ආදරණීය පියවරුනට මෙය උපහාරයක්ම වේවා !

chinsara

Member
Mar 3, 2012
562
137
0
ආදරණීය පියවරුනට මෙය උපහාරයක්ම වේවා !

පුතුනේ මේ අහගන්න පුතුනේ
පුතුනේ මේ අහගන්න//
;);););););)

මේ ගීතය මට මතක ඇති කාලෙකදි මම අහුවෙ දෙතුන් සැරයයි. ඒත් පද හොදටම මට හුරුයි. හොදට පාඩම්. ඊටත් වඩා මේ ගීතය අහද්දි මට දැනෙන්නෙ පිරිමි කෙනෙක් කියනවා වගේ. හරිම පුදුමයි. මටම හිතා ගන්න බෑ ඒ ගැන. මේ ගීතය අහන සෑම විටම මට සුජාතා අත්තනායකට එහා ගියපු කට හඩක් ඇහෙනවා. හරියට මනස ඇතුලේ දෝංකාර දෙනව වගේ. මීට වසර කිහිපයකට කලින් ඊට හේතුව මට වැටහුනා. මේ එම හේතුව මා දැනගත් මොහොතේ කාතාවයි..

දවසක් මම මේ ගීතය ටිකක් සද්දෙට දාගෙන රසවින්දනය කරමින් ඉන්න විටදි මට පේනවා අපේ අම්මා මිදුල අතුගාමින් හෙමීට මේ ගීතය ගයනවා. ඇය හරි ආසාවෙන් සතුටින් ගීතය ගායනා කරනවා. මිදුල අතුගාන්නෙත් ගීතයේ තාලයට. හරිම ලස්සනයි. ඇයගේ දැහැනට බාධා නොකර මම බලාගෙන හිටියා. ටික වෙලාවකින් ගීතය අවසන් උනා. ඇය දැහැනෙන් මිදී, ඇගේ පාඩුවෙ යළිත් මිදුල අතුගානවා. මට ඒ සුන්දර දසුන තවත් විදින්න ඕනමයි. මම ආයෙත් ගිහින් මේ ගීතයම දැම්මා. හෙමීට මිදුලට පැත්තට සේන්දු වෙන්න හදකොටම මෙන්න අම්ම ඇවිත් මගේ ලග.

ඔයා ඔය ගීතයට ගොඩාක් ආසද?

ඔව් අම්මෙ ඇයි?

පුතේ පුතා ඉපදුනාට පස්සෙ පුතා ගොඩාක් අසනීප උනා. පුතාගෙ පපුවෙ සෙම. ඔයාට අවුරුද්දක් වෙනකල් ඔයා නිතරම හිටියෙ ඉස්පිරිතාලෙ. ඉස්පිරිතාලෙන් ගෙදර ආවම ඔයා කොයිවෙලේත් අඩන එක තමා කරන්නෙ. නිදා ගන්නෙම නෑ. මට නම් වෙලාවකට තරහත් එනව. අඩනව අඩනව ඉවරයක් නෑ. මට බෑ ඔයාව නලවගන්න. ඒ වෙලාවට පුතේ තාත්ත පුතාව අරගෙන සින්දුවක් කිය කිය ගේ වටේ ඇවිදිනවා. ඔන්න ඉතින් පුතා නිදි. ඉතින් මෙහෙම ඇවිදල ඇවිදල තාත්ත හෙමීට ගෙනත් ඔයාව මගේ ලගින් තියනවා. කොහෙද ඔයා අයෙ බෙරිහන් දෙනවා. තාත්ත ආයෙ ඔයාව අරගෙන ඇවිදිනවා. සමහර දවස්වලට මට නින්ද ගිහින්. ඒත් පුතේ තාත්ත ඔයාව වඩාගෙන සාලෙන් කුස්සියටයි, කුස්සියෙන් සාලෙටයි සින්දු කිය කිය ඇවිදිනවා.

අපි කොහොම හරි පුතාව බේරගත්තා. ඔන්න ඔයාට අවුරුදු දෙකක් තුනක් විතර වෙනකොට උදේ පාන්දරම නැගිටිනවා. කෑ ගහල අඩනවා. තාත්ත කරන්නෙ ඔයාව අරගෙන එයාගෙ බඩ උඩින් තියාගෙන ආයෙ ඔයා නිදා ගන්නකල් සින්දු කියනවා. ඔයා රෑට නිදි කරවන්න අපි කාටවත් බෑ. මටනම් කොහොමටවත් බෑ. තාත්ත කීයට හරි ගෙදර එනකල් ඔයා අවදියෙන්. ගෙදර එකම යුද්ධයයි. තාත්ත ගෙට එන්නෙම කෝ මගේ පුතා කියල සින්දුව කියාගෙන, ඇවිත් ඔයාව බඩ උඩ තියාගෙන සින්දු කියනකොට තමා ඔයා නිදියන්නෙ. අපි කන්නෙ බොන්නෙ ඊට පස්සෙ. වෙලාවකට අපිට හරි ආස හිතෙනවා ඔයා තාත්ත සින්දු කියනකොට ඒ තාලෙට කෙදිරි ගගා තමා නිදියන්නෙ. මම වෙලාවකට කියනව මෙයා ගිය ආත්මෙ ගායකයෙක්ද කොහෙදො කියලත්.

ගොඩාක් දවස් වලට පාන්දර 2ට 3ට විතර ඔයා අවදි වෙනවා. අවදිවෙලා යටිගිරියෙන් කෑ ගහල අඩනවා. තාත්ත මහන්සි වෙලානේ ගෙදර එන්නෙ. ඉතින් එයා පව් කියල හිතල මම ඔයාව අරගෙන අනිත් කාමරයට යනවා. කොහෙද කිරිටික බොනකල් ඔයා ඉන්නවා. ඊට පස්සෙ ඔයා අඩනවා. ඔන්න තාත්තට ඇහුනගමන් දුවගෙන එනවා. මටත් තාත්තගෙ අම්මටත්(ආච්චි) හොදටම බනිනවා. උඹල කොල්ල අඩවනවා කියල. අපෙන් ඔයාව අරගෙන ගිහින් ආයෙ එයාගෙ බඩ උඩ තියාගෙන සින්දු කියනවා. ඔයත් ඒ තාලෙටම ටික වෙලාවක් කෙදිරි ගානවා. බෙරිහන් දීදී අඩපු ඔයා මෙන්න නිදි.

මට මතකයි එක දවසක් තාත්ත කොළඹ ගියා වැඩ වගයකට. එදා ඔයා අඩපු තරමක්. හුස්ම ගන්නෙවත් නැතිව අඩනවා. අපි බැරිම තැන ඔයාව ඉස්පිරිතාලෙට අරගෙන ගියා. ඩොක්ටර් කියනවා මේක ලෙඩක් නෙමෙයි කියලා. කොහොම හරි එහෙදි බෙහෙත් දීල නිදි කරවලා ඔයාව එක්කරගෙන ආවා. ගෙදර ගෙනත් පැයක් නිදන්න ඇති ඔයා ආයෙ අවදි වෙලා අඩනවා. මම දන්න විදියට සින්දු කිව්වට ඔයාට හරියන්නෙ නෑ. කොහොම හරි වෙලාවට තාත්ත ආවා. අනේ කොළඹ ඉදල ආපු මහන්සියවත් බලන්නෙ නැතිව ඔයාව බඩ උඩ තියාගෙන තාත්ත සින්දු කිව්වා ඔයා නිදියනකල්. මෙච්චර වෙලා අඩපු ඔයා මෙන්න කෙදිරි ගානව. පස්සෙ අපි බලනකොට තාත්තයි ඔයයි දෙන්නම නිදි. තාත්තටත් නින්ද ගිහින් මහන්සියට. වෙලාවකට මට හරි ලෝබ හිතෙනවා ඔයා තාත්තගෙ පපුව උඩ නිදාගෙන ඉන්නව දැක්කම. ඔයාගෙ ආච්චි හැම තිස්සෙම කරන්නෙ ඒක බල බල සතුටට අඩන එක.

පස්සෙ ඔයා ටික ටික ලොකුවෙනකොට අපි පුතා සින්දුවක් කියන්න කියල ඔයාට කීවම, ඔයා කට උල් කරගෙන කියන්නෙ අර තාත්ත ඔයාව නිදි කරවන්න කියපු සින්දුව.

ඔයා ඔය දැන් අහපු ගීතය තමා ඔය හැම වෙලාවෙදිම තාත්ත ඔයාව නිදි කරවන්න කිව්වෙ. කොච්චර ඇහුවත් ඔයාට මදි. ඉතින් තාත්තත් ඔයා අඩන අඩන වාරයක් ගානෙම, ඔයාට නින්ද යනකල් ඔය සින්දුවම කියනවා. ලක්ෂවාරයකට වඩා ඔයා වෙනුවෙන් තාත්ත ඔය ගීතය කියන්න ඇති.

පුතුනේ මේ අහගන්න පුතුනේ
පුතුනේ මේ අහගන්න//

මං පොඩි කාලේ හඳ මාමා කිව්
කතාව මේ අහගන්න පුතුනේ
පුතුනේ මේ අහගන්න පුතුනේ
පුතුනේ මේ අහගන්න//

පුංචි කූඩුවක කැලයේ - සැළලිහිණි ජෝඩුවක්‌ උන්නා
ලස්සන සිංදු කියාලා - පොඩි පුතා නැලෙව්වා දෙන්නා
හිටි හැටියෙම දවසක් දා - මොර සූරන වැස්සක් වැස්සා
ඇල දොළ ගංගා පිරිලා - වැහි වතුර ගල ගලා බැස්සා
ලොකු සැඩ සුළඟක් හමලා හෝ ගා - ගස් මුල් දෙදරා ඇද හැලුනා

අම්මයි අප්පයි දෙන්නා - හත් දෙයියනෙ දෙයියනෙ කියලා
චුටි කුරුල්ලා ඉඹලා - මහා හයියෙන් විලාප දුන්නා
කොයි කාගෙත් සැපදුක බලනා - මේ මුළු තුන් ලෝකෙට ලොක්කා
සුදු පුතා බදාගෙන හඬනා - ඒ මවගේ දරු දුක දැක්කා
හිත උණු විලා අනුකම්පා වෙන් - වැහි බිඳු අහසට ඇද ගත්තා
පායා හිරු පෙර වාගේ දිලුනා - වන මල් පිපිලා නැටුවා
ඉන් පසු අම්මයි අප්පයි චුට්ටයි - සතුටින් කල් ගෙව්වාලු සුවසේ

පුතුනේ මේ අහගන්න පුතුනේ
පුතුනේ මේ අහගන්න//

අපිව මේ තත්ත්වෙට ගේන්න අපි නොදන්නවට, අපිට මතක නැති උනාට සෑම පියතුමෙකුම කොතරම් නම් සුන්දර දුක් විදින්න ඇත්ද? මගේ පියාණන්ට වගේම සියළුම පියවරුන්ට මෙය උපහාරයක්ම වේවා.
:):):):):):):):):):):):)
 

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මගේ තාත්තටත් මම පණටත් වඩා ආදරෙයි....
    ඒත් තාත්තා අද මාත් එක්ක නැහැ..
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මේක ඇත්තටම උබට අදාල සිද්දියක්ද මේ කියල තියෙන්නේ?:)
    කොහොමත් සින්දුවනම් හරිම ලස්සනය්. thx
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    2up7dzm.jpg