ආණ්ඩුවේ දුෂණය සහ අපි
දුෂණයට විරුද්ධව හඩ නගන පිරිස් තුන් කොට්ටශයක් ඇත .
පවුල ,පාසැල තුලින් පුද්ගලයා තුල ආකල්පමය වෙනසකට කුඩා කල සිටම යොමු කල යුතුය යන්න මගේ මතයයි .
දුෂණයට විරුද්ධව හඩ නගන පිරිස් තුන් කොට්ටශයක් ඇත .
පළමු කොට්ටාශය නම් අද රටේ සිදුවන සැබෑ පිරිහීම,දුෂණය,සම්පත් කොල්ලකෑම යථාර්තවාදීව අවබෝධ වූ එයින් සමාජයට රටට සිදුවන පරිහානිය හේතුවෙන් එයට එකහෙලා විරුද්ද වන පිරිසයි .
තවත් කණ්ඩායමක් හුදෙක් අන්තර්ජාලයෙන් ,පුවත්පත් මගින් ,විදුයුත් මාද්‍යයන්ගෙන් දකින්නට අසන්නට ලැබෙන දත්ත පදනම් කර ගනිමින් එයට විරුද්ධ වෙයි
තුන්වන කොට්ටාශය ගැන සදහන් කිරීමට පෙර මෙය සදහන් කල යුතු වේ .වර්තමාන සමාජයේ පුද්ගලයා තුල දුෂණය සහා වංචාවේ මුල බීජය හට ගන්නේ පවුල තුලින්ය .එය වත්මන් පාසැල සහ සමාජය සමග මුසු වීමත් සමග තවත් වර්ධනය වේ .සමාජයේ අති බහුතරයක් වන මෙම තුන් වන කොට්ටාශයේ පිරිස තම රැකියා ස්ථානයේ ඇතුළු සමාජයේදී සුළුවෙන් හෝ දුෂණයට වංචාවට සම්බන්ද වෙයි .බොහෝවිට මෙම බහුතර දුෂණ වංචා කටයුතු දැන් සම්ප්‍රදායිගත වී ඇත .මෙවැනි පිරිස් දුෂණයට විරුද්ධව හඩ නගනුයේ සමාජය රට ගැන තැකිමකින්ම නොවේ.ඇතැම් විට ඔවුන්ද සිතනවා ඇත ඔවුන් රටේ යහමග උදෙසා දුෂණය විරුද්ධ වනවා කියා .එහෙත් මොවුන් තමන්ගේ හර්ද සාක්ෂියට තට්ටුකර ඇසිය යුත්තේ තමන් තමන්ගේ හැකි උපරිමයෙන් දුෂණයට විරුද්ධව කටයුතු කරනවද ?තමන් විසින් සමාජයේදී කිසිම විටක දුෂණයට හවුල් නොවන්නේද යන්නයි .තවද හොදින් සිතා බැලිය යුතු කරුණ වනුයේ තමන්ට බලතල වරප්‍රසාද ලැබුනහොත් තමන් එයින් කිසිදු අයුතු ප්‍රයෝජනයක් ලබා නොගන්නේද යන්නයි .වංචාවට හා දුෂණයට කුමන අරමුණකින් හෝ එරෙහි වීම වත්මන් සමාජයේ දැඩි අවශ්‍යත්වයක් හා ඉතා සාධනීය ලක්ෂණයක් වුවත් මගේ මතය නම් මොවුන් වංචාවට දුෂණයට එරෙහි වනුයේ අභ්‍යන්තර කුහකත්වය සහා ඉර්ෂයාව පදනම් කර ගෙන බවයි.
පවුල ,පාසැල තුලින් පුද්ගලයා තුල ආකල්පමය වෙනසකට කුඩා කල සිටම යොමු කල යුතුය යන්න මගේ මතයයි .
Last edited: