ආත්ම විශ්වාසය ඇති කරගන්නේ කෙසේද ?

tokkaputha

Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ආත්ම විශ්වාසය ඇති කරගන්නේ කෙසේද ?

    ආත්ම විශ්වාසය ලබාගන්නේ කෙසේද ?


    කොරෝනා ඇඳිරිනීතිය නිසා ගෙදරට වෙලා ඉන්න වෙලාවේ මේ ගැන කතා කළොත් හොඳයි කියලා හිතුවා.

    “ මගේ කරුමෙට මම අතගහන කිසිම වැඩක් හරියන්නෙ නැහැ...”

    “ මේ දවස් වල මට හරි අපලයි..”


    මේ වගේ කියමන් අපිට නිතරම අහන්න ලැබෙනවා. ඒත් මේ කියන කරුමේ හෝ අපලේ අපි තුළ අපි ගැන ආත්ම විශ්වාසය නැතිවීම වෙන්න බැරිද ?

    එදිනෙදා ජීවිතයේදී මිනිසුන් මුහුණ දෙන ගැටලු අතරින් ප්‍රධානතම එක ආත්මවිශ්වාසයක් නැතිකම බවට කිසිම සැකයක් නැහැ.

    කොහේ ගියත් කොයි ඇත බැලුවත් අපට ගොඩක් වෙලාවට හමුවෙන්නේ කිසිම දෙයක් තමන්ට හරි යන්නේ නැතැයි කියාගන්න මිනිසුන්ය. තම ප්‍රශ්න විසඳා ගැනීමට ඉදිරියට පා තබනු වෙනුවට ප්‍රශ්නවලට බියෙන් මුලුගැන්වී සිටින අයය.

    එනම් “අරක නැහැ “ “ මේක බැහැ” කියන “නැති බැරි “ පුද්ගලයන්ය.

    මොවුහු තමන්ට ඇති සම්පත් ගැන හරි අවබෝධයක් නැතිකමින් තමන්ට ලැබෙන අගනා අවස්ථා අහිමි කරගනිති. නැත්නම් අවස්ථාවලින් ප්‍රයෝජනයක් නොගනිති. ඒවගේම තමන්ට පැවරෙන වගකීම් කරටගෙන සාර්ථක කරගැනීමට උත්සාහ කරනු වෙනුවට හැමවිටම බලන්නේ වගකීම්වලින් කරඇරීමටයි.

    මෙහි ප්‍රතිපලයක් විදිහට තමන්ට උසස් මට්ටමක ජීවිතයක් ගතකිරීමට පුළුවන්කම තියද්දීත් නිකමුන් මෙන් වැඩකට නැති ජීවිතයක් ගතකිරීමට බොහෝදෙනා පෙළඹෙන බව අපිට ඕනේ තරම් දකින්න පුළුවන්.

    මේ ගැන පුංචි කතාවක් මනෝ විද්‍යා උපදේශකයෙකු වන වින්සන් නෝමන් පීල් උදාහරණයක් ලෙස කියනවා.

    දිනක් වයස පනස් තුනක් පමණ වෙන පුද්ගලයෙක් ඔහුව හමුවීමට එනවා. ඔහු කතාකලේ ඉතා දුක්මුසු ලීලාවකින්. ඔහු කියාසිටියේ තම ජීවිතය එහෙම්පිටින්ම විනාශ වී ඇති බවයි.

    මම ජීවිත කාලයක් ගොඩ නැගූ සියල්ලම මට අහිමිවුණා යැයි හෙතෙම කිව්වේය.

    “ හැම දෙයක්ම නැතිවුනා..? “ උපදේශකයා විමසුවේය.

    ඔව්. හැමදේම. වියපත් තැනැත්තා පිළිතුරු දුන්නේය.

    “ ඔව් හැමදේම නැතිවුනා. නැවත කිසිම බලාපොරොත්තුවක් තියාගන්න බැරි විදිහට හැමදෙයක්ම නැතිවෙලා ඉවරයි. මට දැන් වයස පනස් තුනයි. ආපහු යමක් පටන්ගන්න තරම් මට කාලයක් නැහැ “ ඔහු කිව්වා.

    බලාපොරොත්තු සුන්වීම නිසා මේ පුද්ගලයාගේ ආත්ම විස්වාශය නැතිවී ඇතිබව උපදේශකයාට තේරුනා.

    “ හොඳයි. ඔබට ඉතුරුවෙලා තියන්නේ මොනවාදැයි බලන්න අපි ඒ දේවල් කොලයක ලියල බලමුද ? “

    “ එකෙන් වැඩක් නැහැ” කෙඳිරිගාමින් වගේ වියපත් පුද්ගලයා කීවේය. “ මම මහත්මයාට කිව්වා නෙ මට කිසිම දෙයක් ඉතිරි වෙලා නැති බව “ ඔහු නැවතත් කීවේය.

    “ ඒ වුනත් අපි මේක කරලා බලමුකෝ. ඔබේ බිරිඳ තාම ඔබ එක්කද ?’ උපදේශක ඇසුවේය.

    “ ඔව්. එයා නම් මහා පුදුමාකාර ගුණ යහපත්කම් ඇති කෙනෙක්. අපි බැඳලා දැන් අවුරුදු තිහක් වෙනවා. මට හොඳටම විශ්වාසයි. කොච්චර කරදර ඇති වුනත් ඇය නම් මාව දාල යන්නේ නැති බවට”

    “ හොඳයි. අපි එය ඔබට ඇති එක සම්පතක් විදිහට සටහන් කරගනිමු”

    “ ඉතාම විශ්වාසවන්ත යහපත් බිරිඳක් මට ඉන්නවා “

    “ දරුවන් ගැන කොහොමද ? ඔබට දරුවෝ ඉන්නවාද?”

    “ ඔව්, මට ඉතාම හොඳ ළමයින් තුන් දෙනෙක් ඉන්නවා. මොවුන්ගේ ගතිපැවතුම් සහ ඔවුන් මට දක්වන ආදරය මට ලොකු සහනයක්. මට ඇත්තටම දුකත් හිතෙනවා. ඔවුන් මා ලඟට ඇවිත් අපි තාත්තට ආදරෙයි. මොනවා වුනත් අපි තාත්තා සමගයි කියලා කියනකොට”

    “ ඉතින් එහෙම නම් අපි එක ඔබගේ දෙවෙනි සම්පත විදිහට ගනිමු”

    “ මට ආදරය කරන ගරු කරන දරුවන් තුන් දෙනෙක් ඉන්නවා”

    “යහළුවන් කොහොමද ? ඔබට යහළුවෝ ඉන්නවාද?”

    “ඔව්. ඉතාම ලැදියයි කියන්න පුළුවන් යාලුවෝ කිහිපදෙනෙක් මට ඉන්නවා. ඔවුන් අතුරින් දෙතුන් දෙනෙක් මට ඔවුන්ගෙන් උදව් අවශ්‍යදැයි කියලා අහලත් තියනවා. ඒ වුනත් මට වෙලා තියන දේ හැටියට ඒ අය මොනවා කරන්නද ?”


    “ ඉතාමත් ලැදි මිත්‍රයන් කිහිපදෙනෙක් මට ඉන්නවා”

    “ ඔබේ හර්ද සාක්ෂිය කොහොමද? ඔබේ හිතට එකඟ නොවෙන දෙයක් එහෙම සිදුවෙලා තියනවාද?

    “ ඇත්තටම මගේ හර්දසාක්ෂිය පිරිසිදුයි. මම හැමවිටම හිතට එකඟව ක්‍රියාකරන්න හදලා තියනවා.”

    “ ඒක හතරවැනි සම්පත විදිහට ගනිමු”

    “ මගේ හර්දසාක්ෂිය පිරිසිදුයි”

    “ එතකොට ඔබේ සෞඛ්‍ය තත්වය”

    “ මගේ සෞඛ්‍ය තත්වය බොහොම හොඳයි. අසනීප වෙන්නෙ ඉතාම කලාතුරකින් “

    “ එක ඔබේ පස්වන සම්පත ලෙස ගනිමු”

    “ මගේ ශරීර සෞඛ්‍ය හොඳයි”

    “ ඔබේ රට ගැන හිතන්නේ මොනවාද ? දියුණුවෙන්න ඉඩක් මේ රටේ තියනවා කියල ඔබ හිතනවාද ? “

    “ මේ රට හැර වෙනත් කිසිම රටක ජීවත්වීමට මට කිසිම ආශාවක් නැහැ. වැඩපලට හා වෙළඳ ව්‍යාපාරවලට ඉතාමත් හිතකර වාතාවරණයක් මෙහි තියනවා”

    “ ඒ ඔබේ හයවැනි සම්පත”

    “ ඔබ ඔබේ ආගම ගැන මොනවාද හිතන්නේ ? ඔබ අදහන ආගමෙන් ඔබට යම් යහපතක් වෙනවා කියා ඔබ හිතනවාද ?”

    “ මගේ මේ කරදරවලදී පවා මම අදහන ආගම ධර්මයෙන් මට සෑහෙන සහනයක් ලැබිලා තියනවා. “

    “ ඒ ඔබේ හත්වැනි සම්පත. මේ ලැයිස්තුව අනුව මට හිතෙන්නේ ඔබ ළඟ තවමත් සම්පත් රාශියක් ඉතුරුවෙලා තියනවා කියලා.ඔබ කලින් කිව්වේ මොකුත්ම නැහැ කියලා නේද? ” එසේ කියමින් උපදේශකයා සම්පත් ලැයිස්තුව ඔහුට දී එය ශබ්ද නගා කියවන මෙන් ඉල්ලා සිටියේය. ඔහු එසේ කළේය.


    1. ඉතාම විශ්වාසවන්ත යහපත් බිරිඳක් මට ඉන්නවා

    2. මට ආදරය කරන ගරු කරන දරුවන් තුන් දෙනෙක් ඉන්නවා

    3. ඉතාමත් ලැදි මිත්‍රයන් කිහිපදෙනෙක් මට ඉන්නවා

    4. මගේ හර්දසාක්ෂිය පිරිසිදුයි

    5. මගේ ශරීර සෞඛ්‍ය හොඳයි

    6. මගේ රටට මම කැමතියි. වෙළඳ ව්‍යාපාරවලට හා වැඩවලට හිතකර වාතාවරණයක් එහි තියනවා.

    7. මම අදහන ආගම ධර්මයෙන් මට යහපතක් වෙනවා.


    ඔහු ලෑජ්ජාවෙන් ඇඹරුනි. එහෙත් හිතට සහනය ලැබුණු බව දක්වන සිනහවක් ඔහුගේ මුවෙහි නැගූණි.

    “ මම ඒවා ගැන හිතුවේ නැහැ . ඒ විදිහට නෙවෙයි මෙතෙක් මම කල්පනාකලේ. දැන් බලනකොට තත්වය හිතු තරම් නරක නැති පාටයි. මට මා කෙරෙහි විස්වාශයක් නැවත ඇතිකගන්න පුළුවන් නම් , ඒ වගේම මගේ ඇතුලාන්තයේ ඇති ශක්තිය නැවත ඉස්මතුකර ගන්න පුළුවන් නම් , මට ජීවිතේ අලුතෙන් අරඹලා සාර්ථක කරගන්න බැරි වෙන එකක් නැහැ “ ඔහු කිව්වේය.

    ඔහුට එය ලැබුණි. ඔහු ජීවිතය නැවත අලුතෙන් පටන් ගත්තා. එසේම එය සාර්ථකද කරගත්තේය.

    එහෙත් ඔහුට එය සාර්ථක කරගැනීමට හැකිවුයේ තම චින්තන රටාව හා දෘෂ්ටිකෝණය වෙනස් කරගත්තාට පසුව පමණි. ආත්ම විශ්වාසය තුළින් ආත්ම සැකය දුරුකරගත්තාට පසුව පමණි.

    අලුත් විදිහකට සිතන්නට පටන් ගත්තාට පසුව ප්‍රශ්න විසඳාගැනීමට අවශ්‍ය සම්පූර්ණ ශක්තිය ඔහු තුලින්ම ඉබේම ජනිත වන්නට විනි.

    ඉතින් අපිත් මේ විදිහට ගැටළුවක් දිහා හරි පැත්තෙන් විශ්ලේෂණය කළොත් අපිට යමක් සාර්ථක කර ගැනීමට අවශ්‍ය ආත්ම විශ්වාසය ලබාගත හැකි බව මේ කතාවෙන් පැහැදිළි වෙනවා නේද?

    ටයිප් කරලා මහන්සියි මචන්ලා. ඔන්න මීට කලින් මම දාපු thread කීපයක links පහළ දාල තියනවා. කැමතිනම් කියවලා බලන්න. මීට කලින් මට rep දීපු හැමෝටමත් බොහොම ස්තුතියි.

    “ ඔබට අබ ඇටයක තරම්වත් විශ්වාසයක් ඇත්නම්”

    http://www.elakiri.com/forum/showthread.php?p=25195992


    “ බාධක ඇත්තේ මනසේය “


    http://www.elakiri.com/forum/showthread.php?t=1930464

    “ ඔව් මට පුළුවන් “

    http://elakiri.com/forum/showthread.php?t=1930619
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    thumbs-up-hand-gesture-smiley-emoticon.gif
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,302
    113
    34
    Kalutara
    මේ වගේ ත්‍රෙඩ් වලට රිප්ලයි නෑ, කෙල්ලොන්ට highlight වෙන්නෙ කොහොමද කියල ත්‍රෙඩ් එකක් දැම්මම ඕන තරම් රිප්ලයි. :sorry:
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මේ වගේ ත්‍රෙඩ් වලට රිප්ලයි නෑ, කෙල්ලොන්ට highlight වෙන්නෙ කොහොමද කියල ත්‍රෙඩ් එකක් දැම්මම ඕන තරම් රිප්ලයි. :sorry:

    :D
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මම ඔය ලේඛකයගෙ පොත් 3ක් කියවලා තියෙනවා මට එච්චර අල්ලලා ගියේ නෑ මචං මොකද ක්‍රිස්තියානි හුරුවට ලියවෙන ඒවාගෙ
    තියෙන සමහර වචන අපට එච්චර වදින්නෙ නෑ.
    අභ්‍යන්තර සාමය වගෙ වචන අපේ භාවිතයෙ එච්චර නෑනෙ.
    ඕවා ලියන්න ඕන අපේ උන්ට වදින වචන වලින්
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මම දන්නෙ නෑ උබට මගේ ත්‍රෙඩ්වලට ඔච්චර කහන්නෙ මොකද කියල අවුල් නම් පැත්තකට වෙලා හිටපන් ඕන එවුන් බලාවි. උබට බලන්න කියලා මම යැද්දෙ නෑනෙ.
    උබල වගේ කුහක හැත්ත නිසා තමයි මොනව හරි කරන්න එන මිනිහටත් එපා වෙනංනෙ
    මේ වගේ ත්‍රෙඩ් වලට රිප්ලයි නෑ, කෙල්ලොන්ට highlight වෙන්නෙ කොහොමද කියල ත්‍රෙඩ් එකක් දැම්මම ඕන තරම් රිප්ලයි. :sorry:
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    උපදේශකය ඇහුවෙ නැද්ද මිනිහට ඇත්තටම තිබුන ප්‍රශ්නය මොකක්ද කියල? :baffled:

    ප්‍රශ්නය අසාර්ථකත්වය. හේතුව ආත්මවිශ්වාසය නැතිකම.
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මම ඔය ලේඛකයගෙ පොත් 3ක් කියවලා තියෙනවා මට එච්චර අල්ලලා ගියේ නෑ මචං මොකද ක්‍රිස්තියානි හුරුවට ලියවෙන ඒවාගෙ
    තියෙන සමහර වචන අපට එච්චර වදින්නෙ නෑ.
    අභ්‍යන්තර සාමය වගෙ වචන අපේ භාවිතයෙ එච්චර නෑනෙ.
    ඕවා ලියන්න ඕන අපේ උන්ට වදින වචන වලින්

    මේක ලියල තියන්නේ ඇමරිකානු ජාතික මනෝවිද්‍යාඥයෙක් වන ආචාර්ය වින්සන් නෝමන් පීල්. ඇමරිකානු සංස්කෘතිය , ක්‍රිස්තියානිය පදනම් කරගෙන තැනුන එකක්. ඒ වගේම පීල් ක්‍රිස්තුභක්තිකයෙක් සහ දේවගැතිවරයෙකුත් වෙනවා. ඉතින් ක්‍රිස්තියානියටම බරවූ භාෂාවක් ඔහු යොදාගෙන ඇත්තේ තම පණිවුඩය ඇමරිකානු පාටකයන්ට වඩා හොඳින් කාවැද්දීමට මිස එය ක්‍රිස්තියානින්ටම විශේෂ වූ එකක් යයි ඔහු විශ්වාස කරන නිසා නොවේ.

    බුද්ධිමත් පාටකයෙක් පොතක දාර්ශනික පණිවුඩය ග්‍රහණය කරගන්නවා මිස එය පොතේ පසුබිම සමග පටලවා නොගනී. මෙම පොතේ පණිවුඩය වෙනම ගත්තොත් ඕනෑම ආගමක් අදහන්නෙකුට එයින් ප්‍රයෝජන ගතහැකියි. කිසිම ආගමක් අදහන්නේ නැති අයෙකුට පවා එයින් ප්‍රයෝජනයක් ගන්න පුළුවනි.

    බෞද්ධ ඇසින් බලන්නෙකුට එය කෙලින්ම බෞද්ධ දර්ශනයට අනුකූල වූ එකක් ලෙස පෙනෙන්නට බැරිකමක් නැත. බුදුන් වහන්සේ ප්‍රකාශ කළේද " මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනොමයා " හෙවත් සියලු ධර්මයෝ සිත පෙරටු කොටගෙන ඇත්තාහ. සිත ප්‍රධාන කොට ඇත්තාහ. සිතින්ම සාදන ලදහ යනුවෙනි.

    මෙම thread එක අපේ එළකිරියේ මිත්‍රයන්ගේ හිතසුව පිණිස මිස කිසිම ආගමක් ප්‍රවර්ධනය කිරීම සඳහා පලනොකල බව සලකන්න.

    වඩා වැදගත්වන්නේ පණිවුඩයේ හරය නිවැරදිව ග්‍රහණය කර ගැනීම පමණයි.
    :yes::yes::yes:
     
    Last edited: