මමත් දැන් අවුරුදු 6ක ඉඳන් රජයේ ජොබක් කරන්නේ...උපාධිය IT එකක්..මම මුලින්ම ASSOCIATE SOFTWARE ENGINEER post එකකට apply කරලා interview එකේදී මගෙන් මුලින්ම ඇහුවේ ඇයි මෙච්චර stable job එකක් තියාගෙන it field එකට එන්නේ කියලා..ඒ interview කරපු sir පැයක් විතර මට පැත්තකට අඩගහලා කතා කලා..ඒකෙදි තමයි මට තේරුණේ රජයේ ජොබ් කොච්චර හොඳද කියලා...(සමහර විට එයාට it එපා වෙලාද මම දන්නේ නෑ) සල්ලි පස්සේ යනවා නම් විතරක් it field එක තෝරගන්න...එහෙම නැති නම් life එක balance විදියට ගත කරන්න ඕන නම් රජයේම ඉඳගෙන ඉහලට යන්න කියන එක තමයි ඒ සර් කිවුවේ..
තව දෙයක් කියන් ඕන..හැම කෙනාම දේශපාලකයාට කඩේ යන්නේ නෑ..ඒකට කැමති උන් කෝමත් කඩේ යනවා..හැබැයි වැඩ නොකරන කෙනාට හොඳම තැන රජයේ ජොබ...කවුරුත් follow කරන්නේ නෑ..ඒත් ඒහෙම හිටියොත් කවදා හරි වන්දි ගෙවන්න ගියාම තමයි වැඩේ වෙන්නේ..
අනික increment ගන්න ලොක්කන්ට මුට්ටි අල්ලන්න ඕන නෑ.(මම රස්සාවට එන්න කලින් නම් හිතං හිටියේ දේශපාලනයයි මුට්ටියයි දෙකම ඕන කියලා)තමන් හරියට රාජකාරිය කරනවා නම් ගොටු නැතිව increment හම්බවෙනවා මචං.. පඩිය ටිකක් අඩුයි තමයි..ඒත් ඒකෙන් ලොකු දේවල් කරන නිලධාරීන් ඕන තරම් ඉන්නවා..තමන් සල්ලි manage කරගෙන පඩියට අනුව වියදම හදා ගත්තා නම් කිසි අවුලක් නෑ.. මගේ යාළුවෝ ගොඩක් උන් software engineers ලා..උන් නැහෙන නැහිල්ල දැක්කම මට නම් ලක්ෂ 2ක් දුන්නත් මදි..රජයේ ජොබේ තියෙන නිදහස වෙන මොකක වත් නෑ.ඕන වෙලාවක වැඩට නොගිහින් ඉන්න පුළුවන්.. ගොඩක් වෙලාවට අසරණ අයට උදව් කරන්න chance ඕන තරම් හම්බ වෙනවා..ඒවගේ දේවල් කරලා හිතට ගොඩක් සතුටක් ලබා ගන්න පුළුවන්..
මම පුද්ගලික අංශය හෑල්ලු කරනවා නෙවෙයි යාළුවා...රජයේ ජොබක් හිත නිදහස්ව කරන්න පුළුවන් පුද්ගලික ජොබකට වඩා..සල්ලි කියන දේ ජීවිතයට ගොඩාක්ම වටිනවා කියලා හිතන කෙනෙකුට පුද්ගලික ජොබක් හොදයි...සතුට හා නිදහස අගයන කෙනෙක්ට රජයේ ජොබක් හොදයි..
ජොබක් තෝරා ගද්දි තමන්ගේ අවශ්‍යතාවට අනුව ජොබක් තෝරා ගන්නවා නම් වැඩේ හරි...
(රජයේ සේවයෙන් මට ලැබුණු ලොකුම අවස්ථාව තමයි බන්ධනාගාරයක සති 2ක් ඉන්න ලැබුන එක භාණ්ඩ සමීක්ෂණයකට..වරදක් කරන්නේ නැතිව ඒකට යන්න ලැබුන එකත් වාසනාවක් කියලා හිතනවා...ඒකනම් කොහෙත්ම අමතක කරන්න බෑ...දුප්පත් මිනිස්සුන්ට සේවය කරන එක තමන්ගේ සතුටක් නම් රජයේ ජොබට එහා ජොබක් නෑ යාළුවනේ...)
මචං උඹ කියන දෙ හරි මෙන්න මෙහෙම එවුන්ට, ඉන්න ගෙයක් උරුම වෙනවානම් දෙපළ වශයෙන් ,හො ඉඩමක්වත් නිකන් කොහෙන් හරි විකුණන් කන්න උරුම වෙනවානම් හෝ තමන්ගෙ අම්මා තාත්තා දෙන්නා හෝ දෙන්නාගෙන් එක්කෙනෙක් පරිණත රජයෙ සෙවකයන් සහ පෙන්ෂන් එක එනවානම්, පවුලෙ දැවැද්ද හදන්න නංගිලා එහෙම නැත්තම් අන්න ඒ වගෙ එකෙක්ට හොඳා .
එත් අදකාලෙ හැටියට ඉඩමක් අරන් ගෙයක් හදලා වාහනයක් ගන්න ඉන්න පෙන්ෂන් නැති වයසක දෙමාපියන් සිටින දැවැදි හදන්න නංගිලා සිටින තම බිරිඳගෙ දෙමාපියනුත් තමන්ගෙන්ම යැපෙන්න සිද්දවන ,බිංදුවෙම ඉඳන් නැගිටින කොල්ලෙක්ට ඔය රජයෙ සෙවය හරියාවිද කියන එක ප්‍රශ්නයක් .රජයෙ නෙමෙ ප්‍රයිවට් උනත් ලංකාවෙ ජොබ් කෙරුවාවෙන් නම් ගොඩ යනවා බොරු .හැබැයි කෙල්ලෙක්ට නම් අවුලක් නැහැ රජයෙ සෙවය . අපෙ සමාජෙ හැටියට කෙල්ලෙක් ජොබක් කරත් එකයි නැතත් එකයි. කෙල්ලෙක්ට අවුල වෙන්නෙ උයන්න පිහන්න ගෙදර දොරෙ වැඩපල දන්නෙ නැත්තම් නෙ. ඉතින් රස්සාවක් තියෙන කොල්ලෙක්ගෙ කරෙ එල්ලුනාහම උන් ගොඩ. එත් කොල්ලෙක්ට එහෙම බැහැ නේ ?? පැති කිහිපයක් තියෙනවා සැළකිය යුතු. එක කොණෙකින් බලලා විතරක්ම නිගමනයක් ගන්න බැහැ .


