දැන් හැදිල තියනවනෙ මේ සිංහල බෞද්ධ කියල සීන් එකක්. ඇත්තටම එහෙම වෙන්න පුලුවන්ද ? බෞද්ධ නම් අත්හරින්න ඔනෙ නෙ. එතකොට සිංහල කමත් තියල තමා සිවුර දාගන්න ඔනෙ. බුදු හාමුදුරුවො නම් රාජකීය පට්ටමත් ගග ගාව තියල තමා රෙද්දකින් හෙලුව වහගෙන ගියේ. V8 එහෙමත් අරන් ගියේ නෑ හැර යනකොට. නමුත් දැන් ලංකාවෙ ඉන්න කැරි තට්ට ගන පකයො එහෙම නෑ. අත් හැරල නෑ.
සිංහල බෞද්ධ විය යුතු නැහැ. ප්‍රශ්නෙ තියෙන්නෙ අපිට එහෙම වෙන්න පුලුවන්ද කියන එක.
මේ කතාකරන මම උනත් දේවල් දකින්නෙ මගේ දෙමාපියන්ගෙන්, මම හැදුන වැඩුන සංස්කෘතියෙන්, ලබපු අධ්‍යාපනයෙන්, සාංසාරිකව ගෙන ආපු ආශ්‍රව/සංස්කාර (පිලිගන්න අපහසුනම් මේක අයින් කරලා කියවන්න), සහ ඒ ඒ මොහොතේ දැනුවත්ව හෝ නොදැනුවත්ව මාව ඉන්ෆ්ලුවන්ස් වෙන නානාවිධ දේවල් වලින් පෙරිලා. මම කොච්චර තැටමුවත් මේ පාට කණ්නාඩි වලින් තොරව මට දෙයක් දිහා බලන්න බැහැ.
ඉතින් මගේ බුද්ධාගම ගැන දැනුම සහ තේරුම් ගැනීම ඉහත කාරණා වලින් පෙරිලයි එන්නෙ. ඕක අදාල නැත්තෙ බුදුවරයෙකුට පමණයි. බුදුවරුන්ට වාසනා ගුණ/පෙර පුරුදු නැහැ කියන්නෙ ඕක නිසා විය යුතුයි. රහතන් වහන්සේලාත් ඔය දේවල් වලින් පෙරිලා තමා එන්නෙ. නමුත් ඒවායෙ නරක පැති ඉදිරියට එන්නෙ නැහැ විනය නිසා. ඉඳලා හිටලා එහෙම තැන් දකින්න පුලුවන් උදා - පිලින්දවච්ඡ මහරහතන් වහන්සේ. රහත් උනත් මිනිස්සුන්ට කතා කලේ "බොල වසලිය, වසලයා, අඩුකුලයා" කියන වචන වලින්. ඒකට හේතුව සාංසාරික/ජීවිතයේ පුරුදු. තව ඔහොම කතා කීපයක් තියනවා. මෙතනින් මට පෙන්වන්න ඕනෙ උනේ ඔය "සිංහල බෞද්ධ, තායි බෞද්ධ, බුරුම බෞද්ධ, සෙකියුලර් බෞද්ධ, ඔස්ට්‍රේලියන් බෞද්ධ" යනාදී ඉන්ෆ්ලුවන්සස් "අනිවාර්ය (inevitable)" කියන එක.
ඒ නිසා මම දකින විදිහට "V8" ප්‍රශ්නෙ ඇවිත් තියෙන්නෙ භික්ෂූන් විනය නොසලකා හැරීම නිසා. විනය තියනවානම් එතන ධර්මය තියනවා. අන්න එහෙම තැනකින් සිංහල බෞද්ධකමක් නිර්මාණය උනොත් ඒ ගැන අපිට තරහෙන් සෝකයෙන් අකමැත්තෙන් නෙමෙයි, බොහොම ගෞරවයෙන්, ආදරයෙන්, කැමැත්තෙන් කතාකරන්න පුළුවන් වෙයි.