ආණ්ඩුවට සල්ලි නැති එකට කරන්න පුළුවන් දේවල් මොනවද?
ආණ්ඩුවට රුපියලුත් නැහැ. අන්තෙටම කෙල වෙලා ඉන්නේ. මොනවද කරන්න පුළුවන් හොඳම දේ? මේ හැම දෙයක් එක්කම නාස්තිය වංචාව අඩු කරන්නත් ඕන. හැබැයි මේ එකක්වත් කරන්නේ නැතුව නාස්තිය වංචාව නැති කරපු පමණින් ගොඩ යන්න බැහැ. ඒ තරමට කෙල වෙලා ඉන්නේ.
1) තව ණය ගන්න එක
මේක තමයි මෙච්චර කල් කරේ. දැන් කෙල වුනේ මේක කරලා ගෙවා ගන්න බැරුව. කොහොමත් දැන් තව ණය දෙන්න එකෙක්වත් නැහැ.
2) ඉන්න රාජ්‍ය සේවකයෝන්ගෙන් 50% වත් අයින් කරන එක
මේක කරොත් ලක්ෂ 6-7 ගෙදර. උඹලගේ අම්මලා තාත්තලා වෙන්න පුළුවන්. ලොකු සමාජ ප්‍රශ්නයක් එන්න පුළුවන් එක පාර මෙච්චර ගානක් ගෙදර ඇරියොත්.
3) රාජ්‍ය සේවකයෝ පෙන්ෂන් කාරයොන්ගේ පඩි අඩු කරන එක
බඩු මිල වැඩි වීමත් එක්ක දැනට ඉන්න සේවකයෝන්ගේ පඩි අඩු කරනවා කියන එක මානුශීයද කියන ප්‍රශ්නයක් එනවා. පෙන්ෂන් අය විශේෂයෙන්ම කොහොමද ජීවත් වෙන්නේ. එයාලට වෙන රස්සාවක් හොයාගන්නත් බැහැ. මානුෂීය ප්‍රශ්නයක්.
4) සල්ලි අච්චු ගහන එක
මේකත් මෙච්චර කල් කරා. උද්ධමනය 80%-100% වුනේ මේක හින්දා. තව කරොත් කෙලින්ම සිම්බාබ්වේ ලෙවල් එකටම යනවා.
5) නිදහස් සෞක්‍ය, නිදහස් අද්යාපනය, ආරක්ෂක සේවා වගේ ඒවා අඩු කරන එක.
ගොඩක් රජයේ මුදල් වියදන් වෙන්නේ මේවට. ගොඩක් රටවල නිදහස් සෞක්‍ය අද්යාපනය දෙන්නේ නැහැ. විශේෂයෙන් දුප්පත් රටවල. සමහර පොහොසත් රටවල දෙන්නෙත් නැහැ ලංකාවේ දෙන මට්ටමෙන්. මේක ලංකාවේ කරොත් දුප්පත් මිනිස්සුන්ට සෑහෙන කෙල වෙනවා, යුනියන් කාරයෝ කලබල කරන්න ගන්නවා.
6) ඩිරෙක්ට් ටැක්ස් (income tax) වැඩි කරන එක.
ඊයේ පෙරේදා කරේ මේක. ලංකාව ඩිරෙක්ට් ටැක්ස් අඩු රටක්. හැබැයි ලංකාවේ ගොඩක් ලොකුවට සල්ලි හොයන උන් හරියට ටැක්ස් ගෙවන්නේ නැහැ. ගෙවන්න වෙන උන් පිටරට යන්න චාන්ස් වැඩියි, මොකද උන් බලනවා උන්ගේ පඩියෙන් රජයේ සේවකයෝ නඩත්තු කරන්නේ මොකද කියල.
7) වක්‍ර බදු (vat , import duty ) තව තව වැඩි කරන එක.
මේක දැනටත් තියෙනවා. වාහන ගෙන්නනකොට 200% වගේ ටැක්ස් ඉඳන් උඹලා කන බොන දේවල් වලට ඔක්කොටම පට්ට විදියට වක්‍ර බදු ගහනවා. මේක තව වැඩි කරොත් දුප්පත් උන්ට තමයි වැඩිපුර කෙලවෙන්නේ.
8) රජයේ දේපොළ විකුණන එක
රජයේ ගොඩක් දේපොළ වලින් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ. පාඩු පිට දුවන්නේ. හැබැයි මේවා කරන්න ගියොත් රටේ ඉන්න සමහර උන් පාරට බහින්න ගන්නවා සම්පත් විකුනනවා කියලා.
මේ ලිස්ට් එකෙන් එකක් හෝ කීපයක් කරන්න වෙනවා.නැත්තන් ගොඩ ඒමක් නැහැ. නන්නත්තාර වෙනවා, දැනටමත් සෑහෙන වෙලා. එකක්වත් හොඳ ඔප්ෂන් නැහැ. ඔක්කොම ඔප්ෂන් වල නරක පැති තියෙනවා. මොකක් කරත් විරුද්ධ පක්ෂේ උනුයි සාමාන්‍ය මිනිස්සුන්ගෙන් වැඩි හරියකුයි විරුද්ධ වෙනවා.