ආණ්‌ඩුව අශූචි ගොඩක්
මෙදා පාර ආණ්‌ඩුවට උත්තර බඳින්නට සිදුව ඇත්තේ දොස්‌තරලාටත් නොව, වෛද්‍ය ශිෂ්‍යයන්ටත් නොව සයිටම් ශිෂ්‍යයන්ටත් නොව, පුද්ගලික බස් මුදලාලිලාටත් නොව තැපැල් සේවකයන්ටත් නොව මහා සංඝරත්නයට ය. ෙත්‍රෙනිකායික මහ නා හිමිවරුන්ට ය.
ඒ බව පැහැදිලි කෙරෙන මහ පුවතක් අද දිවයිනේ මුල් පිටුවේ පළ වී තිබේ. ඒ පුවතට අනුව, ආගමික සහ ජාතික සහජීවනය රැකීම සඳහා ආණ්‌ඩුව මෙතෙක් කර ඇති දේ සම්බන්ධයෙන් මහ නාහිමිවරු තෘප්තියට පත්ව නැත්තාහ. ඒ අනුව උන්වහන්සේලා කියන්නේ මේ සිදු වී ඇති නස්‌පැත්තිය ගැන පරීක්‍ෂා කරනු පිණිස අපක්‍ෂපාතී කොමිසමක් පත් කර එම කොමිසමේ වාර්තා ප්‍රසිද්ධ කරන ලෙස ය.
ගිය ආණ්‌ඩුqව අවුරුදු දහයක් තිස්‌සේ ඇනූ ඇනිල්ල මේ ආණ්‌ඩුව පළමු අවුරුදු දෙක තුළදී අනා ගත්තේ ය. එමතුදු නොව මේ ආණ්‌ඩුව කටයුතු කරන්නේ පහත සඳහන් ආකාරයට යá දිනක් මිතුරන් දෙදෙනෙක් මහමඟ යමින් සිටියහ. මේ දෙදෙනාගෙන් පළමුවැන්නා, අනෙකාගේ මතයට ගරු කරන අතර දෙවැන්නා අනෙකාගෙA මතය පිළිගන්නේ දුෂ්කර ව්‍යායාමවලින් පසුව ය. දිනක් මේ දෙදෙනා පාරක් දිගේ ගමනක් යමින් සිටියදී ඉදිරියේ තිබෙන අශූචි ගොඩක් දර්ශනය විය. පළමුවැන්නා එය පයට පෑගීමේ අවදානම සලකා අයින් වී යමු යෑයි දෙවැන්නාට යෝජනා කළේ ය. එහෙත් එය අශූචි ගොඩක් නොවන බැවින් පෑගීමෙහි වරදක් නැති බව දෙවැන්නාගේ මතය විය. මෙවිට එය ස්aථිර වශයෙන් ම අශූචි ගොඩක් ම බවට පළමුවැන්නා තර්ක කරන්නට විය. එයට විරුද්ධ වූ දෙවැන්නා දීර්ඝ තර්කයකින් පසු අත්දැකීමකින්ම එය අශූචි ගොඩක් බව දැනගනු පිණිස එයින් කැබැල්ලක් කඩා සිඹ බලා ඉනුත් නොනැවතී කොටසක් අනුභව කර තම සැකය දුරුකර ගත්තේ ය.
මේ ආණ්‌ඩුව කරන ගොන් වැඩ සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් දීම සඳහා ඉහත සඳහන් උදාහරණයට වැඩි උදාහරණ මෙය කියවන පාඨකයා දැන සිටින බව අපි දනිමු. සයිටම් ප්‍රශ්නය, කුණු ප්‍රශ්නය, ගංවතුර සහ නාය යැම් යන ප්‍රශ්න තුනේදීම ආණ්‌ඩුව අනුගමනය කර ඇත්තේ පෙර කී මිත්‍රයා අශූචි සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තියම ය. සයිටම් ප්‍රශ්නය නිසා ජනප්‍රිය හය වැනි මාසයේදීත් වෛද්‍ය ශිෂ්‍යයෝ පන්ති වර්ජනවල නිරතව සිටිති. මේ ශිෂ්‍යයන්ට කනට දෙකක් ගසා පන්තිවල ඉගැන්වීමේ ප්‍රේමදාස ප්‍රතිපත්තිය වැනි යාන්ත්‍රණයක් ආණ්‌ඩුවට නැත. මේ ප්‍රශ්නය අල්ලාගෙන වෛද්‍ය සංගමය වර්ජනය කරන විට වෛද්‍යවරුන් ගල ග්‍රහණයෙන් ගෙන උන් රෝහල්වලට ගෙනගොස් දැමීමේ ප්‍රේමදාස යාන්ත්‍රණයක් ද ආණ්‌ඩුවට නැත. තැපැල් සේවකයන් වර්ජනය කරන විට "අද ලියුම් නැත්තේ තැපැල් කාරයා වැඩට පැමිණ නැති නිසාය" වැනි නියාලු සිතුවිල්ලකින් සිත සනසා ගැනීමේ ක්‍රමවේදය හැර තැපැල්කාරයන් වැඩ වරා ඇත්තේ ඇයි දැයි යන්න සෙවීමේ යාන්ත්‍රණයක් ආණ්‌ඩුවට නැත. මෙහිදී තැපැල් වර්ජනයෙහි යෙදෙන තැපැල් සේවකයන් සාධාරණ බව අපි නො කියමු. නුවර, නුවරඑළිය, ගාලු කොටුව යන තැන්වල තැපැල් කන්තෝරු ටුවරිස්‌ට් හෝටල් කිරීමට ආණ්‌ඩුව තීන්දුවක් ගත් විට එයට එරෙහිව කරන වැඩ වැරුම කිසිසේත්ම වලංගු නැත. මන්ද එය ආණ්‌ඩුවේ ප්‍රතිපත්තිමය තීරණයකි. එයට ඇඟිලි ගැසීමේ අයිතිය තැපැල් කාරයන්ට නැත. අද ආණ්‌ඩුව ගන්නා හැම ප්‍රතිපත්තිමය තීන්දුවකටම එරෙහිව රාජ්‍ය සේවකයෝ පාරට එති. මේ සඳහා ඔවුන් ආදර්ශය ලැබුවේ කොහෙන්ද? සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික (බිස්‌නස්) ව්‍යාපාරය, පුරවැසි බලය (අලය නොවේ) වමේ කේන්ද්‍රය (මෙය කේන්aදර බලන තැනක් නොව වෙන ව්‍යාපාරයකි). අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලය වැනි තැන්වලිනි. ගිය ආණ්‌ඩුව පෙරළනු පිණිස ඉහත සඳහන් සියලු විෂබීජවල උදව්ව මේ ආණ්‌ඩුව ලබා ගත්තේය. එම විෂබීජ අද වන විට සමස්‌ත ලංකා මට්‌ටමේ රෝග බවට වර්ධනය වී ඇති අතර තිබෙන ආණ්‌ඩුවට ඉන් ගැලවීමක් නැත.
මේ රට සිදු වෙමින් පවත්නා දෙය ගැන ආණ්‌ඩුව කුමක් හෝ කළ යුතු ය. නො එසේ නම් රටක් නැති ආණ්‌ඩුවක් හෝ ආණ්‌ඩුවක් නැති රටක් යන දෙකෙන් එකක් බිහිව ඉහත සඳහන් ව්‍යාපාර සියල්ල එක්‌ව පුද්ගලික සමාගමක් වී රට පාලනය කිරීමට නියමිතය.