ආචාර්ය ජයලත් මනෝරත්නත් කළකිරීමෙන්
අපි කොච්චර නම් අගමැතිවරු,සංස්කෘතික ඇමැතිවරු හම්බවෙලා ඇද්ද ?
- ආචාර්ය ජයලත් මනෝරත්න
කතාබහ සහ සටහන - මාලන් විදානපතිරණ (“අද“ පුවත්පත- 2015.06.30 වෙනුවෙන්)
ඉන්දියාවේදී ප්‍රථම වතාවට සංවිධානය කෙරුණු බයිස්කෝප් ග්ලෝබල් ඉන්ටර්නැෂනල් සම්මාන උලෙළේදී හොඳම චිත්‍රපට නළුවා සම්මානය දිනා ගත්තේ “සූවිසි විවරණ“ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ ජයලත් මනෝරත්නය. කෙසේ නමුත් මේ වන විට වේදිකාව තුළ යම් නිහැඬියාවක නිරත වන මනෝ, එසේ හිඳින්නේ ඇයි ? ඒ පිළිබඳ යම් විපරමක යෙදීමට අපට සිතුණි.
මුලින්ම අපි, ඔබ ලබා ගත් සම්මානය ගැන කතා කරමු.
මේ සම්මාන උලෙළට මෙවර ඇතුළත් වුණේ ප්‍රංශ චිත්‍රපට,බ්‍රිතාන්‍ය චිත්‍රපට සහ ඉන්දීය චිත්‍රපට පමණයි. මොකද ප්‍රථම වතාවටයි මෙවැනි උලෙළක් සංවිධාන වුණේ.ඒත් මෙවර ඉන්දීය චිත්‍රපටත් තිස් ගණනක් පමණ අප සමග තරග කළා.ඒත් ලංකාවෙන් නියෝජනය වුණේ “සූවිසි විවරණ“ චිත්‍රපටය පමණයි.එවැනි පසුබිමක තමයි මට හොඳම නළුවා සම්මානය ලැබුණේ.
හැබැයි වේදිකාවේ ඔබව දැන් දකින්න නැහැ?
ඔව්.ඒක ඇත්ත. අපි මේ අවුරුද්දෙම අපේ නාට්‍ය දර්ශන වාර ඔක්කොම නැවැත්තුවා.මේ හින්දා මේ වසර නිමාවන තෙක්ම මගේ නාට්‍යයක් දකින්න ලැබෙන එකක් නැහැ.අපට පිඹගෙන යන්න බැහැනේ. අනික පවතින නාට්‍ය වටපිටාව එක්ක ශිල්පීන්ට ගෙවීම් කරලා,සාර්ථකව පවත්වාගෙන යන්නත් බැහැ.දැන් තියෙන හාසයෝත්පාදක රැල්ලත්.ඒවා එක්ක අපට තරග කරන්න බැහැ.අපේ නාට්‍යවල තත්ත්වය බාල කරන්නත් බැහැනේ.ශිල්පීන්ටත් දිනපතා ගෙවීමක් කරන්න ඕනි.මුදලට සරිලන වටිනාකමක් ඔවුන්ට ඕනි. ඔවුන් අනිවාර්යයෙන්ම ඒ වටිනාකම සොයන්න ඕනි.ඒ සඳහා ඔවුන් ටෙලිනාට්‍ය,වෙළඳ දැන්වීම් හෝ රූප රචනා හෝ යොදා ගන්නවා.ඒත් වේදිකා නාට්‍යයක තියෙන්නේ වෙනත් සංස්කෘතියක්.නාට්‍ය දර්ශන වාර දෙකක් කරලා ඇවිත් අපට ඒ මුදල ගෙවන්න බැහැ.ඒ නිසා මේ තත්ත්වය තරමක් සමනය වන තුරු අපි බලන් ඉන්නවා.
ඒ කියන්නේ ඔබටත් පවතින ක්‍රමය ගැන තියෙන්නේ කළකිරීමක්ද ?
නැහැ.කළකිරීමක්ම නෙමෙයි. අපිත් අවුරුදු හතළිස් පහක් තිස්සේ මෙවැනි තත්ත්වයන් දැක්කා.මෙවැනි අභියෝගයන්ට මුහුණ දුන්නා.ඒවා දකිමින් තමයි ඉදිරියට ආවේ.මෙවැනි රැළි අපිත් පසුකළා.ඒත් අපේ මට්ටම බාල කළේ නැහැ.අනික දැන් සමාජය වෙනස්වෙන බවත් අපටත් තේරෙනවා.මිල මුදල්වලට තියෙන වටිනාකමත් වෙනස්වෙන බව අපට තේරෙනවා.ඒත් නාට්‍යවල ප්‍රමිතිය බාල කරන්න බැහැනේ. මාර්ටින් වික්‍රමසිංහ සූරීන් පවා කිව්වේ නාට්‍ය ශාලාව සිනා ස්කාගාරයක් වේගෙන එනවා කියලයි.සිනාව බෙදන හැන්දක් වේගෙන එනවා කියලයි.එතුමා මෙහෙම කිව්වේ “සිංහල නාටකය සහ සඳකිඳුරුව“ යන කෘතියේදියි.ඒ කිව්වෙත් හතළිස් ගණන්වල.ඒ නිසා දැන් ඇතිවෙමින් පවතින්නේ එවැනි තත්ත්වයක්ද කියලත් අපට දැන් සැකයක් ඇතිවෙලා තියෙනවා.මොකද අද තියෙන බොහෝ නාට්‍ය ඒ වගෙයි.ප්‍රමිතිය ගැන විශාල ප්‍රශ්නාර්ථ තියෙනවා.
අපි දැන් සිනමාව පැත්තට හැරෙමු.ශ්‍රී ලාංකේය සිනමාව තුළ වර්ග කළ ප්‍රමිතියක් නැහැ නේද ?
හොලිවුඩ් සිනමාව ගත්තොත් විවිධ චිත්‍රපට ශෛලීන් තියෙනවා.ප්‍රේම කතා, හාස්‍ය, විද්‍යාත්මක, අද්භූත, ත්‍රාසජනක,ළමා ආදී වශයෙන් වර්ග වෙලා තියෙනවා.ඒත් අපේ සිනමාව එහෙම නැහැ. එකම රැල්ලක් තමයි කාලෙන් කාලෙට පවතින්නේ.සංකලනයක් සිදුවෙන්නේ නැහැ.කාලයක් කාමුක චිත්‍රපට.තවත් කාලයක් හාස්‍ය චිත්‍රපට.දැන් ඓතිහාසික චිත්‍රපට. එක්කෝ බෞද්ධ චිත්‍රපට.විවිධත්වයක් නැහැ.මේ නිසා මේක අදිසි ව්‍යාපාරික හස්තයක් මෙහෙයවන දෙයක්ද කියලත් අපට හිතෙනවා.ටෙලිනාට්‍ය කලාවට වෙලා තියෙන්නේත් එවැන්නක්නේ. මොකද ටෙලිනාට්‍ය කලාවේ අද තියෙන්නේ අඩු මිලට මොනවාහරි සම්පාදනය කිරීමක්.
ඒත් වේදිකා නාට්‍ය කලාවේත් මෙවැනි විවිධත්වයක් නැහැනේ ?
ප්‍රේක්ෂකයන් එවැන්නක් ඉල්ලා සිටින්නේ නැතිලු. එවැනි ව්‍යාජයක් මවලයි තියෙන්නේ.ඒත් ප්‍රේක්ෂකයන් එහෙම තත්ත්වයකට පත්වෙලා නැහැ.ඔවුන් කැමැතියි විවිධත්වයකට.ඒ නිසා සමහර මාධ්‍ය මගින් මැවූ බොරු සංස්කෘති අද මුල්බැසගෙන ඇති බවයි අපට පෙනෙන්නේ.
ඒත් නාට්‍යධර්මී,ලෝකධර්මී,අධි තාත්ත්විකවාදී හෝ අභූතරූපී නාට්‍ය සම්ප්රදායයන් වශයෙන් හෝ සංකලනයක් නැහැනේ?
අපි අධ්‍යාපනික වශයෙන් එවැනි බෙදීමක් කරනවා තමයි.ඒත් නාට්‍යකරණයේදී එවැනි බෙදීමක් එක්ක වැඩ කරන්න අමාරුයි.නමුත් රජයට පුළුවන් මීට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදෙන්න.එංගලන්තය වගේ රටවල නාට්‍යකරුවන්ට අවශ්‍ය රංග ශාලා ඔවුන් ලබාදෙනවා.ඒත් නඩත්තු කරන්නේ විවිධ ආයතන මගින්.එවන් රටවල සංස්කෘතික දෙපාර්තමේන්තුව පවා පවතින්නේ කීර්තිමත් ආයතන විදිහට. ඒත් සිනමාවේ පවා තාමත් ලංකාවේ නිශ්චිත යාන්ත්‍රණයක් නැහැ.වේදිකා නාට්‍ය කලාවටත් අත්වෙලා තියෙන්නේ එවන් ඉරණමක්.
නාට්‍ය සමාගම් සංස්කෘතියක් ඇති කළොත් කොහොමද ?
මම හිතන්නේ නැහැ.මොකද අද ලංකාව තුළ පැතිරුණු නාට්‍ය සම්ප්රදායයක් නැහැ. හැබැයි මීට කලින් මීගමුව මීනර්වා නාට්‍ය කණ්ඩායම වගේ නාට්‍ය සමාගම් තිබුණා.ඔවුන්ට නාට්‍ය දර්ශන තිබුණත් නැතත් මාසික වැටුපක් ශිල්පීන්ට ගෙවුවා.අනික පිටරටවල මේ ක්‍රමය අද ඉතාම දියුණු මට්ටමක පවතිනවා.එංගලන්තය වගේ රටවලත් එහෙමයි. වෘත්තීය නාට්‍ය සංගම්,සමිති සමාගම් තියෙනවා.ඉන්දියාවෙත් මෙවැනි සංස්කෘතියක් තියෙනවා.ඒත් නාට්‍ය නමැති කලාත්මක පාරිභෝගික භාණ්ඩය නිවැරදිව මිනිසුන්ට අලෙවි කරලා නැවත පිරිවැය ආවරණය කරගත හැකි ජාලයක් ලංකාවේ තාමත් නැහැ.ඊට අවශ්‍ය අනුග්‍රාහකත්වයක් නැහැ.අනික අයවැය හදද්දී වුණත් අන්තිමට ඉතුරුවෙන සොච්චම තමයි සංස්කෘතික කටයුතුවලට වෙන් කරන්නේ.වැඩක් නැතිම කෙනෙක් තමයි සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට එවන්නේ.මේ තත්ත්වය වෙනස් විය යුතුයි.එහෙම නැතුව මේක අපි කොච්චර කතා කළත් වැඩක් නැහැ.අනික කව්ද අහන්නේ දැන් තියෙන නාට්‍ය මොනවද කියලා ? කව්ද අහන්නේ නාට්‍යකරුවන්ට තියෙන ප්‍රශ්න මොනවද කියලා ? කව්ද අහන්නේ ප්‍රාදේශීය නාට්‍ය කලාවට මොකද වෙලා තියෙන්නේ කියලා ? අද නාට්‍යයක් පවත්වාගෙන යන්න මොනවද ඔවුන් අරන් තියෙන පියවර ? ඒ නිසා නාට්‍ය සංස්කෘතිය ඇතිකිරීම ගැන මීට වඩා පළල්ව සිතිය යුතුයි.
පළල් නාට්‍ය සංස්කෘතියක් ඇතිවීමට පවා පළමුව යටිතල පහසුකම් නිර්මාණය විය යුතුයි නේද ?
අද අපට නාට්‍ය පුහුණුවෙන්න තැනක් නැහැ. අගුපිල්වල තමයි තාමත් පුහුණුවෙන්නේ.පන්සලක,ගෙදරක පිටිපස්සක තමයි පුහුණුවෙන්න වෙලා තියෙන්නේ.අවුරුදු හතළිස් පහක් ගෙවිලත් තාමත් ඒවට නිශ්චිත ස්ථාන නැහැ.ඒත් අපි කොච්චර මේවා ගැන කතා කරලා ඇද්ද ? කොච්චර නම් අගමැතිවරු,සංස්කෘතික ඇමැතිවරු හම්බවෙලා ඇද්ද ? ඒත් ඒවායේ ප්‍රතිඵල තියෙනවද ? ශත වර්ෂ භාගයක් ගෙවිලත් අපි තාම ඉන්නේ එකම තැන.පුස්තකාලයක්,හැන්දෑවට එකතුවෙන්න තැනක්,පිටපතක් කියවන්න තැනක් තාමත් හැදිලා නැහැ.ඒත් මේවා දියුණු රටවල නිසියාකාරව සිදුවෙනවා.
මෑතකදී පාසැල් නිර්දේශයට එකතුවුණු එකම නාට්‍ය කෘතිය ඔබ නිර්මාණය කළ “තලමල පිපිලා“ නාට්‍යයයි.ඒත් එය නිෂ්පාදනය වුණෙත් 1988 වර්ෂයේදී.එහි අදහස ඉන්පස්සේ හොඳ නාට්‍ය බිහිවුණේ නැහැ කියන එකද ?
තලමල පිපිලා නාට්‍යයේ කතාබහ කෙරෙන ප්රශ්නය තාමත් අපට අලුත්.නවීකරණය හමුවේ නර්තන ගුරුන්නාන්සේ කෙනෙක් මුහුණදෙන තත්ත්වය අදටත් සමාජයට වලංගුයි.බටහිරකරණය,අධිපති දේශපාලනය,විකල්ප දේශපාලනය,පාරම්පරික ප්‍රශ්න තාමත් ලංකාව තුළ සංසරණය වෙනවා.ඒ නිසා තව ටික කාලයකට හෝ මේ නාට්‍යය විෂය නිර්දේශය තුළ තබා ගත යුතුයි.ඒකයි මගේ නම් අදහස. එහෙම නැත්නම් ඊට වඩා දියුණු නාට්‍ය කෘතියක් ඒ වෙනුවට ආදේශ කළ යුතුයි.
ජ්‍යෙෂ්ඨ නාට්‍යකරුවන් සමග සම්බන්ධ වීමට තාමත් නවකයන්ට නිශ්චිත පාලමක් නැතිලු?
මම ප්‍රාදේශීය සභා,ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ආදියේ සම්මන්ත්රණ,වැඩමුළු වෙනුවෙන් පෞද්ගලිකවම දායක වුණු කෙනෙක්.අනික අපි කාලයක් නාට්‍ය සංගම් හරහා මෙවැනි අලුත් පරපුරක් නිර්මාණය කිරීම වෙනුවෙන් කටයුතු කළා.ඒත් ඒ සංගම් කිසිවක් සාර්ථක වුණේ නැහැ.මොකද මේවාට ලබාදෙන මූලිකත්වය,මූල්‍යමය වටිනාකම නිසියාකාරව ලැබුණේ නැහැ. ඒත් අශේන් මංජුල කියන අපේ කලා සහෘදයා තනිවම අවුරුදු පහක් තිස්සේ බොහොම අමාරුවෙන් පන්තියක් පවත්වාගෙන යනවා.ඒ ඔහු නාට්‍ය කලාවට ආදරේ නිසා. මේ හින්දා මමත් අවසානයේ ඊට සම්මාදම් වුණා.මීට පෙර මහේන්ද්‍ර පෙරේරා,සුමින්ද සිරිසේන වගේ ශිල්පීන් මෙවැනි දේ නාට්‍ය කලාව වෙනුවෙන් කළා.ඒත් පවත්වාගෙන යන්න බැරිවුණා.ඒත් අද හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම සංස්කෘතික මධ්‍යස්ථාන පිහිටුවලා තියෙනවා.නමුත් මේවා අද නිසියාකාරව පාවිච්චි වෙනවද ? ඒවා හරියට අම්බලම් වගේ.ඒවා නිසියාකාරව ක්‍රියාත්මක වෙනවා නම් අපිත් කැමැතියි ඒවායේ වැඩ කරන්න.අනික මම මගේ අවසන් නාට්‍ය නිෂ්පාදන කීපයේදීම අඩුම වශයෙන් නවක ශිල්පීන් අටක් දහයක්වත් ක්ෂේත්රයට හඳුන්වා දී තිබෙනවා.
මෙවර ඔබ ප්‍රථම වතාවට යොවුන් නාට්‍ය උලෙළක විනිශ්චය මණ්ඩල සාමාජිකයෙක් වුණා.කොහොමද අලුත් නාට්‍ය නිර්මාණ ගැන අදහස ?
මම සාමාන්‍යයෙන් විනිශ්චය මණ්ඩලවලට යන්න කැමැති කෙනෙක් නෙමෙයි.ඒත් මෙවර තරුණයන්ගෙන් ඊට දැඩි ඉල්ලීමක් ආවා.කොහොමවුණත් රසිකයෙක් විදිහට බැලුවොත් තරුණ නාට්‍ය දිහා බලද්දී එක්තරා විදිහක පරිහානියක් තියෙන බවයි අපට පේන්නේ.ඉතා දක්ෂ නිර්මාණකරුවන්ට වුණත් හොඳ පරිකල්පනයක් තිබුණත් තමන්ගේ නාට්‍ය ගොඩනගා ගැනීමට තරම් නිසි යාන්ත්‍රණයක් නැති බවයි පෙනුනේ.ඒත් ඔවුන්ට අවශ්‍යතාවයක් තියෙනවා.උනන්දුව තියෙනවා. ඊට අවශ්‍ය පසුබිම තමයි සැකසිලා නැත්තේ. ඔවුන් දුප්පත්වෙලා තියෙන්නේ ඒකයි.මේක හරිම ඛේදජනකයි.
ඒත් අද ක්ෂේත්රයේ සිටින්නේත් රූපණ ශිල්පීන්ලු.ඔබ මොකද හිතන්නේ?
ඒක ඇත්ත.අපි ආසාවට තමයි නිර්මාණවලට එකතුවෙන්නේ.එහෙම නැතුව රූපණය ඉගෙනගන්න හෝ අපේ විද්‍යාත්මක පක්ෂය හෝ නිරීක්ෂණය කරන්න යාන්ත්‍රණයක් නැහැ.ඒ නිසා අද පවතින බොහෝ ටෙලිනාට්‍යවල පෙනී සිටින්නන් තමයි වැඩිපුරම දකින්න ලැබෙන්නේ.ඒ නිසා අපට නළුවා පේනවා මිසක චරිතය පේනවා අඩුයි.ඒත් වේදිකා නාට්‍ය කලාවෙන් පැමිණෙන ශිල්පියෙකුට නම් අඩුම ගාණේ මාස හයකවත් පුහුණුවක් ලැබෙනවා.ඒ නිසා යම් ශික්ෂණයක් ලැබෙනවා. මොකද මම නාට්‍යයක් කරද්දී පුහුණු කරන්න මාස හයක් ගන්නවා.ඒ නිසා ආධුනිකයකුට වුණත් යමක් ඉගෙනගන්න කාලයක් තියෙනවා.නමුත් අද බොහෝ දෙනෙක්ට මේක අද නැහැ.ඒත් නළුවා කියන්නේ නිර්මාණාත්මක කලාකරුවෙක්. ඔහුට/ඇයට ජීවිතය පිළිබඳ දෘෂ්ටියක් තියෙනවා.ඔහු/ඇය ජාත්‍යන්තර වශයෙන් යාවත්කාලීන වෙනවා.නිතර පොතපත කියවනවා.ජීවිතය පිළිබඳ අභ්‍යාසයක යෙදෙනවා.නැතුව දෙබස් කියන කෙනාට නෙමෙයි නළුවා කියන්නේ.

Last edited:

thanks