• Jul 6, 2012
    10,687
    2,909
    113
    මේ දවස් වල ලෝකෙ වාථාවරනයත් එක්ක අපි හැමෝටම වැදගත් වෙයි කියලා හිතුන topic 1ක් ගැන කතා කරන්න හිතුනා.:eek:
    ඉස්සරවෙලාම කියන්න ඕන මේ දේ මෙතනින් මම කිසි ආගමකට ගරහන්න හදනවා නෙමෙයි .මෙතනින් අපි ඇත්ත කියලා දකින්න ඕන දේයි මම කියන්න හදන්නෙ.:):)

    අපි අදහන යම් ආගමක් සළකමු.අපි එයට හිතට එකඟවම කැමතිද?නැත්තම් බයටම එය අදහනවාද?

    අපි හිතට එකඟව ඒ කියන්නෙ මුළු ආධ්‍යාත්මයෙන්ම අදහන දෙයකට තමයි ආගමක් කියලා කියන්නෙ.එතනදි දැනගත යුතු වැදගත්ම කරුනක් තියනවා ඒ කියන්නෙ ආගමක අපිට සිතීමට අවශ්‍ය නිදහස තිබිය යුතුයි.අපිට ගැටළුවකින් හෝ සැකයකින් තොරව ආගමක් ඇදහිය හැකි විය යුතුයි.අපි ආගමක් අදහන්න ඕන කාටවත් බයකින් හරි කවුරුවත් දඩුවම් කරයි කියන සිතිවිල්ලෙන් නෙමෙයි.මේක නිවැරදිද වැරදි ද කියන සිතිවිල්ල වගේම අපි එක සිතිවිල්ලකක් සාධාරණීකරණය කරන්න ගන්නා තර්කය සාධාරණද කියන්නත් සොයා බැලිය යුතුයි.:):)

    මේක දේව වාදී ආගම් බොහෝමයක තිබෙනා ගැටලුවක්.ඔබ මොහොතකට කල්පනා කර බලන්න ඇත්තටම ඔබ තවෙකෙකුගේ අනට යටත්ව හෝ තවෙකෙකුට බියව එම ආගම් අදහනවාද?:nerd: සාධාරණී කළ නොහැකි තර්කයන් ඇතුළත් ආගමක් ඔබේ මනස තුළ මුල් ඇද තිබෙනවාද කියා.
    ඔබ අනෙකුන්ගේ ජීවිත වලට මෙන්ම තමන්ගේ ජීවිතයටද සාධාරණයක් ඉටු කරනවාද කියා.

    මම බෞද්ධයෙක්.බෞද්ධ දර්ශනයේ මිනිසෙක්ට සිතීමේ නිදහස ගැන විශෙෂයෙන්ම අවධාරණය කරලා තියනවා.මේක මම බුද්ධ ධර්මය ගැන ගුන වැයුමක් කරන එකක් කියලා හිතන්නට එපා.නමුත් ඇත්තෙන්ම ආගමක සිතීමේ නිදහසට වැඩි අගයක් ලබා දිය යුතු බවයි මගේ අදහස.නැත්නම් සල්ලි දීලා තමන්ගේ ආගමට නම්මා ගැනීම හෝ බොරු ලෝක විනාශයක් පෙන්වා තමන්ගේ ආගමට නම්මා ගැනීම තුළින් සිතීමෙ නිදහස කොච්චරක් දුරට යම යම් ආගම් වල සාධාරණීකරණය වී ඇත් දැයි සිතා ගත හැකිය.සිතට එකඟ නොවී ආගම් වාදය පෙරටු කර ගැනීමෙන් මැද පෙරදිග වී ඇති ව්‍යසනයම උදාහරණයක්.එමන්ම අහින්සක සතුන් දහස් ගණනකට මරණය උදා කරන්නා වූ බිළි පූජා සමග ලෝකයා කොතරම් බුද්ධිමත් ව ක්‍රියා කරන්නේ දැයි සිතා ගත හැකිය.

    මෙම කතාව කොතරම් දුරට ඔබට තේරෙනවා දැයි මම දන්නේ නැත්තෙමි.නමුත් මම මෙය එක් ස්ථාවරයක සිට කියන කතාවක්.මගේ හිතට එකඟව ආගමික පසුබිමකින් තොරව සංවාදයට ලක් කළ හැකි මාතෘකාවක්.ඔබ ආගමක් හරි හැටි අධ්‍යයනයකින් තොරව ඒ ගැන නිශ්චිත නිගමනයකට එනවානම් ඊට පෙර සම්පූර්ණයෙන් ඒ ගැන අධ්‍යයනය කරන්න.රෙප් නැතුවාට නම් කම් නැත ඒත් සිත පෙරදැඩිව කටයුතු කරන්න.

    Last edited:
    • Like
    Reactions: thilinasb and PMUB

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    ගොඩක් මිනිස්සු හිතන්න කැමති නැහැ බන්. ගොඩදෙනෙක් අපේක්ෂාකරන්නේ කරදරයක් උනාම අහේතුකව උපකාර පතන්න පුද්ගලයෙක්. ඒකයි දේවවාද ආගම් ජනප්‍රිය වෙන්නේ. අපේ බෞද්ධයෝ උනත් ගොඩ දෙනෙක් දේවාල වලටත් යනවනේ. එකඟයි උඹ කියන දේට..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගොඩක් මිනිස්සු හිතන්න කැමති නැහැ බන්. ගොඩදෙනෙක් අපේක්ෂාකරන්නේ කරදරයක් උනාම අහේතුකව උපකාර පතන්න පුද්ගලයෙක්. ඒකයි දේවවාද ආගම් ජනප්‍රිය වෙන්නේ. අපේ බෞද්ධයෝ උනත් ගොඩ දෙනෙක් දේවාල වලටත් යනවනේ. එකඟයි උඹ කියන දේට..

    මිනිස්සු අසරන වෙනකොට පිදුරු ගහෙත් එල්ලෙනවා :dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගොඩක් මිනිස්සු හිතන්න කැමති නැහැ බන්. ගොඩදෙනෙක් අපේක්ෂාකරන්නේ කරදරයක් උනාම අහේතුකව උපකාර පතන්න පුද්ගලයෙක්. ඒකයි දේවවාද ආගම් ජනප්‍රිය වෙන්නේ. අපේ බෞද්ධයෝ උනත් ගොඩ දෙනෙක් දේවාල වලටත් යනවනේ. එකඟයි උඹ කියන දේට..
    good reply
     
  • Jul 6, 2012
    10,687
    2,909
    113
    ගොඩක් මිනිස්සු හිතන්න කැමති නැහැ බන්. ගොඩදෙනෙක් අපේක්ෂාකරන්නේ කරදරයක් උනාම අහේතුකව උපකාර පතන්න පුද්ගලයෙක්. ඒකයි දේවවාද ආගම් ජනප්‍රිය වෙන්නේ. අපේ බෞද්ධයෝ උනත් ගොඩ දෙනෙක් දේවාල වලටත් යනවනේ. එකඟයි උඹ කියන දේට..

    මමත් උඹ කියන දේ එක්ක තනිකරම එකඟයි මචං.රටේ තියන ප්‍රශ්න එක්ක දේවවාදී ආගම් ව්‍යාප්තිය වැඩිවෙනවා.අපේ ගෙවල් පැත්තෙත් දවසක් ඒ ආගමක් ප්‍රචාරය කරන්න ආවා.මම ඒ වුනාට කවදාවත් හිතුවෙ නැහැ අපේ ගෙවල් පැත්ත වගේ බෞද්ධයන් බහුතරයක් ඉන්න පැත්තකට මුං රිංගයි කියලා කෙල්ලො වගයක් ආවෙ.එතනදි මුං ගෙන ආපු තර්කයක් තමයි අදාළ දෙවියන් වහන්සේ අනුගමනය නොකරන පුද්ගලයන් මෙම වසර අවසානයේ සිදුවන ලෝක විනාසයකින් මරණයට පත් වන බව.මේක සාධාරණීකරණය කරන්න පුළුවන් තර්කයක් ද බං. මෙතන්දි පමනක් මිනිස්සු සල්ලි වලට තියන උවමනාවට වඩා මේ කටකතා වලට තියෙන බය නිසාත් මේ වගේ දෙයක් වෙන්න පුළුවන් !