කොච්චර සල්ලි හම්බ කරත් අැති වැඩක් නැහැ ඒ හම්බ වෙන සල්ලි කලමණාකරනය කරන්න බැරිනම්.අන්න ඒක හොඳට මතක තියාගනින්.



මිනිහෙක් ඒ ඒ වයසට ආවම ඒ ඒ කාලෙට ගැලපෙන දේ කරන්න ඕන.
සල්ලි හොයලා ගෙයක් හදාගෙන වාහනයක් අරන් සල්ලි ඉතුරු කරලා ළමයි හදන්න කියලා කසාද බඳින්න කල් යනවා.
කසාද බැඳපු අයත් කසාද බඳිනවා කියන්නෙ හැමදාම හැම වෙලාවෙම ගෑනියි මිනිහයි කතිරෙ දාන එක කියලා හිතාන ළමයි හිටීවි කියලා අනම්මනම් බෙහෙත් බොනවා. පස්සෙ ළමයි හදන්න ඕන කියලා බෙහෙත් බොන එක නැවැත්තුවත් කතිරෙ දාපු ගමන් පොඩි එකෙක් බඩට එන්නෙ නෑ. මොකද බෙහෙත් වලින් ඇඟේ හෝමෝන චක්රය වෙනස් කරලා - එක්කො බිරින්දෑ වයසට ගිහිල්ලා.
එහෙම නැතිව අවුරුදු 30දි විතර කසාද බැඳලා අවුරුදු 35 වෙද්දි ළමයි දෙන්නෙක්වත් හදා ගත්තා කියන්නෙ දෙමව්පියන්ට යමක් කරන්න පුලුවන් කාලෙ ළමයි ටික ලොකු වෙනවා. දෙමව්පියන්ට බැරි කාලෙක දෙමව්පියන්ට සලකන නොසලකන එක කෙසේ වෙතත් දරුවන් තමන්ගෙ හයියෙන් රස්සාවක් කරන තත්වෙට ගේන එක දෙමව්පියන්ගෙ බලාපොරොත්තුවක්. දරුවන්ට රස්සාවක් කරන්න පුලුවන් තත්වෙට එන්න කලින් දෙමව්පියන් අබල දුබල වුනාම හැමෝම දුක් විඳිනවා. දරුවන්ගෙ අනාගතෙත් අවිනිශ්චිතයි.
අනික සල්ලි හොයන්න ගත්තම ඇතිවීමක් නැති නිසා ජීවිතේ අනික් හැමදේම නැතිවෙන්න පුලුවනි. සතුට කියන්නෙ සල්ලි හොයන එක විතරක් නෙවි හොයන සල්ලි වියදම් කරලා ජීවිතේ විඳින එක. ප්රශ්න එන්න එන්න ඒවා ජයගන්න එක තමයි ජීවිතේ කියන්නෙ.
වාහනයක් නොතියෙද්දි ළමයෙක් වඩාන බස් වල යන දුක දැනුනු කෙනා තමන්ටම කියලා වාහනයක් ගන්න හිතන්නෙ වාහනයක් අරන් ළමයි හදන්න ඉන්න කෙනාට වඩා සාර්ථක විදියට. මොකද ළමයෙක් නැතිව වාහනේ ගන්න කෙනා තමන්ගෙ අතේ තියෙන සේසතම වියදම් කරලා ණයත් වෙලා වාහනයක් ගනීවි. බැඳලා නැතිනම් බඳින්නත් ණය වේවි. ඒ වුනාට ළමයෙක් ඉන්න කෙනෙක් එච්චර ලොකු මුදලක් වියදම් කරනවාට අමතරව ණයත් වෙන්න සිද්ද වෙන තීරණ ගන්නෙ බොහාම කල්පනාකාරීව.
පහල ටික කියවන්න ඉස්සෙල්ලා මේක පොඩ්ඩක් බලපන් !
මමනම් කියන්නෙ දුක්විඳින්න ළමයි හදන්නෙ නැතුව. හොඳ ආර්ථික තත්වයකට ආවට පස්සෙ ළමයෙක් හදන එක හොඳයි. උපදින්න ඉන්න ළමයින්ට හොඳ ජීවිතයක් ගතකරන්න පුළුවන් ආර්ථික තත්වයක් ඇතිකරගෙන ඊට පස්සෙ බැඳපන්. මොකද ඉස්සෙල්ල බැඳල පස්සෙ දුරදිග හිතන්නෙ නැතිව ළමයි හදල දුක්විදින්න සිද්දවෙන ඉඩකඩ වැඩියි. උඹට විතරක් නෙවේ ඒ ඉපදෙන දරුවටත් ඒ තත්වෙ හදන්නෙ උඹ. ඒ නිසා ආතල් ගන්න කලින් පොඩ්ඩක් හිතපන්. මම නම් බඳින්නෙම මම නිසා උපදින්න ඉන්න ළමයින්ට හොඳ ජීවිතයක් ගතකරන්න, උන්ට උවමනාදේ අරන්දෙන්න පුළුවන් ආර්ථික තත්වයක් මට ඇතිවුණු දවසට විතරයි.
මේක කියවන තාම බැඳල නැති එහෙම නැත්තන් තාම තාත්තල වුනේ නැති උන්ට වුනත් කියන්න තියෙන්නෙ. කාර් එකක්වත් ගන්නෙ නැතුව ළමයි හදන්න එපා බන්. පව් උන්. අපි ඕන තරන් දකින්නෙ ළමයි වඩාගෙන, ළමයි හම්බවෙන්න ඉන්න අය ඕන තරම් බස්වල යනවා. මොන කරුමයක්ද උන් ගෙවන්නෙ? ඒවා උන්ගෙම වැරදි.
ගන්න ආතල් එකක් ගනින් ඉස්සෙල්ල සල්ලි හොඳට හම්බකරල. මොකද ඔය මොන පකයා කිව්වත් සල්ලි කියන්නෙ ජීවිතේ නෙවෙයි කියලා. සල්ලි නැති ජීවිතේ නිකන් පයිය නැති ඇටදෙක වගේ තමයි. කරන්න පුලුවන් ලබ්බක් නෑ.





