ආතල් කතා

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    chrome_2018-06-21_11-00-37.jpg


    බූරු පොළක් වැටලීමට පොලිසියෙන් පනිද්දී එක් පුද්ගලයකු තමන් අල්ලා ගන්නටත් පෙර පොලිස් ජීප් රියට ගොඩ වූ පුවතක් බස්නාහිර පළාතේ ගමකින් වාර්තා විය.


    සිද්ධිය මෙසේය. එම ගම්මානයේ මහා පරිමාන බූරු
    පොළක් පවත්වාගෙන යන බවට පොලිසියට තොරතුරු ලැබී ඇත. ඒ අනුව එම බූරු පොළ වැටලීමට ගොස් ඇත.
    එම බූරු පොළෙහි සිය දෙසීය පිට ඔට්ටු අල්ලන තරමක් මෝඩ පහේ කෙනෙකු ද සිට ඇත.

    කෙසේ වෙතත් පොලිසියෙන් පැන ඇති බව දුටු බුරු පොළෙහි සිටි පුද්ගලයින් හිස් ලුලු අත දිවී ගොස් තිබේ. මේ අවස්ථාවේ පොලිස් ජීප් රියෙහි සිට ඇත්නේ ජීප් රථ රියැදුරා පමණි. වේගයෙන් ජීප් රිය දෙසට දුව ආ පුද්ගලයකු ජීප් රියේ දොර විවෘත කර වාඩි වී දොර වසාගෙන හති අරින්නට වී තිබේ. එවිට පොලිස් රියැදුරා ඔහු අමතා අයියේ අනිත් මිනිස්සු දුවද්දී ඇයි තමුන් විතරක් ජීප් එකට නැග්ගේ.

    අවංකකම හින්දා බේරන්නද?" යැයි අසා ඇත. එවිට ඔහු "නෑ සර් මෙනන ඉඳලා පොලිසියට ගොඩක් දුරයි. ගිය පාර අහුවෙච්ච වෙලාවේ මට වාඩිවෙලා යන්න සීට් තිබුණේ නැහැ හිටගෙන හිටියේ. ඒකයි මම කලින්ම ඇවිත් සීට් එක අල්ලා ගන්නේ" යැයි පවසද්දී ජීප් රථ
    රියැදුරාට සිනහව නවතා ගන්න බැරි වුණාලු.



    (source : lankadeepa.lk)