මැල්කම් රංජිත් පියතුමා කරන හැම දේම මමත් අනුමත කරන්නෙ නෑ. තේවත්තෙ පල්ලියෙ කරපු මූර්ති වලින් වුනේ බෞද්ධ පිරිස් වල අප්‍රසාදයක් කතෝලිකයන් ගැන ඇති වීම පමනයි. ඒ ඇර එම කැටයම් වලින් තේවත්ත පල්ලි එන බැතිමතුන්ට අමතර මොකුත් ලැබුනේ නෑ. අති බහුතරය ඕව බලන්නෙත් නෑ. වැරදි දේ වැරදිමයි සහෝදරය,
නොතිබුන ඉතිහාසයක් ලියන්න ඕන නෑ. ලංකාවෙ කතෝළිකයන්ට අනන්්ය වුන සාරවත් සංස්කෘතික, සාහිත්්ය වටිනාකම් රැසක් තියෙනව. අපි ඒව රැකගෙන දියුනු කරගන්නයි ඕනෙ,
නමුත් මුස්ලිම් ප්‍රජාව වගේ අමුඅමුවේ අරාබි සංස්කෘතිය ලංකාවට ගෙන ඒමට වඩා, ලාංකික අනන්්යතාවයක් සහිතව කතෝළික සභාව ගමනක් යන්න උත්සහ කරනව නන් ඒක හොඳ දෙයක් විදිහටයි මම දකින්නෙ. උදාහරනයක් විදිහට, ළමා සාරිය, ජාතික ඇඳුම ඉරිද දහම්පාසලට අඳින එක , පල්ලියේ පෙරහැරකට සේසතක් පාවිච්චි කරන එක , ලමාසාරිය ඇඳපු ගැහැනු දරුවෙක් පියතුමෙකුට වඳින එක , නත්තලට තොරණක් හදන එක වගේ මෑතකාලීනව අන්තවාදී බෞද්ද කොටස් විසින් ලොකු ප්‍රචාර ලබාදුන් අංග වලින්, සිංහල බෞද්දායාටවත් , ලංකාවෙ ඉතිහාසයටවත් සිද්දවෙන හානියක් මම දකින්නෙ නෑ.
සංස්කෘතිය කියන්නෙ වෙනස් වෙන දෙයක්. පෝශනය කලහැකි දෙයක්.
මම බොබසේ දකින්නෙ එක හොඳ දේ ටිකක් කරල, ශාසනයට හානිකර දේත් කරන අන්තවාදී සංවිදානයක් විදිහට. ශේෂය හානියයි.