ආණ්ඩුව අන්තර්ජාල වේගය අඩු කරයි?

ranil aiya

Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    ආණ්ඩුව අන්තර්ජාල වේගය අඩු කරයි?

    ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

    පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ සියලුම අන්තර්ජාල සම්බන්ධතා ඉතා මන්දගාමී ස්වරූපය ගන්නා බව අන්තර්ජාල පරිශීලකයන් විටින් විට මැසිවිලි නගන්නට වූ අතර මෙම තත්වය නිරීක්ෂණය කිරීම සදහා දිවයිනේ විවිධ වූ ප්‍රදේශ වල වෙසෙන අන්තර්ජාල පරිශීලකයන්ගෙන් අහබු ලෙස අන්තර්ජාල වේගය පිලිබදව දත්ත එකතු කර එම දත්ත විශ්ලේෂණයට භාජනය කෙරිමේදී අනාවරණයවූ කරුණු කිහිපයක් පහතින් දැක්වේ.

    1. අන්තර්ජාල සේවා සපයන්නන්ගේ විසින් සපයනු ලබන අන්තර්ජාල වේගය දිනක සෑම වේලාවකදීම ස්ථාවර වේගයක් නොගැනීම සහ උඩුගත වීමේදී හා භාගත කිරීමේදී එම වේගය ඉතා විශාල අයුරින් ඉහල පහල ගමන් කරනා බවත්,

    2. අන්තර්ජාල සේවා සපයන සමාගම් තම පාරිභෝගිකයන්ට ලබාදීමට ගිවිසුමකින් බැදීසිටින අන්තර්ජාල වේගයෙන් හරි අඩකට වැඩි (50% ත් 70%) අතර වේග ප්‍රමාණයක් මේ දිනවල තම පාරිභෝගිකයන්ට ලබාදීමට අපොහොසත් වී ඇති බවත්,

    3. අන්තර්ජාල සේවා සපයන්නන් රාත්‍රී 12න් පසුව ලබාදෙන දත්ත (Night Time Data) සදහා විශාල වශයෙන් අන්තර්ජාල වේගය මන්දගාමී ස්වාභාවයක් ගන්නා බවත්,

    4. මෙම අන්තර්ජාල වේගය මන්දගාමී වීම එක් අන්තර්ජාල සපයන සමාගමකින් පමණක් නොව සියලුම අන්තර්ජාල සේවා සපයන සමාගම් අතරේ දක්නට ලැබුණු පොදු නිරීක්ෂණයක් බැවින් මෙය තාක්ෂණික දෝෂයක් විය නොහැකි බවත්,

    5. මෙහි බලපෑම විශාල වශයෙන් අන්තර්ජාල රූපවාහිනී සේවා සපයන සමාගම් කිහිපයක එම අන්තර්ජාල රූපවාහිනී සේවා වලට බලපා ඇති බවත් දක්නට ලැබේ.

    මෙසේ අන්තර්ජාලය මන්දගාමී වීම පසුගිය දිනවල මෙරට සිදුවූ ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් රජය අන්තර්ජාල වේගය අඩාල කිරීමක් සිදුකොට ඇතැයි අප වෙත සැක පළවන අතර නැතහොත් අධික ලාභ ලැබීම සදහා මෙසේ අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් කටයුතු කරන්නේ නම් එවැනි වංචනික අන්තර්ජාල සේවා සපයන සමාගම් වලට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේදී බලාපොරොත්තු වන අතර යම් හෙයින් රජය විසින් මෙසේ අන්තර්ජාල වේගය මන්දගාමී කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇත්නම් එයට විරුද්ධව කටයුතු කිරීමටද අප මේ වනවිට කටයුතු සම්පාදනය කොට ඇත.

    රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
    සභාපති
    ශ්‍රී ලංකා පරිවර්තන සමුහය


    lankacnews
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    hmm kohomath slt gobilo hariyata service denne naha. Ada thibba tikath naha.:angry:
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    ehema ekak na ban. mama danne airtel network eka gena. eke nam me dawaswala neme issara unath raata kiyala lokuma congestion ekak na. but mehema ekak tyenawa ude 10 traffic peak ekak enawa eke sessions wediy data per session adui. ude 6 traffic peak ekata sessions adui data per session wadiy. e wenne ude 6 wage weddi godak aya downloads danawa. ekai. hodama welawa 12i 1i athara and 2i 5i athara. oya welawata traffic godakma adui. oya welawata karana magulak karaganin.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒක තමයි එහෙනම් සීන් එක.ස්පීඩ් නම් පට්ටම අඩුයි තමයි.