හොංකොං සික්සස් ශූරතාව ලංකාවට..🤩

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,193
    46,976
    113
    HongKongSixes_03_11_24-1000x600.jpg


    හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලහිරු මධුසංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) සමත් විය.

    අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 3.5කදී සියලුදෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 72ක් පමණි.
    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය කඩුලු 3ක් දැවී තිබියදී තරගයේ 5වැනි පන්දුවාරයේදී පසුකර යාමට සමත්විය.
    මේ තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් ශූරතාව දිනාගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර 2007 වසරේදී මීට පෙර ශූරතාව දිනා ගැනීමට සමත්විය.