ආණ්ඩුව

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ආණ්ඩුව ඇතුලෙත් දැන් පිල්ලි බෙදෙන්න පටන් ගන්න වගේ යන්නේ. එළ එළ ඔහොම යමු. :P:P

    මට මහ ඇමැති ධුරය නොලැබුණොත්
    උ/මැ මන්ත්‍රීවරු 130 ක්‌ ඉවත් වෙනවා
    - බර්ටි ප්‍රේමලාල් දිසානායක

    අනුරාධපුර - සිරිල් බස්‌නායක

    තමාට මහ ඇමැති ධුරය ලබා නොදුනහොත් උතුරුමැද පළාත් පාලන මන්ත්‍රී සංසදයේ සිටින මන්ත්‍රීවරු එකසිය පනස්‌ හතරෙන් (154), එකසිය තිස්‌ දෙනකු (130) එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් ඉවත් වන බව උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා අනුරාධපුර නගරයේදී ඊයේ (20 වැනිදා) පැවසීය.

    තමාට මහ ඇමැති ධුරය ලබානොදුනහොත් ඇමැති ධුර ද භාර නොගෙන සාමාන්‍ය මන්ත්‍රීවරයකු ලෙස ස්‌වාධීනව පළාත් සභාවේ සිටීමට තීරණය කර ඇතැයි හිටපු මහ ඇමැතිවරයා කීවේය. උතුරු මැද පළාත් මහ ඇමැතිවරයා තෝරා පත්කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරන්නේ අමාත්‍ය එස්‌. එම්. චන්ද්‍රසේන මහතා පමණක්‌ බවත් ඒ සඳහා පත්කර ඇති කමිටුව හෝ පක්‍ෂ ලේකම් තබා ජනාධිපතිතුමා වත් ප්‍රකාශ නිකුත් කර නැතැයි හිටපු මහ ඇමැතිවරයා පැවසීය.

    එම මන්ත්‍රී සංසදය සමග එක්‌ව බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා සිය අනුරාධපුර නිවසේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මෙම අදහස්‌ පළ කළේය.

    වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් හිටපු ප්‍රධාන ඇමැතිවරයා මෙසේද පැවසුවේය.

    එස්‌. එම්. අමාත්‍යවරයා මාධ්‍යයට මේ ප්‍රකාශ කරන්නේ තනිවමයි. ප්‍රධාන ඇමැති තේරීමේ සම්ප්‍රදායට අනුව පක්‍ෂ නායකත්වය ඒතීන්දු තීරණ අරගෙනයි නිවේදන නිකුත් කරන්නේ. එහෙම නිවේදන නිකුත් වී නැහැ.

    වැඩිම මනාප ගැනීම මහ ඇමැතිකම ලබාගන්නට සුදුසුකමක්‌ නොවේ. වෙනත් මැතිවරණවලදී ද එය ඔප්පු වෙලා තියෙනවා.

    ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය බලගතු පක්‍ෂයක්‌. ජනාධිපතිතුමා සාධාරණ තීන්දුවක්‌ ගනීවි කියල මම බලාපොරොත්තු වෙනවා.

    අනුරාධපුරය එක්‌සත් ජාතික පක්‍ෂයේ බලකොටුවක්‌ව තිබුණේ. මහින්දසෝම අධිකාරි කාලේ අපිට නිල්පාට තොප්පියක්‌වත් දාන්න බැරිව හිටියේ. අද මේක ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ බලකොටුවක්‌ කරන්නට මම විශාල කැප කිරීමක්‌ කළා.

    පළාත් පාලන මන්ත්‍රී සංසදයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රාදේශීය සභා මන්ත්‍රී සරත් වීරවංශ මහතා අදහස්‌ දක්‌වමින් මෙසේ පැවසුවේය.

    දිස්‌ත්‍රික්‌කයේ විශිෂ්ට නායකයකු ලෙස බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා අප පක්‍ෂයේ ජයග්‍රහණය උදෙසා අපව මෙහෙයවලා රජය පත් කළා. අපි බලාපොරොත්තු වෙනවා බර්ටි ප්‍රේමලාල් වැනි ජ්‍යෙෂ්ඨයකුට පළාතේ මහ ඇමැති ධුරය ලබාදීමට ජනාධිපතිතුමා කටයුතු කරාවි කියලා. නැති වුවහොත් මේක පක්‍ෂයේ බරපතළ බිඳවැටීමක්‌ වෙනවා. අප සංසදයේ 130 දෙනකු පක්‍ෂයෙන් ඉල්ලා අස්‌වෙනවා.

    නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ද මේ අවස්‌ථාවට සහභාගි විය.





    කවුරු මොනවා කිව්වත් මහ ඇමැති මමයි
    - එස්‌. එම්. රංජිත්


    නෝමන් පලිහවඩන

    මගේ පත්වීම ගැන එක එක්‌කෙනා විවිධ කතා කියනවා. නමුත් පක්‍ෂයෙන් උතුරුමැද පළාතේ මහ ඇමැති ධුරයට මාව පත් කරලා ඉවරයි. පරාජිත පුද්ගලයන් මේ ගැන මොන කතා කිව්වත් පලක්‌ නැහැ. මගේ ගමන මම යනවා. පරාජිත පුද්ගලයන් ඕනෑම මතයක්‌ පළ කළාට අමනාපයක්‌ නැතැයි මෙවර පළාත් සභා මැතිවරණයේ උතුරුමැද පළාතෙන් වැඩිම මනාප ලැබූ එස්‌. එම්. රංජිත් මහතා "දිවයින"ට පැවසීය.

    තමා උතුරුමැද පළාත් සභාවේ මහ ඇමැතිවරයා ලෙස පත් කිරීම ගැන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත මුළු හදින්ම ස්‌තුති කරන බවද උතුරුමැද පළාත් සභාවේ මහ ඇමැතිවරයා ලෙස පත්වූ එස්‌. එම්. රංජිත් මහතා "දිවයින"ට ඊයේ ප්‍රකාශ කළේය. කාලාන්තරයක්‌ තිස්‌සේ අනුරාධපුර ජනතාවට නව මහ ඇමැතිවරයකුගේ අවශ්‍යතාව පෙනී ගිය බවද තමා වැඩිම මනාප ලබාගත් ජයග්‍රහණයෙන් එA බව සනාථ වූ බවද සඳහන් කළ
    එස්‌. එම්. රංජිත් මහතා තමාගේ ජයග්‍රහණය තකා දිවි හිමියෙන් වෙහෙස මහන්සි වී ක්‍රියා කළ සැමට තමා අවංකව ස්‌තුති කරන බවද සඳහන් කළේය.

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙම තනතුරට තමා පත් කිරීම නිසා මෙම පළාතේ ජනතාවගේ සිතුම් පැතුම් ඉටු වූ බවත් හෙතෙම සඳහන් කළේය.

    අනුරාධපුර ජනතාවට මෙතෙක්‌ ඉටු නොවූ සේවා රැසක්‌ ක්‍රියාත්මක කිරීමට සැලැස්‌මක්‌ දියත් කර ක්‍රමානුකූලව වැඩපිළිවෙළක්‌ ආරම්භ කරන අතර පක්‍ෂ භේදයෙන් තොරව සාධාරණව සහ අවංකව තමා සතු යුතුකම් ඉටු කරන බවට ජනතාවට පොරොන්දු වෙන බවත් හෙතෙම පැවසීය.

    උතුරුමැද පළාතේ මහ ඇමැති ධුරයට තමාව පත් කිරීම සඳහා තම සොහොයුරු එස්‌. එම්. චන්ද්‍රසේන මහතා තම කැබිනට්‌ ඇමැති ධුරය පවා අත්හැරීමෙන් කළ පරිත්‍යාගය ඉතා අගය කරන බවද හෙතෙම කීය.