ආණ්ඩුවේ ප‍්‍රබලයන් රටින් පනී. SB the 1st.

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ආණ්ඩුවේ ප‍්‍රබලයන් රටින් පනී. SB the 1st.

ආණ්ඩුවේ ප‍්‍රබලයන් පිරිසක් රටින් පනී! -
ලංකා ඉරිදා සංග්‍රහය
2010 ජනවාරි 08 වෙනි සිකුරාදා, 06:00
go_out.jpg
ආණ්ඩුවේ ප‍්‍රබලයන් පිරිසක් රටින් පැනයන සූදානමක් පවතින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත. රාජ්‍ය මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් කිහිප දෙනෙක් ද මේ සමඟම පැනයන්නට සූදානමින් සිටිති. මේ වන විටත් මොවුන් තමන් සතු වත්කම් රටින් පිටකිරීමේ ක‍්‍රියාවලියක නිරතව සිටින බව ද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

ශ‍්‍රී ලාංකිකයකු විදේශගතවීමේ දී රැගෙන යා හැකිව තිබූ අමෙරිකානු ඩොලර් 2,000 උපරිම සීමාව 5,000 දක්වා හදිසි පියවරක් ලෙස නොබෝදා වැඩිකර ඇත්තේ මුදල් රටින් පිටකිරීමේ පහසුව තකා බව පැවැසේ. මේ අනුව ඉදිරියේ දී විනිමය නීති තවත් ලිහිල් කිරීමට නියමිතව ඇත. විශාල මුදල් සහ රත‍්‍රං ප‍්‍රමාණයක් රටින් පිටකිරීමට ද සැලසුම් කර ඇත.

මේ පිරිස අතර පසුගිය කාලයේ විවිධ අයථා ක‍්‍රම මඟින් මිලියන ගණන් මුදල් උපයා ඇති දේශපාලනඥයන් පිරිසක් ද සිටින බව අනාවරණය වෙයි. රටින් පැන යන්නට සූදානමින් සිටින සෙසු අය අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආසන සංවිධායක ධුර පිරිනැමූ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ද සිටින බව දැනගන්නට ඇත. වැඩිදෙනෙකුගේ සැලසුම වී ඇත්තේ තම අඹුදරුවන් මැතිවරණයට පෙර රටින් පිටකර ජනවාරි 27 වන දින තමතමන් රටින් පිටවීමය.

මොවුන් මේ තීරණය ගැනීමට හේතු වී ඇත්තේ ආණ්ඩුව රහසිගතව පවත්වන ලද ජනමත සමීක්ෂණ සියල්ලේම ප‍්‍රතිඵල ආණ්ඩුවට අවාසි සහගත වීම නිසා බව දැනගන්නට ඇත. මොවුන්ගේ මේ සැලසුම පිළිබඳව තොරතුරු වසන් කිරීම සඳහා මේ වන විට කටුනායක ගුවන්තොටුපොළ මාධ්‍යවේදීන්ට තහනම් කලාපයක් බවට පත්කොට ඇත.
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ඡන්ද මැෂිම රට පනී දේශීය 2010 ජනවාරි 07 වෙනි බ්‍රහස්පතින්දා, 16:14
SB.jpg
තමන් ඡන්ද මැෂිම යැයි කියා ගත් එස්.බී.දිසානායක මහතා ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 ට කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත් වූ UL 141 අංක දරන ගුවන් යානයෙන් විදේශ ගත වී ඇත. එක්සත් ජාතික පෙරමුණේ සිටි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දක්වන බවට පවසමින් සිටියදී හදිසියේම ආණ්ඩු පාර්ශවයට පැමිණි දිසානායක මහතා පැවසුවේ තමන් ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීමට මෙම පිල් මාරුව සිදු කළ බවයි.


නමුත් පසුගිය කාලයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද පදනම බිඳ වැටී ඇති බව පැහැදිලි වීමත් සමඟම නැවත වරක් පසුගිය දෙසැම්බර් 31 දින සහ ජනවාරි මස 01 වැනි දින රනිල් වික්‍රමසිංහ මහතාට දුරකතන ඇමතුමක් ලබා දී ඇති එස්.බී.දිසානායක මහතා නැවත වරක් තමා එක්සත් ජාතික පෙරමුණට එක්වීමට කැමැත්තෙන් සිටින බව පවසා ඇත. මේ අවස්ථාවේදී රාජිත සේනාරත්න මහතාද රනිල් වික්‍රමසිංහ මහතාට දුරකතනයෙන් කතා කොට පවසා ඇත්තේ එස්.බී. සමඟ තමන්ද එක්සත් ජාතික පෙරමුණට එක්වීමට කැමැත්තෙන් සිටින බවයි.

නමුත් එක්සත් ජාතික පෙරමුණේ සියලුදෙනා රාජික සේනාරත්න මහතාගේ සහ එස්.බී. දිසානායක මහතාගේ නැවත පැමිණීමට සිය විරෝධය පළ කර ඇත. මේ අතර පසුගිය දින කිහිපය තුළදී ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක රැස්වීම් වෙනුවෙන් සහභාගී නොවී එම රැස්වීම් මඟහැරි එස්.බී.දිසානායක මහතා හදිසියේම කිසිවෙකුටත් ‍නොදැනෙන පරිදි ඊයේ රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළෙන් විදේශගත වී ඇත.
 

eranga_rama

Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    machan this news has some substance.
    Because the central bank to loosen foreign exchange rate rules allowing to invest in foreign companies. If so there'll be a massive depreciate on the rupee. All this time the very tight monetory polices we maintained will become useless.

    God this is so bad....Bloody Rajapakse should go to hell.
     

    Similar threads