අතීතය සිහි ගැන් වූ අරවින්දගේ පුල් පහර

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අතීතය සිහි ගැන් වූ අරවින්දගේ පුල් පහර


    ශ්‍රී මධුසුදන් සායි ගෝලීය මානුශීය මෙහෙයුම මගින් දෙවැනි වරටත් සංවිධාන කරන ‘වන් වර්ල්ඩ් වන් ෆැමිලි කප්’ ආරාධිත 20යි 20 තරගය ඉන්දීය සහ ශ්‍රී ලංකා ප්‍රවීණ ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් කර්නාටක ප්‍රාන්තයේදී ඊයේ (08) පැවැත්වුණි.

    මෙම තරගයෙන් ලකුණු 6ක තියුණු ජයක් වාර්තා කළේ ඉන්දියා වන් වර්ල්ඩ් ප්‍රවීණයින්ගේ කණ්ඩායමයි.

    තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියා වන් වර්ල්ඩ් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 195ක් රැස් කළේය.
    ක්‍රිකට් පිටියෙන් සමුගෙන වසර ගණනක් වුවත් මාවන් අතපත්තු සහ මුත්තයියා මුරලිදරන් මෙහිදී රැකගත් සුපිරි උඩ පන්දු සියල්ලන් මවිත කළේය.

    ලකුණු 196ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා වන් වර්ල්ඩ් කණ්ඩායමට නියමිත පන්දුවාර 20දි කඩුලු 9ක්දැවී රැස්කර ගැනීමට හැක් වූයේ ලකුණු ලකුණු 189ක් පමණි.

    උපුල් තරංග ලකුණු 51ක් සහ රොමේෂ් කළුවිතාරණ ලකුණු 45ක් රැස් කළේය.

    අරවින්ද ද සිල්වා එම තරගයේදී සිය සුපුරුදු පුල් පහර මෙහිදි එල්ල කළේ යළිත් අතීතය සිහිගන්වමින්ය.
     
    • Love
    Reactions: War Fighter