසිවරයා ආබාධ පහක් පිළිබඳ මෙසේ නිසැකව සඳහන් කරන්නේ කෙසේ ද? දින කීපයකට පසු ක්‍රීඩකයන් පස්දෙනෙකු ආබාධවලට ලක්වීම නිසා ඒ වෙනුවට ක්‍රීඩකයන් ආදේශ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා. ප්‍රබල ආබාධවලට ලක්වීම පිළිබඳ පමණක් නොව පන්දුවාරයක් මැදදී පන්දු යවන්නා පාදයේ ආබාධයකට ලක්වන ආකාරය ද දෙවියන් වහන්සේ ඔහුට පෙන්වා දී තිබුණා. ගතවූයේ දින දෙකක් පමණයි. ඔක්තෝබර් 25 වන දා අඟහරුවාදා ඔස්ට්‍රේලියාව සමග පැවති තරගයේ පන්දුවාරයේ පස්වන පන්දුව යවද්දී බිනුර ප්‍රනාන්දු පිටියෙන් ඉවත් වූයේ දිවැසිවරයා නිරූපණය කළ ආකාරයටම ය. ශ්‍රී ලංකාව ජයගන්නා බව ප්‍රකාශ කරන්නැයි රැස්ව සිටි දහස් ගණන් ජනයා හඬ නඟද්දී දිවැසිවරයා දෙවියන් වහන්සේ තමන්ට පෙන් වූ දේ ගැන නිසැකව ම ප්‍රකාශ කළේ මෙසේ ය.

    “ශ්‍රී ලංකාව මේ ලෝක කුසලානය හොඳින් කරනවට කී දෙනෙක් බලාපොරොත්තු වෙනව ද? නමුත් මම එහෙම කියන්නේ නෑ. ලෝක කුසලානය දැනටමත් ඉවරයි.”

    ආසියානු කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජය ගැනීමෙන් පසුව ද ජෙරම් ප්‍රනාන්දු මෙබඳු ම දෙසුමක් කරමින් පැවසුවේ එම ජයග්‍රහණය පසුපස සිටියේ තමා බව ය.

    අවසාන තරගයේ කැපී පෙනෙන ඉමක් ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ ද එම අවස්ථාවට සහභාගි වූ අතර ජෙරම් ප්‍රනාන්දු ඔහු වේදිකාව මතට කැඳවා ආශීර්වාද කරමින් ඒ සඳහා තමාගේ මැදිහත්වී මද විස්තර කළේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් හා ආගමික සම්බන්ධතා ගැන ෆේස්බුක්, බ්ලොග් ආදී විවිධ මාධ්‍ය අවකාශවල වසර ගණනක් තිස්සේ දීර්ඝකාලීන විවේචන පළ වෙමින් පැවතිය ද මෙම වීඩියෝ සමග එම ප්‍රශ්න කිරීම් තීව්‍ර වී තිබෙන්නේ මෙකී දෙවියන් වහන්සේට ක්‍රිකට් ක්‍රීඩාව ම පමණක් විෂය වස්තුව වන්නේ කෙසේදැයි විමසමිනි.

    එසේ ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෙන් ම පරිපාලනයේ ප්‍රධාන තනතුරු බහුතරයක් එක් ආගමික කණ්ඩායමක අධිකාරියට නතුව ඇති බව ද ඒවායේ දැක්වේ.

    මෙවැනි ප්‍රශ්න කිරීම්වලට අදාළ ලිපි හා වෙනත් සටහන් ද ක්‍රීඩා ඇමතිවරයාට යොමුකර ඇති අතර ජාතික කණ්ඩායම සම්බන්ධයෙන් දැනටමත් ආරම්භ කර ඇති විමර්ශනයේදී මේ සම්බන්ධයෙන් ද සොයාබැලෙන්නේ යැයි ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ පැවසීය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් යළි බිංදුවේ සිට ආරම්භ කිරීමට සිදු වුවත් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතු අපක්ෂපාතී පරීක්ෂණයක් කෙරෙන්නේ යැයි ද මේ ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමුවනු ඇතැයි තමා අපේක්ෂා කරන්නේ යැයි ද රණසිංහ මහතා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

    හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර යන මහත්වරුන් ද පාර්ලිමේන්තුවේදී පසුගිය දිනවල චෝදනා කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග පාවාදීම්වල (Match Fixing) නිරත වූ බවට ය.

    ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් මෙය බරපතළ තත්ත්වයක් වන අතර ඉහත කී ආකාරයේ ආගමික මතවාදීමය බලපෑමක් සැබැවින් ම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ඉල්ල වී ඇතිනම් සහ එහි ප්‍රතිඵලයක් වශයෙන් බුකීකරුවන්ගේ අත්අඩංගුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පත්වී ඇත්නම් ඒ පිළිබඳව කඩිනමින් විමර්ශනය කර රටට ඒ ගැන හෙළිදරව් කිරීම ක්‍රිකට් බලධාරීන්ගේ ඉවතලිය නොහැකි වගකීමකි.

    ක්‍රීඩාව සඳහා රුපියල් කෝටි ගණනක් බදු ගෙවන සමස්ත ජනතාවට ද එම ඇත්ත දැන ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවම නෛතික වගකීමක් ඇත.

    @nicjosh83 thoge born again agama maha saayak wela thiyenne dan
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    සංගල,මහෙලල අයින් උනාට පස්සෙ බෝන් අගේන් රාජපක්ශ හොර හැත්ත +ඇන්ජලො මැතිව්ස් කියන බෝන් අගේන් පොන්නයා මුලිකව බෝඩ් එකෙ පොන්ස් ල ක්‍රිකට් ගහන්න බැරි බෝන් අගේන් වේසිගෙ පුතාල දාගෙන ක්‍රිකට් වලට රුන්නෙ...
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    සංගල,මහෙලල අයින් උනාට පස්සෙ බෝන් අගේන් රාජපක්ශ හොර හැත්ත +ඇන්ජලො මැතිව්ස් කියන බෝන් අගේන් පොන්නයා මුලිකව බෝඩ් එකෙ පොන්ස් ල ක්‍රිකට් ගහන්න බැරි බෝන් අගේන් වේසිගෙ පුතාල දාගෙන ක්‍රිකට් වලට රුන්නෙ...

    @nicjosh83 mehe waren ponnaya

    නාමල් තරම් ක්‍රීඩාවට සේවය කරපු වෙන අැමති කෙනෙක් ලංකාවේ නෑ යකෝ..ක්‍රීඩාවට සම්බන්ධ ඵකෙක්ගෙන් අහල බලපං බොරුනම්.
    ------ Post added on Nov 13, 2022 at 8:50 AM
     
    • Like
    Reactions: topkollek