ආජ් කාල් ප්යාර්

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
ආජ් කාල් ප්යාර්

නෙත් නැවතුනාම
හදවත නවතිනවා
ඇස් වල ඇදිලා
මතකෙටම එනවා
ආයෙ ආයෙ
දකින්න හිතෙනවා
යලි හමුවෙන්නට
විදිහක් හොයනවා

තනියම ඉදගෙන හිනා වෙනවා
හීන ලෝකෙ අතරමන් වෙනවා
ආදරේ කියලා කැමත්ත ගන්නවා
සතුටින් දෙන්නා දවස ගෙවනවා

මල් උයනෙ සුව සොයනවා
මල් එක්ක තුරුල් වෙනවා
සුවද විදලා හැගුමට ඉඩ දීලා
මනස පිනවනවා

ටික කලකින් නුරුස්සද්දි
සතුට තුරන් වෙනවා
සුවද විදලා ඉවර මලෙන්
සමනලයා පැනලා යනවා

නැත්නම් මල කහවනු හොයනවා
සමනල සෙනෙහස මදි කියනවා
ආදරේ වෙනුවට
විනාසය හමු වෙනවා

සියල්ල නිමවෙයි
ආදරයට දොස් නැගෙයි
 
  • Like
Reactions: dj ice cold