ආණ්ඩුවයි විපක්ෂයයි තකට තක

Classicsha

Member
Aug 14, 2007
122
14
0
Watford
ආණ්ඩුවයි විපක්ෂයයි තකට තක

ආණ්ඩුවයි විපක්ෂයයි තකට තක
Parliament-Cricket3-300x218.jpg

මන්ත්‍රී කණ්ඩායමට ලකුණු 70ක ජයක්

මන්ත්‍රී වරුන් හා ඇමති වරුන් අතර පැවති කතානායක අභියෝග කුසලානය අද පස්වරුවේ ටොරින්ටන් ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩා පිටියේ පැවැත්විණ. රටේ ජනතාව ඉදිරියේ එකිනෙකාට බැණවදිමින් අදහස් දක්වන ආණ්ඩුවේ හා විපක්ෂයේ මැති ඇමති වරුන් අද ඉතා සුහද ලෙස 20/20 ක්‍රිකට් තරඟයක් ගැහුවා.
කාසිය වාසිය ඇමති කණ්ඩායම දිනුවත් මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ඇමතිවරුන්ගේ කණ්ඩායම් නායක සුසිල් ප්‍රේමජයන්ත මහතා මන්ත්‍රී වරුන්ගේ කණ්ඩායමට ලබා දුන් අතර පන්දුවාර 20ක් තුලදී කඩුලු 8ක් දැවී ලකුණු 176ක් මන්ත්‍රී වරුන්ගේ කණ්ඩායම ලබාගත් අතර ඇමතිවරුන්ගේ කණ්ඩායම පන්දුවාර 20 ක් තුලදී කඩුලු 7ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 106ක් පමණි. ලකුණු 70ක ජයක් සනත් ජයසූරිය නායකත්වය ලබාදුන් මන්ත්‍රී කණ්ඩායමට හිමිවිය.
තරඟයේ හොඳම පන්දු යවන්නා ආචාර්ය හර්ෂද සිල්වා.
තරඟයේ හොඳම අකිල විරාජ් කාරියවසම්.
තරඟයේ දක්ෂතම ක්‍රීඩකයා ඩලස් අලහප්පෙරුම.
සනත් ජයසූරිය ලකුණු 42යි.
දයාසිරි ජයසේකර ලකුණු 14යි.
තිලංග සුමතිපාල ලකුණු 16යි.
නාමල් රාජපක්ෂ ලකුණු 8යි.
මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා සන්ධානය හා එජාප සජිත් පිළ සහාභාගී නොවීම සැලකිය යුත්තකි.


Source: RealGossipLanka.com