ආතල් ගැනීම හා දීම

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    ආතල් ගැනීම හා දීම

    මාර ආතල්ය. වීරවංශට ත් පෙරමුණේ රාලටත් තව තව කට්ටියටත් හොඳටම ආතල්ය. බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ඉස්සරහ යකඩ වැට වල් පෙරලන කොට ෆුල් ආතල්ය. මේවා බලන් ඉන්න අපිටත් ඩබල් ආතල්ය.condem එක condom එකක් වුනා නම් අපිට තව ආතල් ගන්න තිබ්බේය.

    ඔක්ස්පර්ඩ් විශ්ව විද්‍යාලේ එක්ක තරහ වුනාට ඔක්ස්පර්ඩ් ඩික්ෂනරියක් හරි බලලා condemn කියන එක හරියට ලියා ගෙන ආවානම් අපිට මෙච්චර ආතල් නැතිය.

    පෙරමුණේ රාල ත් ඉන්නේ ෆුල් ආතල් එකේය.ජනපති මහින්ද ඩයස්පෝරාවට බියේ තම දේශනය අවලංගු කල බව කියන මාධ්‍ය වාර්තා බොරු බව ඔක්ස්ෆර්ඩ් සිසු සමුළුව ඉදිරිපත් කල නිවේදනයෙන් ඔප්පු වුන බව ඔහු කියයි.

    ඒ නිවේදනයෙන් කියන්නේ දේශනය නැවත්වුයේ ආරක්ෂාව නිසා බවයි පෙරමුණේ රාල කියන්නේ.ආරක්ෂාව නිසා නවත්වන්නේ මොනවා හරි කරදරයක් වේ යයි බිය නිසා නොවේදැයි අපිට අහන්නට හිතෙන්නේ නැත. එහෙම අසා ආතල් කඩන්නේ මොකටදැයි අපිට හිතේ.

    එක පැත්තකින් ඔක්ස්පර්ඩ් සංගමයේ නිවේදනයකින් හෙළුව වහගන්න පෙරමුණේ රාල ඊළඟට ඔක්ස්පර්ඩ් සිසු සංගමයට , කථනයේ නිදහස ගැන දේශනා පවත්වයි. රාළට අනුව මින් පසු මේ කවුරුන් හෝ අපිට ( මේ අපිට කියාගන්නේ පෙරමුණේ රාල ඇතුළු පිරිස රෙදි නැතුවම කඩේ යන ආණ්ඩුව මිස මෙරට පොදු ජනයා නෙවේ) කථනයේ නිදහස ගැන කතා කිරීම ගණිකාවක් පතිවත ගැන කතා කිරීම බඳු වේලු.

    පෙරමුණේ රාළට කථනයේ නිදහස මතක් වෙන්නේ දැන්ය. තමන්ගේ ලොක්කා පච වූ පසුය. එංගලන්තයේ කතන නිදහස ගැන ප්‍රශ්න කරන නමින් පෙරමුණේ වුනත් වැඩවලින් පසුමුනේ රාලට , තමන්ගේ රටේ නිදහස් කථනය ගැන වගක් නැත.

    තමන්ගේ රටේ මාධ්‍ය කාරයින් , විපක්ෂ ක්‍රියා කාරිකයන් වල පල්ලට යැවීම , අතුරු දැන් කිරීම , ඔලු පැලීම කතන නිදහසට අදාළ නැත. පෝස්ටරයක් අලවන , අත් පත්‍රිකා බෙදන විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ අල්ල ගෙන ගිහින් කූඩු කරන එක ඒ නිදහසට අයිති නැත. මාධ්‍ය ආයතන වලට ගිනි තැබීම, පහර දීම හා සීල තැබීම මාධ්‍ය නිදහසට අදාළ නොවේ.

    මේ පෙරමුණේ රාල ලාට කථන නිදහස මතක් වී ඇත්තේ දැන්ය. තමන්ගේ ලොක්කා ගේ කතාව නතර කළ පසුය. එක දේශපාලකයෙකුගේ කතාවක් ඔහුගේ ආරක්ෂාව නිසා කියමින් නතර කිරීම නිසා ඔක්ස්පර්ඩ් සංගමය අසාර්ථක ආයතනයක් , එංගලන්තය අසාර්ථක රාජ්‍යක් නම් නම් ඉහත කී කරුණු නිසා ලංකාව අසාර්ථක රජයක් නොවන්නේ මක් නිසාද?

    අනික අනුන්ට අසාර්ථක රාජ්‍ය කියලා ඇත දික් කරන මේ උන්නැහේලාට ඇයි බැරි වුනේ , තමන්ගේ ගමනට මේ විදියේ විරෝධතාවක් එයි කියලා කලින් දැන ගන්න. එතෙන්දීම රාලාලයි , රාලගේ ගුරා වන වීරවංශයි එයාගේ ආණ්ඩුවයි ඔක්කොම ෆේල් නේද?

    එහෙම නැත්නම් මේ වගේ විරෝධාතාවක් එන බව දැනගෙනම ගියාවත්ද? කොහොමටත් මාස තුන හතරකට සැරයක් වත් මෙයාලට මේ විදියේ විශාල රංගනයක් ඕනේ වෙනවා ආණ්ඩුව පවත්වා ගෙන යන්න. අතර මැදින් ඔය ගස් බැඳීම් , වරායවල් , උමග , වගේ පොඩි පොඩි කොමික් කෑලි දැම්මත් , මේ වගේ මෙගා නාට්‍යයක් නැතුව බැහැනේ දේශප්‍රේමය තියා ගන්න. මීට කලින් බෑන් කී මූන් අල්ලාගෙන අර විහිලුවංශ මේ විදියෙම නාඩගමක් නැටුවානේ. ලොක්කා හිතුවද දන්නේ නැහැ, මේ සැරේ තමන්ම ප්‍රධාන නළුවට අඳින්න . ගිය සැරේ නළුවා වැඩේ කා ගත්තා නේ.

    කරන්ට ගිය කතාව කර ගන්න බැරිව ආපහු හරි ඒමට සිදු වීම පෙරමුණේ රාළලාට අනුව ජයග්‍රහණයකි. එක ඇත්තය. ඒ මේ රට ඇතුලේය. මොනවා උනත් අය වැය ගැන, පඩි වැඩි වීම් ගැන , බඩු මිල ගැන කතා නොකර ඉන්නවා නම් මාර ජයග්‍රහණයක් නේ නේද? හැබැයි අන්තර්ජාතික වශයෙන් ………….. හපොයි.. මාර ආතල්..
     
    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0

    කොහොමටත් මාස තුන හතරකට සැරයක් වත් මෙයාලට මේ විදියේ විශාල රංගනයක් ඕනේ වෙනවා ආණ්ඩුව පවත්වා ගෙන යන්න. අතර මැදින් ඔය ගස් බැඳීම් , වරායවල් , උමග , වගේ පොඩි පොඩි කොමික් කෑලි දැම්මත් , මේ වගේ මෙගා නාට්‍යයක් නැතුව බැහැනේ දේශප්‍රේමය තියා ගන්න.

    සහතික ඇත්ත, මේ දවස්වල පත්තුවෙන පත්තුවිලි වලට ඔය වගේ පොඩි ආතල් එකක් දුන්නෙ නැත්තන් කට්ටියටම කෙල වෙනවා කියලා දන්නවා... මොන ආතල් කතා කියලා හරි මිනිස්සුන්ට බඩුවල ගනන් වැඩි වෙන ඒවා, ආණ්ඩුවට විරුද්ධව කථා කරන ඒවා, විරුද්ධ මත දරන අයව හිරේ දාල හරි නිශ්ශබ්ද කරන ඒවා අමතක කරවන්න තමා ඕනෙ,
    නැත්තන් අච්චර open කරපු port එක නැවක් එනවා කියලා අයෙ ලක්ෂ ගානක් නාස්ති කරන්න උවමනාවක් නෑනෙ.
    මේකට සමීපතම හේතු වුනේ මේ දවස් වල ඇමති මණ්ඩලේ වැඩි හින්දා මිනිසුන්ගෙන් එන විරෝදයයි, හොඳ ඇමතිකන් නැති වුන ඇමති වරුන්ගෙන් එන විරෝධයයි, wikileaks site එකේ ආණ්ඩුවෙ හොරවැඩ හෙලිකරපු එකයි වෙන අතකට හරවන්න කරපු වැඩක් ඕක..
    ජාත්‍යන්තර බලපෑම් ක්‍රියාත්මක වෙනවා කියලා බොරුවට දැන් කෑගහන්න පටන් ගත්තට ඇත්තටම නටන නාඩගම මොකක්ද කියලා ඔලුවක් තියන හැම කෙනෙක්ම දන්නවා
     
    Last edited:
    • Like
    Reactions: lasa.lasa

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    "කොහොමටත් මාස තුන හතරකට සැරයක් වත් මෙයාලට මේ විදියේ විශාල රංගනයක් ඕනේ වෙනවා ආණ්ඩුව පවත්වා ගෙන යන්න. අතර මැදින් ඔය ගස් බැඳීම් , වරායවල් , උමග , වගේ පොඩි පොඩි කොමික් කෑලි දැම්මත් , මේ වගේ මෙගා නාට්‍යයක් නැතුව බැහැනේ දේශප්‍රේමය තියා ගන්න."

    :yes::yes::yes:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    Kathaa karala wadak naa..... :no:

    අඩෝ, පරසුද්දෝ! :angry: We CONDEMN you! ඔක්කෝටම කලින් අපට ඉංගිරිසි උගන්නාපිය! පට කියන්ඩ ඕනැ උණේ අපි උඹලට Condem දාගෙන හු... කියලයි. කොහෙද අපේ පක්සේ නෑනෙ Condemn කියන වචනෙ හරියට ලියා ගන්ඩ පුළුවන් පොරක්. ඒ හන්ද අදත් නා ගත්තා සබන් නැතුවම. සුද්ද අපට පුක උඩ තියාන හිනා වෙන්ඩ ඇති........... :P
    47602_177615995598503_100000503106545_573338_2620705_n.jpg

    :lol: :P
     
    Wal Bada

    Well-known member
  • මාර ආතල්ය. වීරවංශට ත් පෙරමුණේ රාලටත් තව තව කට්ටියටත් හොඳටම ආතල්ය. බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ඉස්සරහ යකඩ වැට වල් පෙරලන කොට ෆුල් ආතල්ය. මේවා බලන් ඉන්න අපිටත් ඩබල් ආතල්ය.condem එක condom එකක් වුනා නම් අපිට තව ආතල් ගන්න තිබ්බේය.
    ලදරු වලිප්පු බ්ලොග් ලිවීම | Ata massa’s infantile tantrums

    ඇට මැස්සාගේ ඇට නැති කතා ගැන අපි කලින්ම කියා ඇත්තෙමු. කොටි ක්‍රියාකාරීත්වය ඉහළ යන විට ඉහළ යන ළදරු වලිප්පුවක් මොහුට ඇති බව පෙන්වන්නේ පසුගිය දින කීපයේ වූ සිද්ධි දෙස බල විටයි. විමල් වීරවංශගේ බෝඩ් ලෑල්ලක වචනයක් වැරදීම මෙතරම් උඩ දමන්නේ වීරවංශ සමග මතවාදීමය ලෙස ගැටීමට ඇති බිය නිසා බව පැහැදිලිය. (ලේඛකයාටද වීරවංශ අපුලය. නමුත් ඒ දේශපාලන හේතු නිසා මිස ඇට මැස්සා හෝ ටැබූ මෙන් ලදරු වලිප්පු හේතු නිසා නොවේ). වීරවංශගේ මව හා බිරිය සාකච්ඡාවට ඈඳා ගන්නේ මතවාදීමය බංකොළොත් භාවය වසා ගැනීමටය. අටුවා ටීකා පසෙකින් තබා අපි ඇට මැස්සාගේ ලදරු වලිප්පු ලිපියට නැවත එමු.

    “ආරක්ෂාව නිසා නවත්වන්නේ මොනවා හරි කරදරයක් වේ යයි බිය නිසා නොවේදැයි අපිට අහන්නට හිතෙන්නේ නැත. එහෙම අසා ආතල් කඩන්නේ මොකටදැයි අපිට හිතේ”. මේ කතාව හිතේම තියා ගෙන හිටියානම් හොඳ යයි වරෙක් සිතෙන්නේ ඇට මැස්සා උගේ ගොන් කම දැන් ලෝකය හමුවේ ප්‍රදර්ශනය කල නිසාය. මෙහි ආරක්ෂාව යන්නෙන් අදහස් වූයේ සිසු සමුළුවේ සාමාජිකයන්ගේ ආරක්ෂාව මිස ජනපතිගේ ආරක්ෂාව නොවේ. වැරදිලාවත් එක දෙමලෙක් හෝ ජනපතිට ගැහුවා නම් පීචං වන්නේ එක්සත් රාජධානියයි. ඇට මැස්සා වැනි ගොන් වස්සන් එය දැන නොසිටියාට. තානාපති වරප්‍රසාද යටතේ රටකට පැමිණෙන රාජ්‍ය නායකයෙක් ආරක්ෂා කල යුතු බව එක්සත් රාජධානි ආණ්ඩුව හොඳින්ම දනී. කථන නිදහස ගැන ඇට මැස්සාගේ විහිළුව දකින විට සිතෙනුයේ අඳෝමැයි! යන්නයි. ප්‍රගීත් එක්නැලිගොඩගේ මූනත් තහඩුව බ්ලොග් පඩංගුවේ එල්ලා ගේ මොහු දෙසන්නේ කථන නිදහස ගැනය. දැන් පෙනෙන විදියට මොහු පෙනී සිටින්නේ මොහු කඩේ යන මතවාදයේ කථන නිදහස පමණක් සඳහා බවයි. කථන නිදහස ගැන පෙනී ඉන්නවා නම් ජනපතිගේ කථන නිදහස ගැනත් පෙනී සිටිය යුතුමය. ඇට මැස්සාත් පෙනී සිටින්නේ අවජාතකවාදීන්ගේ කථන නිදහස වෙනුවෙන් පමණක් බව දැන් ඔප්පු කොට හමාරය. එනිසා ඇට මැස්සාගේ අවජාතකවාදී බිජු එළියේ වැනෙමින් පෙනෙන තත්වයට පත්වී ඇත.

    අනෙක් අතට නිර්-රාමු (ලිපිය ලියා ඇති කෙනා කියවා ගැනීමට බැරි තරමට මොහු අඳ බාලයෙක් බවද පෙනේ) කථන නිදහස සඳහා පෙනී නොසිටියි. තුට්ටු දෙකේ පත්තර කාරයන්ගේ කථන නිදහස නිර්-රාමුට වැදගත් දෙයක් ද නොවේ. රටේ ආරක්ෂාව ඔය හැම නිදහසටම උඩින් යන්න පමණක් නිර්-රාමු අදහයි. එනිසා ජනපතිගේ කථන නිදහස නැතිවීමත් නිර්-රාමුට ප්‍රශ්නයක් නොවේ. නමුත් ජනපතිගේ කථන නිදහස නැතිවීම තුල ඔක්ස්ෆර්ඩ් සංගමයට හෝ එ.රා. ට මින් පසුව ලංකාවේ කථන නිදහස දෙසට ඇන්ගිල්ල දිගු කිරීමට බැරි වීම ගැන නිර්රාමුට ඇත්තේ මාර ත්‍රිලකි. අපට උපදෙස් දෙන්නට ඔවුන් ආවොත් අපේ ගෙයි කුණු හොයන්න කලින් උඹලාගේ ගෙයි කුණු පිහිදා ගනිල්ලා ලෙස අපට කියන්නට හැකි වීම ලොකු දිණුමකි.

    ජනපති නිර්-රාමුගේ ලොක්කාය. එය නැත කීමට නිර්-රාමු උත්සාහ නොකරයි. නිර්-රාමු පමණක් නොව, ඇට මැස්සාගේ ලොක්කාද ජනපතිමය. ටැබුවාගේද එසේමය. නමුත් ඇට මැස්සා හැසිරෙන්නේ තම නායකය වෙන එකෙක් ලෙසිනි. සමහර විට එය ප්‍රභාකරන්ගේ හොල්මන දැයි අපට සැක සිතේ.

    ලංකාව අසාර්ථක රාජ්‍යයක් බවට ඇට මැස්සා හා උන්ගේ සුදු – කලු ගුරු නඩය උඩ පැන්නේ වසර කීපයකට කලිනි. ඒ කථන නිදහස නැතිවීම මුල් කර ගෙනය. ඒ දුන් ලොකු ටෝක් සහ පඬි වදන් ආපසු බූම රංගයක් මෙන් කැරකී ඔවුන් වෙතම පැමිණ තිබේ. ලංකාවේ කථන නිදහස නැතැයි කියමින් ඔවුන් කලෙකට පෙර ශ්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යයක් ලෙස හැඳින්වූවා නම් දැන්මේ තත්වය යයතේ එක්සත් රාජධානිය කුමක් විය යුතුද? ඇට මැස්සා කරන්නේ උත්තරය ප්‍රශ්නයක් කර අපෙන් ඇසීමය. මුල් කාරණය ඉදිරිපත් කලේ ඇට මැස්සලාගේ අවජාතකවාදී නඩයයි. දැන් ඒ අවජාතකවාදී මිනුම් දඬු වලට අනුව ඔවුන්ගේ මහ එවුන් සිටින රට මනින්නට වීම ඇත්තෙන්ම දෛවයේ සරදමකි.

    මේ ප්‍රශ්නය මුල් කරගෙන අවජාතක වාදී නඩයට එරෙහිව ශ්‍රී ලාංකිකයන් එක්සත් වීම ඇට මැස්සලාට ඉහිලුම් නොදෙන කාරියකි. අවජාතකවාදීන් කීපදෙනෙකු හැරුණු විට මේ අවස්ථාවේදී සියළු ශ්‍රී ලාංකිකයින් මහින්ද රාජපක්ෂ යන පුද්ගල නාමය අමතක කොට ශ්‍රී ලංකා ජනපති වෙනුවෙන් හා ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටියි. ඒකට ඉතින් අපට කරන්නට දෙයක් නැත. ශ්‍රී ලාංකික්කයන්ට අපුලම කොටිය. ඊලඟට විදෙස් කොටිය. අවසන අවජාතකවාදී සිහල කොටිය. ශ්‍රී ලාංකිකයන් වෙන කිසිම දේය්කට විරුද්ධ වන්නේ මෙන්න මේ තුන් කට්ටුවට විරුද්ධ වීමෙන් පසුව පමණක් බව ඇට මැස්සාලා සිහි තබා ගැනීම වටී.
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    [:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    විමල් වීරවංශගේ බෝඩ් ලෑල්ලක වචනයක් වැරදීම මෙතරම් උඩ දමන්නේ වීරවංශ සමග මතවාදීමය ලෙස ගැටීමට ඇති බිය නිසා බව පැහැදිලිය.

    ඕකට කියන්නේ ඌරගෙ මාලු ඌරගෙ ඇගේ තියලම කපනවා කියන එක... ඔය වගේ වචන වල වැරදි අල්ලන් ඉස්සෙල්ලම නටන්න ගත්තෙත් ඔය හාල්පාරුවොම තමා....
    දැන් ඉතින් පහරපු තැන් වහන්න වලි කනවා...
    අනිත් උන්ගෙ වැරදි හොයපු උන් හිතුවෙ කවදාවත් තමන්ට වරදින එකක් නෑ කියලා.
    ඕක අල්ලන් වීරවංශයව නෝන්ඩි කරාට කාටවත් වැරදී කියන්න බෑ...
    ඔය blog පෝස්ට් දාන උනුත් ඒවා හිතට ගනින්!!!!
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ඕකට කියන්නේ ඌරගෙ මාලු ඌරගෙ ඇගේ තියලම කපනවා කියන එක... ඔය වගේ වචන වල වැරදි අල්ලන් ඉස්සෙල්ලම නටන්න ගත්තෙත් ඔය හාල්පාරුවොම තමා....
    දැන් ඉතින් පහරපු තැන් වහන්න වලි කනවා...
    අනිත් උන්ගෙ වැරදි හොයපු උන් හිතුවෙ කවදාවත් තමන්ට වරදින එකක් නෑ කියලා.
    ඕක අල්ලන් වීරවංශයව නෝන්ඩි කරාට කාටවත් වැරදී කියන්න බෑ...
    ඔය blog පෝස්ට් දාන උනුත් ඒවා හිතට ගනින්!!!!

    uba weda karayane ............... pala yanna
     
    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    pala pala

    uba weda karayane ............... pala yanna

    බොරැ නොකිය පල

    අනේ පලයන්

    උඹ ඇමරිකාවටම පලයන් පවි නොදී

    කියන හැම එකටම පල පල නොකියා හරි දෙයක් කියපන්කෝ... මොකක්ද බං....:(:(:(
    උබ හැම ත්‍රේඩ් එකකම පොට වරදිනවා වගේ තේරෙද්දි පල පල කියලා shape වෙනවා නේ :frown::frown: