පිටකොටුවෙන් ගාල්ල බලා පිටත් වෙන බස් එකකට ආච්චි කෙනෙක් නැග්ග. කොන්ද ටිකට් එහෙම කඩල ඉවර උනාට පස්සෙ මේ ආච්චි කොන්දට කියනව “පුතේ මම පොඩ්ඩක් නිදා ගන්නව. මාව කලුතර කිට්ටු වෙද්දි පොඩ්ඩක් ඇහැරෝපන් හොදේ.” එහෙම කියපු ආච්චි හොදට නිදා ගත්ත. කොන්දටත් මතක නෑ ආච්චි ටිකට් ගත්තෙ කොහේටද කියල.
ඔය විදියට බස් එක පැය දෙකක් විතර ගියාට පස්සෙ තමයි කොන්දට මතක් උනේ ආච්චි කලුතරදි නැගිට්ටවන්න කිව්ව නේද කියල. එතකොට බස් එක අලුත්ගමත් පහු කරල. ආච්චි මේ වෙනකොට කුනු කෙල පෙරාගෙන, කටේ තියන එකම එක දතත් එලියෙ දාගෙන හෙන ගහන්න නිදි. කොන්දට මාර අප්සට්. කොන්ද ටක් ගාල ඩ්‍රයිවර්ට කිව්ව බස් එක නවත්තන්න කියල. ඊට පස්සෙ සීන් එක බස් එකේ හිටපු අනිත් අයට කිව්ව.
“මේ ආච්චි බහින්නෙ කලුතරින්. එයා මට කිව්ව කලුතරදි ඇහැරවන්න කියල. ඒත් මට අමතක උනා එයාව නැගිට්ටවන්න. පව්නෙ, එයාව මෙතන බස්සල යන්න බෑනෙ. අපි දැන් මොකද කරන්නෙ?
කොහොම හරි එක එක වාද විවාද මැද්දෙ අන්තිමට බස් එකේ හිටපු කට්ටියම එකග උනා බස් එක ආපහු හරවගෙන කලුතරට ගිහිල්ල ආච්චිව බස්සල එන්න. ඒ වෙනකොටත් ආච්චි කෙල පෙරාගෙන නිදි. “පව්නෙ අපි මේ ආච්චිව ඇහැරවන්නෙ නැතුව ගිහිල්ල කලුතරින් බස්සවමු” එහෙම කිව්වෙ බස් එකේ හිටපු අවුරුදු 55ක විතර ගෑනු ලමයෙක්.
බස් එක ආපහු මග ගෙවාගෙන කලුතරටම ආව. කලුතර බෝදිය ගාව ඔරලෝසු කනුව ලගින් බස් එක හරවගෙන කොන්ද ආච්චිව නැගිට්ටුව. “ආච්චි ආච්චි, ඔන්න අපි කලුතරට ආව”. ආච්චි නැගිටල කෙල පිහිදල වට පිට බලල එහෙම කොන්දට මෙන්න මෙහෙම කිව්ව “අනේ පුතේ එහෙනම් මෙන්න මේ පඩුර පූජ කරපන්කො කලුතර බෝදි හාමුදුරුවන්ට”.

**************************************
තව කතා කියවන්න ඕන නම් සෙට් වෙන්න
Code:
www.thelastrow.net
කියවල ඉවර කට්ටිය comment එකක් දාලම යන්න ඉතින් නැත්නම් වැඩේ upset
REP
දුන්නට තරහ වෙන්නේ නෑ