ආගමේ උපත සෙවීම ( පළමු කොටස )

dhananjaya1985

Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    ආගමේ උපත සෙවීම ( පළමු කොටස )

    [FONT=&quot]ආගමේ උපත සෙවීම ( පළමු කොටස )[/FONT]

    [FONT=&quot]ආගමේ උප්පතිය සම්බන්ධව අපි ශාස්ත්‍රීය වශයෙන් අධ්‍යනයක් කරලා බැලුවොත්, ඒ කියන්නේ ඓතිහාසිකව එක අද තියන තත්වයට ආවේ එහෙමත් නැත්නම් අද තියන තත්වයට පරිණාමය වුනේ කොහොමද කියලා, එකට පිසිසෙන්න පුළුවන් විදි දෙකක් තියනවා .....එකක් තමා පුරා විද්‍යා සාක්ෂි පදනම් කර ගෙන ......අනිත් විදිහ තමා, යම් ආගමක මූල ග්‍රන්ථ වල භාෂාවේ විකාශනය පදනම් කර ගෙන.... ( අනුරාධපුර සහ පොළොන්නරු යුග වල ග්‍රන්ථ වලට වඩා දඹදෙණි යුගයේ ග්‍රන්ථ වල භාෂාවේ වෙනස මෙහිදී සැලකිල්ලට ගන්න ) , අද තියන පුරා විද්‍යා සාක්ෂි වලට අනුව , ආගමේ උපත, හෝමෝ සේපියන්ස් කියන මානවයා මිහිපිට පහල වීමටත් පෙර සිටි, නියන්ඩතල මානවයා ජිවත් වු අවදිය දක්වා යනවා......( ගොඩක් අය බොහොම සිගිති තර්කක් ගේනවා, ආගම හින්ද තමා සදාචාරය තියෙන්නේ කියලා .....ඒක ඇත්තද?....ඇත්තටම සදාචාරය කියන්නේ ආගමේ ඒකාධිකාරයක් නෙමෙයි නේ....මොකද ආගමක් නොතිබ්බ මාක්ස් වාදය රාජ්‍ය තන්ත්‍රය වුණු සෝවියට් සමුහාණ්ඩුවේ ( 1922-1991 ) මිනිස්සු ගේ සදාචාරය සහ නාසි ජර්මනියේ මිනිස්සුන්ගේ සදාචාරය, ක්‍රිස්තියානි ආගම අදහන බහුතරයක් ඉන්න ඇමරිකාවේ සදාචාරයට වඩා හොදයි කියලා, වරක් බ්‍රට්‍රන්ඩ් රසල් සාමිවරයා කියලා තියනවා.......ආගම ප්‍රතිෂේප කරන හේතුවාදින් සහ මාක්ස්වාදීන් තුල කිසිම සදාචාරමය ගැටළුවක් හෝ එහි අඩුවක් කොහෙත්ම පේනනේ නැති නිසා ආගම කියන්නේ සදාචාරය නෙමෙයි කියන එක හොදාකාරවම ඔප්පු වෙනවා ).


    [/FONT]
    [FONT=&quot]එහෙනම් ආගම කියන්නේ මොකක්ද? ...............ඉතිහාසඥයෝ සහ මානව විද්‍යඥයෝ, ආගම දෙස බලන්නේ ආගමික ලේඛකයෝ තමන්ගේ ශ්‍රද්ධාව මුසු වු භක්තියෙන් බලන ආකාරයට නෙමෙයි......ආගමේ උපත හොයා ගෙන යන කෙනෙකුට, එක පටන් ගන්න පුළුවන් එකම ස්ථානය තමා “ පුනරුප්පතිය විශ්වාස ඇති වුණේ කවදද?” කියන ප්‍රස්තුතය පදනම් කර ගෙන විතරයි..........මොකද පුනරුප්පතිය එක්ක [FONT=&quot]තමා[/FONT] කර්ම විශ්වාසය, ස්වර්ගය සහ නිරය, මෝක්ෂය වගේ දේවල වල ආරම්භය තියෙන්නේ .....තවත් දෙයක් තමා...ගොඩක් අය ආගම කියලා හිතන් ඉන්නේ සාහිත්‍ය සහ කලාව ට .....ඉතිහාසඥයෝ සහ පුරා විද්‍යාඥයෝ, කිසිම විටක කලා සහ සාහිත්‍ය කෘති පදනම් කරගෙන නිගමන වලට එන්නේ නෑ...මම එකට එක උදාහරණ ක් කියන්නම් .....


    [/FONT]
    [FONT=&quot]මහා බ්‍රිතාන්‍ය විසින් ඉන්දියාව යටත් කර ගත්තට පස්සේ, බ්‍රිතාන්‍ය රජය විසින් ඉන්දියාවේ සංස්කෘතිය සහ ආගම පිළිබද ගවේෂණය කිරීම සදහා ඉතිහාසඥයන් ගෙන් සහ පුරා විද්‍යාඥයන් ගෙන් සමන් විත රාජකීය ආසියාතික සංගමය පිහිටවලා, කණ්ඩායමක් ඉන්දියාවට එවනවා......ඒගොල්ලන්ගේ ප්‍රධාන පරමාර්ථය තිබ්බේ ඉන්දීය සභ්‍යත්වයේ හදවත් බදු මහා භාරතයේ සහ රාමායනයේ එන කතාවල සත්‍ය අසත්‍ය [FONT=&quot]බව සොයා[/FONT] බැලීම සහ බ්‍රාහ්මණ ආගමේ උප්පතිය සෙවීම....එම බ්‍රිතාන්‍ය කණ්ඩායම, ඉන්දියාවේ එතිහාසික වැදගත් කමක් තියන නගර වල කැනීම් කර ගෙන යන කොට මුලින්ම හම්බ වෙන්න අශෝක අධිරාජයා බුද්ධ ධර්මය වෙනුවෙන් කරපු සෙල් ලිපි ....ඊලග ට එතන ඉදලා අවුරුදු දෙදහස් පන්සියකටත් වඩා එහාට ගිය මොහෙන්ද ජාරෝ හරප්පා ඉතිහාසය.....[FONT=&quot]ඒ කියන්නේ[FONT=&quot] ඒ අත‍ර ඉන්දියාවේ ඉතිහාසයට කිසිදු පුරා විද්‍යාත්මක සාක්‍ෂියක් නෑ.... [/FONT][/FONT]ඒකෙන් බ්‍රිතාන්‍ය ඉතිහාසඥයෝ තේරුම් ගත්තා සිද්ධාර්ථ ගෞතම කියන චරිතය ඉතිහාසය තුල සිට සැබෑ චරිතයක් වුනත් මහා භාරතයේ හෝ රාමායනයේ කතාවලට කිසිදු එතිහාසික පදනමක් නැති හුදු පසු කාලීනව කරන ලද ප්‍රබන්ධ බව...

    [FONT=&quot]******තවත් කොටසක් [FONT=&quot]බලාපොරොත්තු වන්න *****[/FONT][/FONT]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
     
    Last edited:

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,865
    113
    images-11.jpg