ඊයෙ එලකිරියෙ එක මෙම්බර් කෙනෙක් බුදුදහම හා බැඳුනු දර්ශනයක් ගැන කතා කරපු නිසා ටික කාලෙකට කලින් කියවපු හොඳ ලිපියක් මතක් උනා. පහලින් දාන්නෙ ඒක. ලිපිය තිබුණු සයිට් එක සහ මෙහි කතෘ අන්තිමට සඳහන් කරලා තියනවා. කැමති අයට ඔහුගෙ අනෙකුත් ලිපිත් කියවලා බලන්න.
ආත්මයේ කතාව - භාරතීය පිටපත
ලෝකයේ ආරම්භය කෙසේ සිදු වීද යන ගැටලුවට පුදුමයට මෙන් භාරතීයයන්ගෙන් අපට ලැබෙන පැරණිම පිළිතුර ස්වභාවවාදී පිළිතුරකි. එනම් මේ විශ්වයත් එහි ඇති සියල්ලත් ස්වභාවික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස ඇති වූ බවකි. මේ පිළිතුර කුමන කාලයකදී කවුරුන් විසින් ඉදිරිපත් කරන ලද්දේද යන්න හරියටම තහවුරු කර ගත නොහැක. එහෙත් පුද්ගලයෙකු වශයෙන් මෙම මතය දැරූ පැරණිම දාර්ශනිකයා නම් කපිලය. එකී කපිලට වාසස්ථානය වූ පුරවරයේ (කපිලවාස්තුවේ) හැදී වැඩුණ සිද්ධාර්ථයන්ට මුල සිටම බලපෑවේ මෙම කපිලගේ චින්තනයය. වරින් වර මතු වූ දේවවාදී විග්රහයනට විරුද්ධ වීමෙන් බුදු වූ සිද්ධාර්ථයන් මෙම ස්වභාවවාදී මතය පෙරදැරිව සිටි බව හැඟවේ. එහෙත් කපිලගේ ඉගැන්වීම් අද වන විට සම්පූර්ණයෙන්ම අභාවයට ගොස් ඇති බැවින් කපිලයන්ගේ ඉගැන්වීම් මොනවාද සිද්ධාර්ථයන්ගේ ඉගැන්වීම් කෙතෙක් දුරට එයින් ඔබ්බට ගොස් ඇත්ද යන්න නිශ්චිතව කිව නොහැක. අපට නිශ්චිතව කිව හැකි දෙයක් නම්, ‘ගෞතම’ යනු සිද්ධාර්ථයන්ගේ පෙළපත් නාමය බව ථේරවාදීන් ගෙනෙන කථාව, බ්‍රාහ්මණමූලාශ්‍රයයන්ගෙන් තහවුරු නොවන බවත් අශ්වඝෝෂ හාමුදුරුවන් පවා එය නොපිළිගන්නා බවත් ය. ඔවුන් පෙන්වන පරිදි ගෝතමගේ පුතා වන්නේ කපිලය. ඒ අනුව ඔහුගේ නම කපිල ගෞතමය (ගෞතමඃ කපිලො නාම). කපිල ගෞතමගෙන් පසුව එකී ප්‍රදේශයෙන්ද එකී දර්ශනයේ දිගුවක් ලෙසද නව චින්තනයක් ගෙන ආවේ සිද්ධාර්ථයන්ය. ඒ අනුව ඔහු සිද්ධාර්ථ ගෞතමය. සුද්ධෝදන ගෞතම ආදි ලෙස යෙදුණ කිසිදු ඓතිහාසික ලියවිල්ලක් නැත.
කෙසේ වෙතත් මා අද මේ කතාව ලියන්නේ විශ්වයේ පටන් ගැනීම ගැන කියන්නට නොව, ආත්මයේ හට ගැනීම ගැන කියා දෙන්නටය. ඒ කතාව මෙසේය.
අපේ මේ කතාව පටන් ගන්නේ හඳත් සමගය. ඇත්තටම පැරණි භාරතීයයන්ට මතු වූ ප්‍රධානම ගැටලුව නම් ලෝකය මැවුණේ කෙසේද, ආත්මය යනු කුමක්ද වැනි දේ නොවේය. ඔවුන්ට ඇති වූ ප්‍රධානම ගැටලුව නම් හැමදාම අහසේ දකින හඳ ඇයි මේ දිනපතා අඩුවෙන්නේ සහ වැඩිවෙන්නේ යන්නය. මේ ගැටලුවට ලැබී ඇති පැරණිම පිළිතුර මෙසේය. හඳ යනු භාජනයක්ය. ලෝකයේ ඇති සියලු ජලය තැන්පත් වී ඇත්තේ මෙහිය. දිනපතා ලෝකයේ ඇති ජලය හඳට උරා ගන්නා අතර එසේ උරා ගෙන හඳ ජලයෙන් පිරුණු පසු නැවත ටික ටික ආපසු මේ ලෝකයට එවන බවය. මෙසේ හඳට ජලය උරා ගැනීමේදී හිරුගෙන් ලැබෙන තාපය, වාතය වැනි කරුණුද නැවත ආපසු ජලය එවන විට වළාකුළු, වැස්ස වැනි කරුණුද අදාළ කර ගෙන ඇත. ඔවුන් තුළ ඇති වී තිබුණු මෙම පිළිතුර අවසානයේදී ඔවුන් බලාපොරොත්තු නොවන පිළිතුරක් වෙතද ඔවුන්ගේ චින්තනය සමීප කරවා තිබුණි.
ඒ මෙසේය.
ජලය නැති වෙන විට ලෝකයේ ගහකොළ ආදි ජීවය විනාශ වීම හෝ මැළවීම සිදු වන අතර නැවත ජලය ලැබෙන විට ලෝකයට නැවත ජීවය පැමිණ ගහකොළ ආදිය පණගැහී නැඟිට සිටියි. මෙසේ වන්නේ ජලයත් සමග, හඳ මේ ලෝකයේ ජීවය උරා ගන්නා නිසාත් එම ජීවය හඳේ තැන්පත් කර ගෙන සිට නැවත මේ ලෝකයට එවන නිසාත් බව ඔවුහු කාලයත් සමග විශ්වාස කරන්නට පටන් ගත්හ. මේ ආකාරයට කාලයත් සමග මුලින් තිබූ මතය ඉතාම වෙනස් වූ පාරභෞතික කල්පනාවක් බවට පත් විය. ජලයෙන් හඳ වෙත ගෙන යන්නේ ගහකොළවල ජීවය පමණක් නොව මිනිසුන්ගේ ජීවයත් ගෙන යන බවත් හඳ යනු නිකම්ම ජලය තැන්පත් වන ලෝකයක් නොව මරණින් මතු මිනිසුන්ගේ ජීවය තැන්පත් වී තිබෙන ලෝකය බවත් කාලයත් සමග එම ලෝකයේ තැන්පත් වූ ජීවය නැවත මේ ලෝකයට ඇවිත් උපදින බව ඔවුන් සිතන්නට විය. මේ ජලචක්රය ක්‍රමිකව මරණය, පුනරුත්පත්තිය සහ සංසාරය ගැන ඔවුන් තුළ හැඟීමක් ඇති කළ පළමු සිතිවිල්ල විය. මේ පළමු අදියරේදී ජීවය හෙවත් ප්‍රාණය මෙසේ ජලයත් සමග මිශ්‍රවී චක්‍රාකාරයෙන් ගමන් කරන බව ඔවුන්ගේ වැටහීම විය. එහෙත් ප්‍රාණය යනු කුමක්ද? එය කොහි ඇතිද? එහි ස්වරූපය කුමක්ද? යනාදි ප්‍රශ්න ඔවුන් මතු කළ බව නොපෙනේ.
දෙවන අදියරේදී ඔවුන්ට ඇති වූයේ වෙනම ගැටලු සමූහයකි. මේ ලෝකයේ විවිධ ගති පැවැතුම් ඇතිව සිටි අය චන්ද්රලෝකයට ගිය පසු එහි කෙසේ ජීවත් වෙයිද? ඔවුන් නැවත මේ ලෝකයට එන්නේ තමන්ගේ කැමැත්තෙන්ද නැතිනම් කවුරුන් හෝ මෙහි එවනවාද? මේ ප්‍රශ්න සියල්ලට පිළිතුරු සැපයීමට යාමේදී චන්ද්‍රලෝකය පිතෘලෝකය බවට පරිවර්තනය විය. එහි යම නම් වූ පාලකයා සිටින බවත් මෙහෙන් එහෙට යන සියලු දෙනා එහිදී පාලනය වන්නේ යම අතින් බවත් යම නැවත ඔවුන්ව මේ ලෝකයට එවන බවත් කාලයත් සමග ඔවුන් හිතන්නට විය.
තුන්වන අදියරේදී මේ පිතෘලෝකය නොහොත් චන්ද්‍රලෝකය වෙනත්ම අභියෝගයකට ලක්විය. එනම්, මේ ලෝකයේදී සියල්ල අනිත්‍ය වන නිසා - එනම් කාලයත් සමග සියල්ල විනාශ වන නිසාත් - පිතෘලෝකයේදීත් එය එසේම වන්නේ නම් මේ ලෝකයේ සහ එහි අතර වෙනසක් නැති බවය. මේ ගැන කල්පනා කළ ඔවුහු සිතන්නට වූයේ පිතෘලෝකය නිෂ්ඨාවක් - එනම් අවසාන අන්තයක් - නොවන බවත් චන්ද්‍රලෝකයේ දොරටුවක් ඇති බවත් යමගේ අනුමැතියෙන් එම දොරටුව පසු කරන අය අමරණීය තත්වයට පත් වන බවත්ය. මෙසේ අමරණීය තත්වයට පත්වීමට මනුෂ්‍යලෝකයේ සිටින අය ‘ශ්‍රාද්ධ’ නම් වූ යාගයක් කළ යුතු බවත් පිළිගත්තේ ඒ අනුවය. මරණින් මතු චන්ද්‍රලෝකයේ හෙවත් පිතෘලෝකයේ සිටින අය ශ්‍රාද්ධය නිසා අමරණීයත්වයට පත් වීම, මෝක්ෂය පිළිබඳ ඔවුන් තුළ ඇති වූ පළමු හැඟීමය. ඇත්තෙන්ම මෙයින් ඔවුන් අදහස් කළේ, වෙනස් වන්නේ නැතිව සැපවිඳිමින් ජීවත් විය හැකි තත්වයකට ගමන් කිරීමක්ය.
මෙලෙස මෝක්ෂය ගැන ඔවුන් තුළ හැඟීමක් ඇති වීමත් සමග මෙතෙක් ඔවුන් අතහැර දමා හෝ වැඩි අවධානයක් නොදුන් ගැටලුව ඉස්මතු වී පැමිණියේය. හැමෝටම පේන්නට ඇති පරිදි සෑම මිනිසෙකුම තමන්ගේ ශරීරය මේ ලෝකයේදී අතහැර යයි. එසේ අතහැර ගිය පසු පිතෘලෝකයට පිවිසෙන්නේ කුමක්ද? එයිනුත් ඔබ්බට අමරණීයත්වයට පත් වන්නේ කුමක්ද? ඒ අමරණීයත්වයට පත්වන තැනැත්තාත් මෙහිදී මැරෙන තැනැත්තාත් එක් අයෙකුමද නැතිනම් දෙදෙනෙකුද? දෙනෙකු නම් මෙහිදී ශ්‍රාද්ධය දීම වැනි කිසිදු කටයුත්තක් ඵල නැති වනු ඇත. ඉදින් එක් අයෙකු නම් මෙහිදී මිය ගොස් ශරීරය අතැර යන තැනැත්තාත් පසුව මෝක්ෂයට යන තැනැත්තාත් සමාන බව පෙන්වන්නේ කෙසේද? හතරවන අදියරේදී ඔවුන් පිළිතුරු සෙවුවේ මේ ගැටලුවලටය.
ප්‍රාණය යනු මිනිසාගේ ආශ්වාස-ප්‍රශ්වාස වායුවය, එනම් හුස්මය යන මතයට පැමිණෙන්නේ මෙම අදියරේදීය. මේ නිගමනයට පැමිණීමට ඔවුන් සිදු කළේ සරල පරීක්ෂණයකි. මිනිසාට පණ ඇති බව තීරණය කරන ප්‍රධානම සාධකය නම් ඇස් කන් ආදි ඉන්ද්රියයන් ක්‍රියාකාරී වීමය. මේ ඉන්ද්රියයන්ගේ ක්‍රියාකාරීත්වය එක එක ඉවත් කර ඒවායින් කුමක් නම් මිනිසාගේ මරණයට හේතු වේදැයි විමසා බැලීය. ඇසේ පෙනීම නැති වූවාට මිනිසා මැරෙන්නේ නැත. කනේ ඇසීම නැති වූවාට මිනිසා මැරෙන්නේ නැත. මේ ආදි වශයෙන් පරීක්ෂා කර බැලූ විට ඔවුන් දුටුවේ හුස්ම ඉවත් වී ගිය පසු මිනිසා මැරෙන බවය. ඒ නිසා එයට ‘ප්‍රාණ’ යන නම දෙන ලදී. හුස්ම ඉහළ පහළ ගන්නා භාවනාව ප්රාණයාම කියා හඳුන්වන්නේත් හුස්ම ශරීරයෙන් ඉවත්ව ගිය පසු ‘පණ ගියා’ කියා ව්‍යාවහාර කරන්නටත් පටන් ගන්නේ මේ වකවාණුවේදීය.
එහෙත් මේ පිළිතුර ඔවුන් තුළ තවත් ප්‍රශ්න ගණනාවක් මතු කර තිබුණි. පස්වන අදියර ආරම්භ වන්නේ ඒ ගැටලුවලට පිළිතුරු සෙවීමක් වශයෙනි. හුස්ම මිශ්‍ර වන්නේ වායුවත් සමගය. මේ නිසා මුලදී සිතූ සේ ජලය සමග මිශ්‍ර වී හඳට යන බව සිතීමට දැන් අපහසුය. පෘථිවියෙන් නිකුත් වන වායුවක් හඳ දක්වා ගමන් කරන බව අනුමාන කිරීමටවත් කිසිවක් නැත. අනෙක හුස්ම පොදක් වේදනා විඳින බව සිතීමටත් නොහැකිය. මේ ගැටලුවලට පිළිතුරු සෙවීමේදී ඔවුන් කළේ මෙතෙක් තිබූ චන්ද්‍රලෝකය පිළිබඳ විශ්වාසය සම්පූර්ණයෙන් අතහැර දැමීම සහ මිනිසාගේ සාංසාරික ගමන අතිශය වෙනස් ආකාරයකට සිදු වන බව සිතීමත්ය.
මේ වන විට ඔවුන්ගේ සිතුවිලි නැවත ආපස්සට ගමන් කර තිබුණි. මරණින් මතු පුද්ගලයා වෙනත් ලෝකයකට යන බවත් නැවත ආපසු එන බවත් අතිශය ගැඹුරු කල්පනාවක් සේ ඔවුන් තුළ කිඳා බැස තිබුණු නමුත් මිනිසා තුළ පවතින ‘කුමක්’ මෙසේ මරණින් මතු ඊළඟ භවයට යයිද යන ගැටලුව තවමත් සතුටදනවන ලෙස විසඳී තිබුණේ නැත. සයවන අදියරේදී ඔවුන් සොයා ගත් පිළිතුර වූයේ ‘ශරීරයේ උෂ්ණත්වය’ මෙසේ ගමන් කරන බවයි.
මේ පිළිතුරත් සමග ඔවුන්ගේ පාරභෞතික චින්තනය අතිශයින් වෙනස් විය. උෂ්ණයත්වය යනු ගින්නේ වෙනත් ස්වරූපයකි. ගින්න යන්න වේදයේ ආරම්භයේ සිටම නොයෙක් හැඩවලින් පෙනී සිටි වස්තුවකි. ගින්න තුන් ආකාරයකින් උපදී. පොළවේදී ලීකැබලි ඇතිල්ලීමෙන්, ජලයේදී රත් වීමෙන්, අහසේදී අකුණු ගැසීමෙන් යන ලෙසය. දැන් සිරුරේ රස්නයද ගින්නකි. (පසුකලදී බඩේ ඇති වන ගින්නද පතල් ඇතුළේ රත්රන් ආදිය ඇති වීමද ගින්න ලෙසම සැලකිණි.) මේ ආකාරයට ගින්න විවිධ ස්වරූපයන්ගෙන් හැම තැනම ඇති බව පිළිගැනීම ක්‍රමිකව ඉතා දියුණු වූද උච්ච වූද තත්වයකට ළඟා විය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ ‘සූර්යයා’ ගින්නේ ප්‍රධානියා බවට පත් වීමය. ලෝකයට ජීවය දෙන්නේ ජලය නොහොත් වැස්ස නොව සූර්යකිරණ බවත් ගින්නේ විවිධ ප්රභේදයන්ට ප්‍රධාන වන්නේ සූර්යයා බවත් මරණින් මතු මිනිසාගේ උෂ්ණත්වය හිරුරැස් සමග මුසු වී සූර්යලෝකය වෙත ගමන් කරන බවත් සූර්යලෝකයේ සිට නැවත් මේ ලෝකයට පැමිණෙන බවත් මෙලොවදී ශ්‍රාද්ධය දුන් විට සූර්යලෝකයේ සිටින ප්‍රාණියා සදාකාලිකජීවය ලබන විමුක්තියට ළඟා වන බවත් දැන් ඔවුන්ගේ පිළිගැනීමට ලක් වෙයි. මේ ආකාරයට මෙම අදියරේදී චන්ද්‍රලෝකය වෙනුවට ඉතා සාර්ථක ලෙස සූර්යලෝකය ආදේශ විය.
සූර්යලෝකය පිළිබඳ සිද්ධාන්තය ඉතා ප්‍රබල ලෙස චන්ද්‍රලෝකය පිළිබඳ මතය අබිබවා ගිය බව සැබෑවක් වන නමුත් චන්ද්‍රලෝකය යන්න සම්පූර්ණයෙන්ම ඔවුන් තුළින් ගිලිහී ගියේයයි කිව නොහැකිය. ඇත්තටම සූර්යවංශයේ සහ චන්ද්‍රවංශයේ ප්රභවය කියන්නේ මේ මත දෙක දැරූ අයගේ බිහිවීමය. දීඝනිකායේ පායාසිරාජඤ්ඤ සූත්‍රයේදී පරලොව ගැන අසන විට අහසේ පෙනෙන ඉර සහ හඳ ගැන පවසා ඇත්තේ කුමක් නිසාද යන්නත් දැන් ඔබට පැහැදිලි විය යුතුය. ඇත්තටම පායාසි රාජඤ්ඤ සූත්‍රය බෞද්ධ සූත්‍රයක් නොව එය මූලාශ්‍රය විකෘති කොට බෞද්ධ ලෙස සකස් කර ගත් ජෛනසූත්රයකි. ජෛනයන්ගේ චින්තනයද මෙම වෛදික චින්තනධාරාවෙන් සම්පූර්ණයෙන් වෙනස් වූවක් නොවන බව මෙහිදී පැහැදිලි වෙයි. තවද, බෞද්ධ නොවන ජෛන සහ අන්යසම්ප්රදායයනට අයත් දේශන සංගායනා කාලවලදී බෞද්ධ මුහුණුවරකින් ත්‍රිපිටකයට වැද්දා ගත් බව පෙන්වීමට මෙම පායාසි සූත්‍රය කදිම නිදර්ශනක්ද සපයයි.
චන්ද්‍රලෝකය වෙනුවට සූර්යලෝකය ආදේශ කිරීම බොහෝ කරුණු අතින් පැහැදිලි චිත්‍රයක් ඉදිරිපත් කර තිබුණි. මිනිසා මැරුණු පසු ඔහුගේ ශරීරයේ උෂ්ණත්වය (රස්නය) අවට පරිසරයේ ඇති උෂ්ණත්වය හා මුසු වන අතර එයම සූර්යරශ්මිය හා එක් වී සූර්යලෝකය කරා ගමන් කරයි. මේ විග්‍රහය නිසා මොවුන්ට චන්ද්රලෝකයේදී තේරුම් කර ගත නොහැකි දෙයක් වටහා ගැනීමටද හැකි විය. එනම් මේ සියල්ල එකක් බවය. එක් මිනිසෙකුගේ ශරීරයෙන් නිකුත් වන රස්නයට වඩා තවත් මිනිසෙකුගේ ශරීරයෙන් නික්මෙන රස්නය වෙනස් වන්නේ කෙසේද? එකම ගින්න විවිධ ස්වරූපයන්ගෙන් ඒ ඒ ස්ථානවල තියෙන්නාක් මෙන් උෂ්ණත්වය තුළින් නිරූපණය කරන මේ සියලු ජීවය එකක් නොවේද? එසේ නම්, අසවල් තැනැත්තා මෝක්ෂයට යා යුතුය කියා ලබා දෙන ‘ශ්‍රාද්ධ’ වැනි යාගවල ඇති ඵලය කුමක්ද? මේ හැම තැනම තියෙන්නේ එකම ජීවය නම් ඇයි මේ මිනිසුන් විවිධ ආකාරයට ක්‍රියා කරන්නේ? සමහරකගේ ක්‍රියාවන් ඉතා සත්ගුණවත් වී ඇතැම් අය දුෂ්ට වැඩ කරන්නේ ඇයි? එහෙම ක්‍රියා කිරීම නිසා ඔවුනට විවිධ විපාක අත්වේ නම් එම විපාක වින්දනය කිරීමේ අනන්‍ය පුද්ගලයා කවුද? සරලව කීවොත් මා මැරුණු පසු මගේ ජීවිය (එනම් රස්නය) විශ්වයේ ඇති සාමාන්‍ය ගින්නටම එකතු වේ නම් මා මෙලොවදී කළ කී දේ වින්දනය කරන්නේ කවුද? මෙවැනි ප්‍රශ්න රාශියක් නිසා භාරතීය චින්තකයා අතිශය වෙනස් මඟකට යොමු විය. එනම් මෙම හත්වන අදියරේදී ඔවුන් සිතුවේ ජීවයේ ගමන් කිරීම පිළිබඳ මෙම තත්වය ඉතා ගැඹුරින් විවේකී මනසින් කල්පනා කර වටහා ගත යුතු බවකි. ඒ අනුව ඔවුන් සියලු දෙනා වනගත වීමද භාවනා කිරීමද මෙම ගැටලුවට විසඳීම් සෙවීමේ මාර්ගයක් බවට පත් කර ගත්තේ මේ අදියරේදීය.

Last edited: