ආණ්ඩුවේ ප්‍රබලයන් රටින් පනී. SB the 1st.
ආණ්ඩුවේ ප්‍රබලයන් පිරිසක් රටින් පනී! -
ලංකා ඉරිදා සංග්‍රහය
2010 ජනවාරි 08 වෙනි සිකුරාදා, 06:00
ආණ්ඩුවේ ප්‍රබලයන් පිරිසක් රටින් පැනයන සූදානමක් පවතින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත. රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන් කිහිප දෙනෙක් ද මේ සමඟම පැනයන්නට සූදානමින් සිටිති. මේ වන විටත් මොවුන් තමන් සතු වත්කම් රටින් පිටකිරීමේ ක්‍රියාවලියක නිරතව සිටින බව ද එම ආරංචිමාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලාංකිකයකු විදේශගතවීමේ දී රැගෙන යා හැකිව තිබූ අමෙරිකානු ඩොලර් 2,000 උපරිම සීමාව 5,000 දක්වා හදිසි පියවරක් ලෙස නොබෝදා වැඩිකර ඇත්තේ මුදල් රටින් පිටකිරීමේ පහසුව තකා බව පැවැසේ. මේ අනුව ඉදිරියේ දී විනිමය නීති තවත් ලිහිල් කිරීමට නියමිතව ඇත. විශාල මුදල් සහ රත්‍රං ප්‍රමාණයක් රටින් පිටකිරීමට ද සැලසුම් කර ඇත.
මේ පිරිස අතර පසුගිය කාලයේ විවිධ අයථා ක්‍රම මඟින් මිලියන ගණන් මුදල් උපයා ඇති දේශපාලනඥයන් පිරිසක් ද සිටින බව අනාවරණය වෙයි. රටින් පැන යන්නට සූදානමින් සිටින සෙසු අය අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආසන සංවිධායක ධුර පිරිනැමූ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ද සිටින බව දැනගන්නට ඇත. වැඩිදෙනෙකුගේ සැලසුම වී ඇත්තේ තම අඹුදරුවන් මැතිවරණයට පෙර රටින් පිටකර ජනවාරි 27 වන දින තමතමන් රටින් පිටවීමය.
මොවුන් මේ තීරණය ගැනීමට හේතු වී ඇත්තේ ආණ්ඩුව රහසිගතව පවත්වන ලද ජනමත සමීක්ෂණ සියල්ලේම ප්‍රතිඵල ආණ්ඩුවට අවාසි සහගත වීම නිසා බව දැනගන්නට ඇත. මොවුන්ගේ මේ සැලසුම පිළිබඳව තොරතුරු වසන් කිරීම සඳහා මේ වන විට කටුනායක ගුවන්තොටුපොළ මාධ්‍යවේදීන්ට තහනම් කලාපයක් බවට පත්කොට ඇත.

Danma oyath pana gaththa nam ela..... 