ආණ්ඩුවේ “බ්‍රේකිං නිවුස් ”SF සහාය පළකරයි
ජනාධිපතිවරණයේ නියත පරාජය හමුවේ වියරු වැටී සිටින ආණ්ඩුවේ ගෝල බාලයන් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් පොදු අපේක්ෂක ජනරාල් සරත් ෆොන්සේකා මහතාට විවිධ අභූත චෝදනා එල්ලකිරීම සුලභ කරුණක් බවට පත්වී දැන් පත් වී ඇත.
මෙම මැතිවරණයේදී ලංකාවේ සෑම ප්‍රබල දේශපාලන පක්ෂයක්ම එක්කර ගැනීමට සමත්වූ ජනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ආණ්ඩුවේ ප්‍රභලම චෝදනාව බවට පත්වූයේ දෙමළ ජාතික සන්ධානය සමඟ ගිවිසුමක් ඇතැයි පවසමින් රට පුරා අසත්‍ය ප්‍රචාරයන් සිදු කිරීමයි.
ජනරාල් සරත් ෆොන්සේකා මහතා රටේ පිළිගත් සෑම ආගමික නායකයෙක් ඉදිරියේත්, විද්වතුන් ඉදිරියේත්, සෑම රැස්වීම් භූමියකමත් ඉතා පැහැදිලිව කියා සිටියේ තමන් කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ ගිවිසුම් අත්සන් කර නොමැති බවත් සෑම පක්ෂයක්ම තමන්ට සහාය ලබා දෙන්නේ විශ්වාසය මත පමණක් බවයි.
එහෙත් කන්න ඕනෑ වූ විට කබරගොයත් තලගොයා කර ගන්නා රාජපක්ෂ ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ආර්.සම්බන්ධන් මහතා කිසිදු ගිවිසුමක් නැතැයි කියන විටත් එය ද තමන්ගේ වාසියට හරවාගැනීමට ගොස් අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සන්ධාන මහලේකම්වරයාට ඇදගෙන නෑමට සිදුවිය.
ඒ හදිසියේම ස්වාධීන රූපවාහිනියේ “බ්‍රේකිං නිවුස් ” තිරයේ දිස්වූ අතර උදේ සිට රෑ වන තෙක් කඩේ යන අයි.ටී.එන්. නංගිලා කියාසිටියේ දැන් පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මෙසේ ප්‍රකාශ කළා යැයි කියායි.
ක්ෂණයකින් සුසිල් ප්‍රේමජයන්ත් ඇමතිවරයා කියාසිටියේ ජනරාල් සරත් ෆොන්සේකා මහතාට සහාය ලබාදීම සඳහා දෙමළ ජාතික සන්ධානය කිසිදු ගිවිසුමක් අත්සන් නොකළ බව අද පැවැත්වෙන සරත් ෆොන්සේකා මහතාගේ රැළියකට සහභාගී වෙමින් ආර්. සම්බන්ධන් මහතා ප්‍රකාශ කිරීමට සූදානමින් සිටින බවයි.
ජනරාල් සරත් ෆොන්සේකා මහතාට සහාය දක්වමින් අද පැවැත්වෙන ප්රචාරක රැළි සම්බන්ධයෙන් ජනතාව දැණුවත් කිරීම පිළිබඳ රටේ ජනතාව අයි.ටී.එන්. නාලිකාවටත් අමාත්‍යවරයාටත් ශීර්ෂ ප්‍රණාමය පුදකළ බව දිවයිනේ සතර දෙසින්ම අප වෙත වාර්තා විය.