ආණ්ඩුවේ රට සමයං
ලොව කිරිපිටි මිල අඩුවෙද්දී බදු ගැහුවේ කිරි ගොවියා බේරා ගන්න නම් ඩීසල් මිල අඩුවෙද්දී බදු ගැහුවේ ලංකාවේ ඩීසල් නිෂ්පාදකයා බේරාගන්නද?

ලෝකයේ කිරි පිටි මිල පහල යද්දී ලංකාවේ කිරිපිටි සඳහා බදු වැඩි කෙළේ දේශීය කිරි ගොවියා රැකගැනීමට යයි ආණ්ඩුව කියන්නේ නම් ලෝකයේ ඉන්ධන මිල පහල යද්දී ඉන්ධන සඳහා බදු ගසමින් එම ලාභය පාරිභෝගිකයාට නොදුන්නේ දේශීය ඩීසල් නිෂ්පාදකයන් බේරා ගන්නදැයි එජාප පා.ම. ආචාර්ය හර්ෂද සිල්වා ප්‍රශ්න කෙළේය. මේ පුහු තර්ක බවද ඔහු කීවේය. කොළඹ අද පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේ ය.
''පෙට්‍රල් ඩීසල්වල මිළ පහළට එනකොට රජය කළේ බද්ධ වැඩි කරලා ඒ සහනය පාරිභෝගිකයින්ට නොයවා රජය බදු හැටියට ලබා ගත්තා. එතකොට ඒ කළේ දේශීය පෙට්රල්කාරයෝ බේරගන්නද ? ලංකාවේ ඩීසල් නිපදවන අය බේර ගන්නද ? නෑනේ. පුහු කතානේ. මේ දැන් කිරි පිටි වලට බදු ගහලා, කියනවා කිරි ගොවියෝ බේර ගන්න කියලා. කිරි ගොවියට හොඳ මිළක් දෙන එක අපි එපා කියන්නේ නෑ. නමුත්, පාරිභෝගිකයෝත් ඉන්නවා. බහුතර ජනතාව පාරිභෝගිකයෝනේ.''

''මේ ඊයේ පෙරේදා පත්තරේ කියලා තිබ්බා ඉස්කෝලේ යන ළමයින්ගෙන් සීයට තිස් ගානක් උදේට කිරි විදුරුවක්වත් බොන්නෙ නැතුවලූ ඉස්කෝලේ යන්නේ. ලංකාවේ ක්ෂය වීම, කුරු වීම, ශක්තිය නෑ කියනවා ළමයින්ට. ඉතිං කිරි වීදුරුව ගැන කතා ගොඩක් අපි මීට කලින් අහලා තියෙනවා. ළමයගේ කිරි වීදුරුවට ගහන්නේ නැතුව වෙන ක්‍රමයකට බදු හොයා ගන්න බැරිද ? ගිය සතියේ භාණ්ඩාගරයෙන් ඔවුන්ගේ වාර්ෂික වාර්තාව ඉවත් කරලා තිබ්බා. වැඩියෙන්ම වැඩිවෙලා තියෙන්නේ මොන බද්දද? කෑම බද්ද. සීයට 39 කින්''
මෙලෙස අසාධාරණ ලෙස පනවන බදුවලින් උපයා ගන්නා ආදායම ආණ්ඩුව යොදාගන්නේ සිය ප්‍රතිරූපය නංවා ගැනීමට බවද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කෙළේය.
මේ අතර ලෝක කිරිපිටි මිල අඩුවෙද්දී ලංකාවේ කිරි පිටි වලට බදු නොගසා වහාම කිරි පිටි මිල අඩු කරන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ කාන්තාවන් පිරිසක් ද ඊයේ කොළඹ පාරිභෝගික අධිකාරිය ඉදිරිපිටදී උද්ඝෝෂනයක් පැවැත්වූහ.

Last edited: