ආඩම්බරකාර තාත්තාගේ H පුතා

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ආඩම්බරකාර තාත්තාගේ H පුතා

අගුණකොළයේ අනතුරෙන් නිරුවත්වූ ආඩම්බරකාර තාත්තාගේ පුතාගේ බලකාය ප්‍රධාන පුවත 2010 මාර්තු 10 වෙනි බදාදා, 00:41
nilbalakaya.jpg
ඊයේ අලුයම අගුණකොළපැලැස්ස ප්‍රදේශයේදී බීමත්ව අධික වේගයෙන් රිය පදවා සිදුවූ අනතුරක් හේතුවෙන් නිල් බලකායේ සාමාජිකයින් සිවු දෙනෙකු මියගිය බව අප වාර්තා කළේය. එම සිවුදෙනාට මරු කැදවූ කැබ් රථය නිල් බලකායට ලැබී ඇති ආකාරය මේවන විට අප වෙත තොරතුරු සහිතව වාර්තාවී තිබේ.


එම තොරතුරුවලට අනුව මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ දෙපාර්තමේන්තුවට අයත් HB 5048 දරණ කැබ් රථයයි. එය නිල් බලකායට ලැබී ඇත්තේ ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයකුවන දීෂන් ගුණසේකර අණ පරිදිය. ජනාධිපති ආර්යාවගේ සමීපතම ඥාතියකුවන ඔහු 2005 ජනාධිපතිවරණයෙන් පසුව මෙම තනතුරට පත්ව තිබේ.

අනතුරට පත් කැබ් රථයට අමතරව ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ දෙපාර්තමේන්තුවට අයත් HB 5095සහ 52 - 2281 දරණ කැබ් රථද මේ දිනවල පරිහරණය කරන්නේ නිල් බලකායේ අවශ්‍යතා ‍සදහාය. මීට අමතරව නියොමාල් ගුණසේකර අමාත්‍යවරයාගේ පරිහරණය සදහා එම දෙපාර්තමේන්තුවට අයත් 65 - 2877 ප්‍රාඩෝ රථය ලබාදී තිබේ. එය පසුගියදා අනතුරකට පත්ව දෙපාර්තමේන්තුවේ වියදමින් අලුත් වැඩියාකර නැවත අමාත්‍යවරයාටම ලබාදී ඇත.

මින් පෙනී යන්නේ රටේ ආඩම්බරකාර තාත්තාගේ පුතා සාඩම්බර ලෙස රාජ්‍ය දේපල සිය මැතිවරණ කටයුතු සදහා යොදවමින් ඇති ආකාරයයි. මෙය හෙළිදරව්වූ පමණින් ඔහු එය නතර නොකරනු ඇත නමුත් මෙය හෙළිදරව්වීම මැතිවරණ කොමසාරිස්වරයාගේ ආතතිය තවත් වැඩිවීමට හේතුවක් ‍වනු ඇති බව නම් නොඅනුමානය.