ආතතිය-(stress)

\UseR NamE

Member
Oct 31, 2011
390
111
0
අප නොමරා මරණ ආතතිය
313jggw.jpg


අප ගත සිත අතර ඇති සංකීර්ණ සම්බන්ධතාවයන් තුළින් ඇතිවන ක්‍රියාදාමයන් ගෙන් අප නොදැනුවත්වම මතුවන අපට හානිදායක තත්ත්වයන් අතරින් ආතතිය (stress) මුල් තැනක්‌ හොබවයි. නොදැනුවත්කම නොදැනීම තරම් භයානක දෙයක්‌ මේ මිහිපිට නැති අතර, එම නොදැනුවත්කම හඳුනාගෙන ඒවා දැනුවත් කිරීමට උත්සාහ කිරීම සුබවාදී දර්ශනයකි.

තොටිල්ලේ සිට මරණ මංචකය දක්‌වා ලිංගික භේදයකින් තොරව, කුල මල භේදයකින් තොරව, උස්‌ පහත් භේදයකින් තොරව, එක්‌ එක්‌ අවස්‌ථාවන්හි එක්‌ එක්‌ විධියට එක්‌ එක්‌ අයෙකුට මනසේ ඇතිවන, බොහෝ විට හානිකරවූ අවස්‌ථාවක්‌ හැටියට ආතතිය හඳුන්වා දිය හැකිය. මෙම තත්ත්වයට නෑකම් කියත හැකි මනසේ ඇතිවන අනිකුත් තත්ත්වයන් නම් භීතිකාව (Phobia) සහ උද්වේගයයි. (Anxiety)

ආතතිය යනු කුමක්‌ද? කුමක්‌ නිසා එය හටගනීද? කා හට ඇතිවේද? එහි කෙටිකාලීන හා දීර්ඝකාලීන ආදීනව මොනවාද? මෙම තත්ත්වය වළක්‌වා ගන්නේ කෙසේද? යන්න අධ්‍යයනය කිරීමට පෙර ආතතිය, උද්වේගය සහ භීතිකාව යන මනසේ ස්‌වභාවයන් වෙන්කර හඳුනාගත යුතුය.

භීතිකාව යනු කුඩා කල ඇතිවුණ බියක්‌ හෝ තැති ගැන්මක්‌ වැනි දෙයක්‌. වැඩිමහල් අවධිය තෙක්‌ පැවතීමෙන් මුල්බැහැ ගත් දීර්ඝකාලීනව මනසේ පැවතෙන ස්‌වභාවයකි. උස්‌ ස්‌ථානවලට බියවීම, විරුද්ධ ලිංගිකයන්ට බියවීම, ජලයට බියවීම මෙම ගණයට අයත් වන අතර, පිස්‌සුබලු රෝගය ජලභීතිකාවක්‌ ලෙස හැඳින්වුවත් මෙම ගණයට ඇතුළත් කළ නොහැකිය.

උද්වේගය දෙපැත්ත කැපෙන පිහියක්‌ වැනිය. එය හොඳ සහ නරක දෙකටම යොදාගත හැකිය. අප පෙළඹවීමට එක්‌තරා ප්‍රමාණයක උද්වේගය අවශ්‍ය වුවත් තිබිය යුතු ප්‍රමාණයට වඩා උද්වේගය වැඩිවීම ශරීරයට හිතකර නොවන අතර, හානිදායක ද විය හැකිය. විභාගයක්‌ ළංවූවිට ශිෂ්‍යයකුට ඇතිවන නොසන්සුන්තාවය, විභාගයට මුහුණදීමට ඇති බිය, ආගන්තුකයෙක්‌ පළමු වතාවට මුණගැසුණු විට ඇතිවන බිය, පිළිකා වැනි රෝගවලින් පෙළෙන්නකුට ඇතිවන බිය මෙම ගණයට අයත්ය.

ගත සහ සිත අතර ඇතිවන ක්‍රියාවලියෙන් නිපදවෙන සමහර දැයින් ශරීරයට විය හැකි හානි, පිටස්‌තර ද්‍රව්‍යයන්ගෙන් ඇතිවන හානිවලට වඩා වැඩිවන අවස්‌ථා වෛද්‍ය විද්‍යාවේ හුවා දක්‌වා ඇති අතර, ආතතිය අභ්‍යන්තරව ඇතිවන හානිදායක ක්‍රියාවලියන් අතර මුල් තැන හොබවයි.

උච්ඡේදනයක්‌ නිසා ඇතිවන ප්‍රතිචාරයට අනුව, අවස්‌ථාවට මුහුණදීම හෝ අවස්‌ථාවෙන් පලායැම සිදුවේ. මෙම අවස්‌ථා දෙකේදීම ශරීරයේ ඇඩ්රිනලීSල් ප්‍රමාණය වැඩිවේ. වැඩිවන ඇඩ්රිනලීන් ප්‍රමාණයට සමගාමීව ශරීරයේ විවිධ අවයවයන්ගේ ක්‍රියාකාරිත්වයන් ද වෙනස්‌ වෙයි. හුස්‌ම ගැනීමේ වේගය වැඩිවීම, හෘද ස්‌පන්දනය වැඩිවීම, රුධිර පීඩනය වැඩිවීම, ගැස්‌ටි්‍රක්‌ අම්ලය වැඩි වශයෙන් නිපදවීම, ජීර්ණ පද්ධතියේ අම්ලගතිය වැඩිවීම, ජීර්ණය සඳහා වැඩිපුර ආහාර ප්‍රමාණයක්‌ කුසට අවශ්‍යවීම, හෝර්මෝන පද්ධතියේ සමතුලිතතාවය නැතිවීම හා ශරීරයේ පිටකළ යුතු අපද්‍රව්‍ය ප්‍රමාණය පමණ ඉක්‌මවා යැම මෙම වෙනස්‌වීම වේ.

අපට අවශ්‍ය දෑ නොලැබෙන විටත් අප කිරීමට බලාපොරොත්තු වන දේ කිරීමට නොහැකි වන විටත් ආතතියක්‌ ඇතිවීම වළක්‌වා ගැනීම අපහසුය. මීට ඉහත සඳහන් කළ "තොටිල්ලේ සිටින බිළි¹ගේ සිට මරණ මංචකය" දක්‌වා ආතතිය ඇතිවන බව කියන කියමනට අපි මඳක්‌ හිත යොමු කරමු.

තොටිල්ලේ සිටින බිළිඳා තෙමාගත් විට ඔහුට ඇතිවන්නේ ආතතියකි. මෙය හරිහැටි ප්‍රකාශ කිරීමට ඔහුට ශක්‌තියක්‌ නැත.

බඩගිනි වූ විට ද ඔහුට ඇතිවන්නේ ආතතියකි. එය ද හරිහැටි ප්‍රකාශ කිරීමට ඔහුට ශක්‌තියක්‌ නැත.

පවුලට තව දරුවෙක්‌ එකතුවීම නිසා වැඩිමහල් දරුවාට ආතතිය ඇතිවීම තව කරුණකි.

අනාගතයට බියවීම, අතීතය ගැන පසුතැවිලිවීම. ද ආතතියකට මුල් වන කාරණා අතර වේ. ප්‍රියයන්ගෙන් වෙන්වීම, රැකියාවක්‌ නැතිවීම, තම තත්ත්වයට හානි සිදුවීම, ආරක්‌ෂාවට තර්ජනයක්‌ ඇතිවීම, මමත්වයට හානිකාරීවීම අනිකුත් කාරණා වේ.

පළමුවරට පාසලට යන දරුවෙකුට ඇති වන්නේද ආතතියකි. පළමු ගුරුවරයා සමඟ ඇතිවන සම්බන්ධතාවය ද ආතතියට තුඩුදිය හැකිය. පාසල් දිවියෙන් පසු ආදරවන්තයන් සමඟ ඇතිවන හබවලදී ඇති වන්නේද ආතතියකි. නුරුස්‌සන අයගේ ආශ්‍රය ද අප්‍රිය වදන් ශ්‍රවණය කිරීමද, පමණට වඩා ශබ්ද ඇසීම ද රාජකාරි ස්‌ථානවල පාවිච්චි වන පරුෂ සහ අසැබි වචන ද බොහෝ විට ආතතියට තුඩු දේ. බොහෝ කාරණාවලට කාල වකවානුවක්‌ ද නැත්තේ නොවේ. දිනපතා සිදුවන ක්‍රියාදාමයන් ද, ස්‌ත්‍රීන්ගේ මාසික ඔසප්වීSම වැනි මාසිකව සිදුවන දේද ආතතියට තුඩුදිය හැකිය. තමා තබාගත් බලාපොරොත්තු සීමාවෙන් ඉක්‌ම යැම, තම වගකීම හැකියාවන් අභිබවා යැම, තම ආකල්ප පිළිගත් දෛනික හැසිරීම් රටාවෙන් වෙනස්‌වීම, ආතතියට තුඩුදෙන කරුණු හැටියට ගණන් ගත හැකිය. අපගේ ආකල්ප සාමාන්‍ය හැසිරීම්වලට අනුකූලව පවත්වාගෙන යැමෙන් ආතතිය අවම කර ගත හැකිය. යන්ත්‍ර සූත්‍ර, මානව සම්පත සහ කාලය යන කාරණා තුන නිසි පරිදි හසුරුවා ගැනීමට බැරිවීම ආතතියට හේතුවන අතර, මෙයින් කාලය හසුරුවා ගැනීම නැතහොත් කාල කළමනාකරණය නැතිවීම ආතතිය ඇතිවීමට මූලික හේතුවක්‌ හැටියට අර්ථකථනය කළ හැකිය. ඉදිරි පැය 24 එනම් වර්තමානය නිසි පරිදි පාලනය කර ගැනීමෙන් ආතතිය මුළුමනින්ම වාගේ වළක්‌වා ගත හැකිය.

ආතතිය යනු කුමක්‌ද? ඇතිවන්නේ කාහට කුමන අවස්‌ථාවන්හි මක්‌නිසාද, යන්න තේරුම් ගතහොත් එය කෙසේ අවම කර ගත යුතුද යන්නට කරුණු කාරණා සෙවීම අපහසු නැත.

ආතතිය ඇතිවීම හරියට ගිලින්න බැරි තරම් දේවල් කටේ දමා ගැනීමට සමාන කළ හැකිය. අපගේ මනසට ඔරොත්තු දීමට බැරි තරම් ඕනෑ දේවල් සහ එපා දේවල් මනසට ඇතුල් කරගතහොත් එය යකාගේ කම්මලක්‌ බඳු වෙනවා නොඅනුමානයි. මෙය ආතතිය ඇතිවීමට තුඩු දෙන ප්‍රධානම කාරණයයි. මනස වියවුල් වුණ විට අපගේ සිතීමේ ශක්‌තිය සහ ධාරණ ශක්‌තිය අඩපණ වන බව අවිවාදයෙන්ම පිළිගත යුතුය. අප කෙසේ මෙයින් ගැලවෙන්නේද? මුලින්ම අප අපව තේරුම් ගත යුතුය.

අපගේ සීමාවන් තේරුම් ගතහොත් ඒ අනුව අපට බලාපොරොත්තු ඇතිකර ගත හැකය.

අපගේ හැකියාවන් තේරුම් ගතහොත් ඒ අනුව අපගේ වගකීම් සීමාකර ගත හැකිය.

ආතතිය මඟහැරීමට ඇති එකම මඟ නම් අප කළ යුතු දේ වලින් හදිසි නැති වැදගත් දෙයට මුල්තැන දී එම රාජකාරී හදිසිවීමට ප්‍රථම කිරීමෙන් ද වැදගත් නැති හදිසි දැ තමාට කිරීමට නොගෙන වෙනත් සුදුසු කෙනෙකුට පැවරීමෙන්ද, වැදගත් නැති හදිසි නැති දේවල් කිරීමෙන් වැළකීමෙන් සහ නොවැළැක්‌විය හැකි වැදගත් සහ හදිසි දේවල්වලට පමණක්‌ සිත යෙදවීමෙන්ද ආතතිය දුරු කළ හැකිය.

මේජර් ජෙනරාල් තිලක්‌ ජයවීර
(විශ්‍රාමික)
http://www.divaina.com/2012/01/07/sayanaya01.html