ආණ්ඩුවට සල්ලි නැති එකට කරන්න පුළුවන් දේවල් මොනවද?

ආණ්ඩුවට සල්ලි නැති එකට කරන්න පුළුවන් දේවල් මොනවද?

  • තව ණය ගන්න එක

    Votes: 1 2.0%
  • ඉන්න රාජ්‍ය සේවකයෝන්ගෙන් 50% වත් අයින් කරන එක

    Votes: 32 65.3%
  • රාජ්‍ය සේවකයෝ පෙන්ෂන් කාරයොන්ගේ පඩි අඩු කරන එක

    Votes: 3 6.1%
  • සල්ලි අච්චු ගහන එක

    Votes: 1 2.0%
  • නිදහස් සෞක්‍ය, නිදහස් අද්‍යාපනය, ආරක්ෂක සේවා වගේ ඒවා අඩු කරන එක.

    Votes: 2 4.1%
  • ඩිරෙක්ට් ටැක්ස් (income tax) වැඩි කරන එක.

    Votes: 6 12.2%
  • වක්‍ර බදු (vat , import duty ) තව තව වැඩි කරන එක.

    Votes: 0 0.0%
  • රජයේ දේපොළ විකුණන එක

    Votes: 4 8.2%

  • Total voters
    49

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ආණ්ඩුවට සල්ලි නැති එකට කරන්න පුළුවන් දේවල් මොනවද?
    ආණ්ඩුවට රුපියලුත් නැහැ. අන්තෙටම කෙල වෙලා ඉන්නේ. මොනවද කරන්න පුළුවන් හොඳම දේ? මේ හැම දෙයක් එක්කම නාස්තිය වංචාව අඩු කරන්නත් ඕන. හැබැයි මේ එකක්වත් කරන්නේ නැතුව නාස්තිය වංචාව නැති කරපු පමණින් ගොඩ යන්න බැහැ. ඒ තරමට කෙල වෙලා ඉන්නේ.

    1) තව ණය ගන්න එක

    මේක තමයි මෙච්චර කල් කරේ. දැන් කෙල වුනේ මේක කරලා ගෙවා ගන්න බැරුව. කොහොමත් දැන් තව ණය දෙන්න එකෙක්වත් නැහැ.

    2) ඉන්න රාජ්‍ය සේවකයෝන්ගෙන් 50% වත් අයින් කරන එක

    මේක කරොත් ලක්ෂ 6-7 ගෙදර. උඹලගේ අම්මලා තාත්තලා වෙන්න පුළුවන්. ලොකු සමාජ ප්‍රශ්නයක් එන්න පුළුවන් එක පාර මෙච්චර ගානක් ගෙදර ඇරියොත්.

    3) රාජ්‍ය සේවකයෝ පෙන්ෂන් කාරයොන්ගේ පඩි අඩු කරන එක

    බඩු මිල වැඩි වීමත් එක්ක දැනට ඉන්න සේවකයෝන්ගේ පඩි අඩු කරනවා කියන එක මානුශීයද කියන ප්‍රශ්නයක් එනවා. පෙන්ෂන් අය විශේෂයෙන්ම කොහොමද ජීවත් වෙන්නේ. එයාලට වෙන රස්සාවක් හොයාගන්නත් බැහැ. මානුෂීය ප්‍රශ්නයක්.

    4) සල්ලි අච්චු ගහන එක

    මේකත් මෙච්චර කල් කරා. උද්ධමනය 80%-100% වුනේ මේක හින්දා. තව කරොත් කෙලින්ම සිම්බාබ්වේ ලෙවල් එකටම යනවා.

    5) නිදහස් සෞක්‍ය, නිදහස් අද්‍යාපනය, ආරක්ෂක සේවා වගේ ඒවා අඩු කරන එක.

    ගොඩක් රජයේ මුදල් වියදන් වෙන්නේ මේවට. ගොඩක් රටවල නිදහස් සෞක්‍ය අද්‍යාපනය දෙන්නේ නැහැ. විශේෂයෙන් දුප්පත් රටවල. සමහර පොහොසත් රටවල දෙන්නෙත් නැහැ ලංකාවේ දෙන මට්ටමෙන්. මේක ලංකාවේ කරොත් දුප්පත් මිනිස්සුන්ට සෑහෙන කෙල වෙනවා, යුනියන් කාරයෝ කලබල කරන්න ගන්නවා.

    6) ඩිරෙක්ට් ටැක්ස් (income tax) වැඩි කරන එක.

    ඊයේ පෙරේදා කරේ මේක. ලංකාව ඩිරෙක්ට් ටැක්ස් අඩු රටක්. හැබැයි ලංකාවේ ගොඩක් ලොකුවට සල්ලි හොයන උන් හරියට ටැක්ස් ගෙවන්නේ නැහැ. ගෙවන්න වෙන උන් පිටරට යන්න චාන්ස් වැඩියි, මොකද උන් බලනවා උන්ගේ පඩියෙන් රජයේ සේවකයෝ නඩත්තු කරන්නේ මොකද කියල.

    7) වක්‍ර බදු (vat , import duty ) තව තව වැඩි කරන එක.

    මේක දැනටත් තියෙනවා. වාහන ගෙන්නනකොට 200% වගේ ටැක්ස් ඉඳන් උඹලා කන බොන දේවල් වලට ඔක්කොටම පට්ට විදියට වක්‍ර බදු ගහනවා. මේක තව වැඩි කරොත් දුප්පත් උන්ට තමයි වැඩිපුර කෙලවෙන්නේ.

    8) රජයේ දේපොළ විකුණන එක

    රජයේ ගොඩක් දේපොළ වලින් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ. පාඩු පිට දුවන්නේ. හැබැයි මේවා කරන්න ගියොත් රටේ ඉන්න සමහර උන් පාරට බහින්න ගන්නවා සම්පත් විකුනනවා කියලා.

    මේ ලිස්ට් එකෙන් එකක් හෝ කීපයක් කරන්න වෙනවා.නැත්තන් ගොඩ ඒමක් නැහැ. නන්නත්තාර වෙනවා, දැනටමත් සෑහෙන වෙලා. එකක්වත් හොඳ ඔප්ෂන් නැහැ. ඔක්කොම ඔප්ෂන් වල නරක පැති තියෙනවා. මොකක් කරත් විරුද්ධ පක්ෂේ උනුයි සාමාන්‍ය මිනිස්සුන්ගෙන් වැඩි හරියකුයි විරුද්ධ වෙනවා.
     
    • Like
    Reactions: dinuksha_asela

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    2 karannama one... vacancy ganata vitharak exam thiyala ganna one. pav pav kiyala nokara hitiyoth okkotoma kela vei.

    මම සංවර්ධනය උන රටකයි ලංකාවෙයි දැකපු වෙනස්කමක් තමයි ලංකාවෙ රටට ඩොලර් හොයල දෙන/නිෂ්පාදනයක් කරන අය හරි දුප්පත්. එයාලට කිසිම සමාජ රැකවරණයක් නෑ. As an example vast majority of lankan farmers are hopelessly poor. Food prices must be increeased in a manner to give them more income and life inaurance/healthcare facilities must be provided for them
     
    • Like
    Reactions: zid2021 and Emarald

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    දැනට දීලා තියෙන jobs නැති කරන එක හරි, දැනට ගෙවන salary අඩු කරන එක මානුෂීය වගේම ප්‍රායෝගික නෑ...
    කරන්න පුළුවන් එක දෙයක් තමයි
    අතිරික්ත රාජ්‍ය සේවකයන් පුද්ගලික අංශයට hire කිරීම.
    ලාභ කෙසේ වෙතත් අඩුම තරමේ ඒ අයගේ salary ගෙවා ගන්න හරි පුළුවන්...

    නිදහස් සෞඛ්‍යය සහ අධ්‍යාපනය දැනට ඔය තියෙන විදිහටම තියලා ආරක්ෂක සේවාව නම් ප්රතිව්යුහගත කරන්න පුළුවන්
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    තව ටිකක් කිව්වහැකි....
    රජයේ ව්‍යාපාර ලාභ ලබන තත්ත්වයට පත් කිරීම..
    දැනට රජයේ ව්‍යාපාර නාස්තිය දූෂණය හින්ද අලාභ ලබන ඒව බලල මැනේජ්මන්ට් එක හරි වෙනස් කලොත් ගොඩක් වෙනසක් කරතෑකි..
    රජයේ කටයුතු කාර්‍යක්ෂම ලෙස සකස් කිරීම...
    සාමාන්‍යයෙන් රජයේ කටයුතු කරද්දි සාම්ප්‍රදායික ක්‍රමයට කරන්නෙ...රජයේ සේවකයො අඩු කරන්න කලින් මේක කරන එක අත්‍යාවශ්‍ය දෙයක්..මේක හරියට කලොත් ගේමක් නැතුව බාගෙකට අඩු කලහැකි.සේවක අවශ්‍යතාව අඩුවෙනව...හැබැයි මේක නොකර එකපාර අයින් කලොත් ඉන්න උන් ටික හිරවෙනව රාජකාරි කටයුතු එක්ක..
    අනවශ්‍ය කටයුතු ඉවත් කිරීම..
    කිසිම තේරුමක් නැති , මහජන මුදල් කාබාසිනිය කරන සෝබන වැඩ ඔක්කොම නවත්තල දාන්න ඕනෙ..රටට වැඩකුත් නෑ, ආයතනේට වැඩකුත් නෑ, ඉන්න උන්ට වැඩකුත් නෑ අන්තිමට වෙච්ච දේකුත් නෑ...උදාහරණ උත්සව, විවිධ දින සැමරුම්, කමිටු, සමුළු වාගෙ ඒව....
    තව තියෙනව , මතක නෑ..
     
    Mewa aniwaryen karanna ona.
    Habayi godak long-term wadak neda oka? Efficiency eka wadi karath nasthiya adu karath, wiyadama adu karanna puluwan limit ekak enawa neda. Bagayak adu karaganna puluwan wei kiyala hithanna amarui.
     
    • Like
    Reactions: PrasangaSPerera

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඔය දැන් කරගෙන යන්නේ. විදේශ විනිමය ගෙන වියාපාර වලට ලොකු බද්දක් ගහන එක. විදේශ විනිමය ගෙන උන්ව ටාගට් කරලා උන්ට වෙනම 36% ක බද්දක් දෙන එක ඕවගෙන් තමා රට බෝම්බ ගැහුවා වගේ දියුණු වෙන්නේ අප්පට හැමනෙන්න.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    දැනට දීලා තියෙන jobs නැති කරන එක හරි, දැනට ගෙවන salary අඩු කරන එක මානුෂීය වගේම ප්‍රායෝගික නෑ...
    කරන්න පුළුවන් එක දෙයක් තමයි
    අතිරික්ත රාජ්‍ය සේවකයන් පුද්ගලික අංශයට hire කිරීම.
    ලාභ කෙසේ වෙතත් අඩුම තරමේ ඒ අයගේ salary ගෙවා ගන්න හරි පුළුවන්...

    නිදහස් සෞඛ්‍යය සහ අධ්‍යාපනය දැනට ඔය තියෙන විදිහටම තියලා ආරක්ෂක සේවාව නම් ප්රතිව්යුහගත කරන්න පුළුවන්

    Mata hithenne danatama anduwe wada karana unta epa karawala resign karawana wadak yanawa neda? Awurudu 5 leave ehemath deela thiyenawa ne yanna kiyala.
     
    • Like
    Reactions: pdn.ac.lk

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,582
    8,944
    113
    useless thread
    time wasting thread
    පාලකයො කරන්නෙ තමන්ට පුද්ගලික වාසි වෙන දේවල් විතරයි.
    අනික ඊලඟ ඡන්දෙදිත් තමන්ට දිනන්න උදව් වෙන දේවල් විතරයි.

    දැන් ඔය ලමයි කාලෙ නාස්ති කරගන්නෙ නැතුව තම තමන්ගෙ පුද්ගලික දි‍යුණුවට වැඩක් කරගන්න.
     
    • Like
    Reactions: Lessar

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    Mewa aniwaryen karanna ona.
    Habayi godak long-term wadak neda oka? Efficiency eka wadi karath nasthiya adu karath, wiyadama adu karanna puluwan limit ekak enawa neda. Bagayak adu karaganna puluwan wei kiyala hithanna amarui.
    ඔව් මචං මේව ලෝන්ග් ටර්ම් වැඩ තමයි...ඇත්තම කිව්වොත් මෙච්චර කල් කරපු හැමදේම ශෝර්ට් ටර්ම් වැඩ නෙ..ඒව විතරක් කරල වැඩක් නෑ...තාක්ෂණය භාවිතා කිරීම, නිලධාරි වාදය නැති කිරීම, අලුත් ක්‍රම භාවිතා කරල රාජකාරි කිරීම වාගෙ දේවල් කලොත් කාලයත් එක්කම රාජ්‍ය නිලධාරි අවශ්‍යතාව අඩු වෙනව...අලුතින් ගන්න ඕන වෙන්නෙත් නෑ..සම්පත් ඉතුරු වෙනව...එතකොට වියදම් ඉබේම අඩු වෙනව, ඉන්න උන්ට රාජකාරිය ලේසි වෙනව...වටේ යැවීමේ උවමනාවක් නෑ....ඕව ඉතිං ක්ෂණික ප්‍රතිඵල පේන දේවල් නෙවෙයි ...කාලයක් යනව.හැබැයි කලොත් රට ගොඩ..අනික රැල්ලට කවුරු කිව්වත් එක දෙයක් කරල රටක් ගොඩ දාන්න බෑ...නිකමට හිතපන් රජයේ සේවකයො බාගයක් හෙට ඉඳල ගෙදර යැව්ව කියල...අනිද්ද ඉඳල වියදම් ඉතුරු වෙයිද..මම නං හිතන්නෙ නෑ...රට තියෙන තැනිනුත් පහලට වැටෙයි..මොනවත් නෙවෙයි රාජකාරි කරන ක්‍රම හැදිල තියෙන්නෙ හැමෝම අවශ්‍ය වෙන විදියට .සාම්ප්‍රදායික ක්‍රමේට...අර ඉන්න උන් ටිකටත් හරියට වැඩක් කරගන්න බැරි වෙයි..ඒක හින්ද හොඳම දේ අලුත් රාජකාරි ක්‍රම වේද හදන එක...එතකොට 3-4ක් ඕන තැනට එක්කෙනෙක් දැම්මම ඇතිවෙයි...
    ප.ලි.. මගේ මතය දැම්මෙ...😍
     
    • Like
    Reactions: dfgrendezvous

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඔය එකක් වත් නෙවේ කරන්න ඕන. සල්ලි ලීක් වෙන හිල් ටික වහලා, රටක් විදියට් ආදායම් එන දේවලට මුල් තැන දෙන එක. සල්ලි නෑ කියලා මගුලක් නෑ. තියන සල්ලි ටිකෙන් වුනත් ගේමක් ගහන්න පුළුවන් උවමනාව තියනවා නම්. උඹ
    මොකද මේකෙ thread දැම්මට ජනාධිපති උපදේශකගෙ think tank එකේ නෙවේ නෙ. නිකා හිටාං බං. ඕවා වෙන වැඩ නෙවේ.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඔව් මචං මේව ලෝන්ග් ටර්ම් වැඩ තමයි...ඇත්තම කිව්වොත් මෙච්චර කල් කරපු හැමදේම ශෝර්ට් ටර්ම් වැඩ නෙ..ඒව විතරක් කරල වැඩක් නෑ...තාක්ෂණය භාවිතා කිරීම, නිලධාරි වාදය නැති කිරීම, අලුත් ක්‍රම භාවිතා කරල රාජකාරි කිරීම වාගෙ දේවල් කලොත් කාලයත් එක්කම රාජ්‍ය නිලධාරි අවශ්‍යතාව අඩු වෙනව...අලුතින් ගන්න ඕන වෙන්නෙත් නෑ..සම්පත් ඉතුරු වෙනව...එතකොට වියදම් ඉබේම අඩු වෙනව, ඉන්න උන්ට රාජකාරිය ලේසි වෙනව...වටේ යැවීමේ උවමනාවක් නෑ....ඕව ඉතිං ක්ෂණික ප්‍රතිඵල පේන දේවල් නෙවෙයි ...කාලයක් යනව.හැබැයි කලොත් රට ගොඩ..අනික රැල්ලට කවුරු කිව්වත් එක දෙයක් කරල රටක් ගොඩ දාන්න බෑ...නිකමට හිතපන් රජයේ සේවකයො බාගයක් හෙට ඉඳල ගෙදර යැව්ව කියල...අනිද්ද ඉඳල වියදම් ඉතුරු වෙයිද..මම නං හිතන්නෙ නෑ...රට තියෙන තැනිනුත් පහලට වැටෙයි..මොනවත් නෙවෙයි රාජකාරි කරන ක්‍රම හැදිල තියෙන්නෙ හැමෝම අවශ්‍ය වෙන විදියට .සාම්ප්‍රදායික ක්‍රමේට...අර ඉන්න උන් ටිකටත් හරියට වැඩක් කරගන්න බැරි වෙයි..ඒක හින්ද හොඳම දේ අලුත් රාජකාරි ක්‍රම වේද හදන එක...එතකොට 3-4ක් ඕන තැනට එක්කෙනෙක් දැම්මම ඇතිවෙයි...
    ප.ලි.. මගේ මතය දැම්මෙ...😍

    Aniwaryen umba kiyana ekata ekangai.

    Owaye systems wenas karanawata athule inna horuma thamai wirudda wenne.
     
    • Like
    Reactions: PrasangaSPerera