ආණ්ඩුවේ මීළඟ බලවතා
ආණ්ඩුවේ මීළඟ බලවතා
(2010-02-07 Irudina)
ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුව ඉදිරි දින කිහිපය ඇතුළත ඉල්ලා අස්වීමට නියමිත රජයේ සියලූම සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් සඳහා නාමල් රාජපක්ෂ මහතාට හිතවත් පුද්ගලයන් පත්කිරීමට ජනාධිපතිවරයා තීන්දු කොට ඇත.ඒ අනුව ඉල්ලා අස්වීම් නිසා හිස්වන සංස්ථා හා මණ්ඩලවල සභාපති තනතුරු සඳහාත්, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික තනතුරු සඳහාත් නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුත් "තාරුණ්‍යයට හෙටක්" හා "නිල් බලකාය" නමැති සංවිධානවල සාමාජිකයන් හට එම තනතුරු ලබාදීමට මේ වනවිටත් තීන්දු කොට ඇත.
ඉකුත් ජනාධිපතිවරණයේ දී තමාගේ ජයග‍්‍රහණය සඳහා සිය පුත‍්‍රයා වූ නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුතු ඉහත සංවිධාන දෙක විශාල වැඩ කොටසක් සිදුකළ බවට ජනාධිපතිවරයා තුළ පවතින විශ්වාසය මේ සඳහා හේතුවී ඇති බව වාරර්තා වේ. එමෙන්ම ජනාධිපතිවරයාගේ දෙවැනි වාරයේදී තේරීපත්වන නව පාර්ලිමේන්තුව තුළ අමාත්‍ය මණ්ඩලය තේරීමේ කටයුතු සඳහා ද නාමල් රාජපක්ෂ මහතා සහභාගි කරවා ගැනීමට ජනාධිපතිවරයා තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.
ජය වේවා ජය වේවා ජය වේවා

Last edited: