ආචාර්ය චන්දන අබේරත්න
මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත්ව සිටින ජනාධිපති අපේක්ෂකයින් අතුරින් සැබෑ දේශප්‍රේමී හා දේශද්‍රෝහී කණ්ඩයම් කවුරුන්ද යන්න පැහැදිලි බව ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සන්ධානය පවසයි. එහි සභාපති කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ අංශාධිපති, ආචාර්ය චන්දන අබේරත්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක් මගින් මේ බව දක්වා ඇත. එම නිමේදනය මෙසේය.
"මේ වන විට 2010 ජනාධිපතිවරණය අතිශය තියුණු මුහුණුවරක් ගෙන තිබේ. 2010 වසරට ජනාධිපතිවරණයක් යෙදී තිබුණේ නැත. 2005 වසරේදී වසර 06කට ජනවරමක් ලැබුණු ජනාධිපතිවරයා තම ජනවරමට පයින් ගසමින් වසර 04කින් නැවතත් ජනාධිපතිවරණයක් අප හමුවට රැගෙන විත් තිබේ. ඔහු මේ උත්සාහ කරන්නේ, ආරක්ෂක හමුදාවන් හා රටේ මුළු මහත් ජනතාවම ඉමහත් කැපකිරීමක් කර දිනාගත් බෙදුම්වාදී ත්රස්තවාදයට එරෙහි යුද්ධයේ ජයග්‍රහණය කල් පසුවීමට පෙර මැතිවරණ ජයග්‍රහණයක් බවට පෙරළා ගැනීමටය. ඔහු මෙම උපක්‍රමය පසුගිය පළාත් සභා මැතිවරණවලදී ද අත්හදා බලා සාර්ථක වූ බැවින් තවත් වසර 06කට බලය ලබා ගැනීමේ ජනාධිපතිවරණය සදහාද එම උපක්‍රමය භාවිතා කිරීමට කූට ලෙස උත්සාහ ගනී.
එහෙත් ඔහු නොසිතු, නොපැතූ ලෙසින් ආරක්ෂක හමුදාවන්ගේ ප්රමුඛ බලවේගය වූ යුද්ධ හමුදාවේ හිටපු හමුදාපති, හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටී. එය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මැතිවරණ න්‍යාය පත්‍රය සහ මුලින් අවුල්කර දමා ඇතිවා පමණක් නොව ඔහුට පරාජයේ නපුරු සිහිනද දුෂ්‍යමාන කරවමින් ඇත.
තමන් 2005 දී ඉදිරිපත් කළ මහින්ද චින්තන පොරොන්දු පත්‍රයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිම ඇතුළු දහසකුත් එකක් පොරොන්දු ඉටු නොකර තිබියදී හදිසි ජනාධිපතිවරණයක් කැඳවූ නිසාම නව ප්‍රතිපත්ති මාලාවක් රට හමුවේ තැබීමට ඔහුට නොහැක. මේ තත්ත්වය තුළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්රමුඛ වත්මන් රාජපක්ෂ ආණ්ඩුවේ ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරය බවට පත්වි ඇත්තේ, තමන්ගේ රට ගොඩනැගීමේ ප්‍රතිපත්ති පැහැදිලි කරනවා වෙනුවට පොදු අපේක්ෂක ජනරාල් සරත් ෆොන්සේකා මහතාට "මඩ"ගැසීමය. මේවා පැහැදිලි ලෙසම 'මඩ'බවට නිගමනය කළ හැක්කේ, ජනරාල් වරයාගේ 40 වසරක හමුදා සේවය තුළ කිසිදා ඉදිරිපත් නොකරන ලද හා ඉන් පසුව ඔහු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත් කිරීමට එම ඊනියා චෝදනා බාධාවක් කර නොගත් ආණ්ඩුව ඔහු මැතිවරණ සටනට පිවිසීමත් සමග දූෂකයෙකු බවට,දේශද්‍රෝහීයෙකු බවට හංවඩු ගැසීමට උත්සුකවීම නිසාය. ඔහු හමුදාවේ සිටි කාලයේ දී නීති විරෝධී අවි ගනුදෙනු කළ බවට පසුගිය දිනවල කෑ මොරදුන් ආණ්ඩුවට එම චෝදනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොදු අපේක්ෂකයා අභියෝග කිරීමත් සමග හකුළා ගැනීමට සිදුවිය.
දැන් පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාට රාජපක්ෂ ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන චෝදනාව ඔහු දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා සමග රහස් ගිවිසුමක් අත්සන් කළේය යන්නය. එම ගිවිසුම මගින් ෆොන්සේකා මහතා රට බෙදීමට එකඟවී ඇතැයි ඔවුහු කියා සිටිති. මෙබදු ආකාරයේ පදනමක් නොමැති තර්ක තුළ සැඟවීමට ආණ්ඩුවට සිදුව තිබීම අතිශයින් කනගාටුදායක යැයි අපි සිතමු. රහස් ගිවිසුමක් නොමැති බවට දෙමළ ජාතික සන්ධානයත්, ජනරාල්වරයාත්, පොදු අපේක්ෂකයාට සහය දෙන සියලූ පක්ෂත්, මල්වතු මහානාහිමියන් ඇතුළු ගිහි පැවිදි බුද්ධිමතුනුත් පුන පුනා කියද්දී ආණ්ඩුව ගිවිසුමක් ගැනම කියාපාන්නේ එය ගොබෙල්ස් පන්නයේ බොරුවක් ලෙසින් ජනතාවට ඒත්තු ගැන්වීමට විය හැකිය.
එහෙත් එය සාර්ථක වන්නක් නොවේ. මන්ද පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා බෙදුම්වාදයට එරෙහිව තම ජීවිතය තෙවරක් පරදුවට තැබූ රණවිරුවකු වන අතර තමාගේ අණදීම යටතේ වූ දහස් ගණන් සෙබළුන් ජීවිත දන්දී අත්පා අහිමිකර ගනිමින් අත්පත් කරගත් ජයග්‍රහණය ආපසු හැරවීමට කිසිදා ක්‍රියා නොකරන බව සහතිකය. අනෙක් අතට දෙමළ ජාතික සන්ධානයේ කොන්දේසියක් ලෙසට උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමට පොදු අපේක්ෂකයා එකඟ වී තිබේය යන්න අමූලික අසත්‍යයකි. මන්ද උතුරු නැගෙනහිර පළාත් වෙන් කිරීම අහසින් කඩා වැටුණු තීන්දුවක් නොවේ. මෙම යොජනාව ජනතා විමුක්ති පෙරමුණ විසින් රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලද්දක් වූ අතරම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරන ලද්දක්ද වූ බව කිසිවෙකුටත් අමතක විය නොහැක. අනතුරුව ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම ගැටලූව ශ්‍රේෂ්ඨාධිකරණ යොමුකරන ලදුව එවකට අග්‍රවිනිශ්චයකාර සරත් එන්.සිල්වා ප්රමුඛ විනිසුරු මඩුල්ලක් විසින් එම දෙපළාත ඒකාබද්ධ කිරීම නීති විරෝධී බවට තීන්දු කරන ලදී. අනෙක් අතට එම තීන්දුව අර්ථවත් වූයේ,එවකට හමුදාපති ධුරය දැරූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විසින් මාවිල් ආරුවෙන් අරඹා සමස්ත නැගෙනහිර පළාතම ත්‍රස්ත ග්රහණයෙන් මුදාගැනීමත් සමගය. එසේ නම් උතුරු පළාතට නීති විරෝධි ලෙස ඒකාබද්ධ කරන ලද නැගෙනහිර පළාත වෙන් කර ගැනීමට පෙරමුණ ගත් පාර්ශව තුනම අද සිටින්නේ එක් පිළකය. ඒ,පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපති ධුරයට පත්කරලීමේ මැතිවරණ සටනේය. ඔවුන් මේ ලංකාවේ එබඳු තීන්දුවක් ආපසු හැරවීමෙහිලා කැමැති වන අවසානම පාර්ශව වෙන බවට කිසිදු සැකයක් නැත.
එසේ වී තිබියදී ආණ්ඩුව උතුරු නැගෙනහිර එක් කරන බවටත් සියලූ ත්‍රස්ත සැකකරුවන් නිදහස් කරන බවටත් පොදු අපේක්ෂකයා එකඟවූ බව කියමින් දොඩවන්නේ කිසියම් කූට සටකපට අරමුණකින් බව අපගේ විශ්වාසයයි. රාජපක්ෂ ජනාධිපතිවරයා ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස් දේවානන්ද මහතාගේ සහය ලබා ගැනීම එකඟ වී ඇති කොන්දේසිවල භයානකකම රටෙන් සැඟවීම සදහා මෙබඳු පූර්ව දේශද්‍රෝහී චෝදනාවක් ජෙනරාල් පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා වෙත දමා ගසා ඇද්ද යන්න කෙනෙකු තුළ සාධාරණ සැකයක් උපදවයි. මන්ද එම ඊ.පී.ඩී.පී. කොන්දේසි තුළ ස්වයං පාලිත උතුරු නැගෙනහිර පළාත් සභාවක් ලබාදීම, උතුරු නැගෙනහිර පළාත් දෙමළ ජනතාවගේ නිජභූමි ලෙස පිළිගැනීම ඇතුළු බෙදුම්වාදී ව්‍යාපාරයේ ආරම්භක ඉල්ලීම් ඉටුකර දීමට රාජපක්ෂ ආණ්ඩුව සැදී පැහැදී සිටින නිසාය. බෙදුම්වාදී කොටි සන්නද්ධ ව්‍යාපාරයේ මිනීමැරුම් රැසකට වගකිව යුතු වූ කරුණා අම්මාන්, පිල්ලයාන් යනාදීන් අද රාජපක්ෂ ආණ්ඩුවේ ආරක්ෂකයින් බවට පත්ව ඇති ආකාරය නොරහසකි. එබැවින් 2010 ජනාධිපතිවරණයේදී සැබෑ දේශද්‍රෝහී හවුල කුමක්දැයි හදුනා ගැනීම කෙනෙකුට අපහසු විය නොහැකි යැයි අපි විශ්වාස කරමු.
ඒ අනුව සියලූ ලාංකේය ඡන්ද දායකයන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ, ඒකාධිපති විධායක ජනාධිපති ධුරය අහෝසි කර ජනතාවට වගකියන යහපාලනයක් උදාකර ජනතාව පෙළන ජීවන බර සැහැල්ලූ කිරීමට මෙවර 2010 ජනාධිපතිවරණයේදී කැපවී සිටින පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා දිනවීමට කටයුතු කරන ලෙසය.
සභාපති,
ආචාර්ය චන්දන අබේරත්න ,
ජාතික විශ්වවිද්‍යලයීය ආචාර්ය සන්ධානය.