ආදරණීය පියාට

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    "ආදරණීය" පියාට,

    මීට විසි වසරකට පෙර ඔබ විසින් හැරදමා ගිය ඔබගේ බිරිඳ සහ දරුවා මතක ඇතැයි සිතමි. ඉන්නට හිටින්නට තිබුණු පැල්පතද නැතිකර ඔබගේ නව "රූමත් බිරිඳ" සමග ඔබ ගිය දිනයේ සිට තම එකම වස්තුව බවට මා පත් කරගත් ඒ "කැත ගැහැණිය" නොවිඳිනා දුක් විඳින්නට පටන් ගත් බව ඔබ නොදන්නවා විය හැක.

    ඇතැම් දිනකට එක වේලකුදු නොකා කුසගින්නට කහට කෝප්පයකින් කුසගිනි නිවාගත් අවස්තාද තිබූ බව තවමත් මතකය. ඇයටත් වඩා බර රෙදි බෑගයක් කරේ එල්ලාගෙන සති පොලවල් ගානේ රස්තියාදු වූ ඇය සොයාගත් සොච්චම් මුදලින් තම එකම වස්තුව මිනිසෙකු කරන්න මහන්සි වූ අයුරු මම දුටුවෙමි. (ඔබගේ නව බිරිඳගේ අතින් ලියා වසර 4ක් යනතුරු මාහට එවූ උපන්දින සුභපැතුම් ඒ සදහා උපකාර වේ යැයි ඔබ සිතුවද එය එසේ නොවූ බවනම් කිව යුතුමය). පහ වසර කඩයිම් විභාගය ලිවීමටත් පෙර සිටම "මයෙ පුතා ලොකු වෙලා ඉංජිනේරු මහත්තයෙක් වෙන්න ඕනෙ" යැයි කියමින් නින්ද යනතුරු මගේ හිස පිරිමැදි ඈ ඒ කිසිම දිනක ඔබට සාප කල බවක්නම් මට මතක නැත.

    නමුත් අවාසනාවට එතරම් යහපත් හිතක් මට නැත. එක් දිනක් හවස ගෙදරින් ගිය ඔබ නැවත නොපැමිණි හේතුව මට තේරුමක් තිබුණේම නැත. මවගෙන් වරක් දෙවරක් ඔබ නැති බව ඇසූ විට පිලිතුරු දුන්නේ ඇගේ කඳුළු බැවින් නැවත ඇගෙන් ඇසීමටද මට හිතක් නොවීය. නමුත් අනිත් ලමුන්ගේ මෙන් තාත්තා මා පාසලෙන් ගෙන යාමට හෝ දෙමව්පිය රැස්වීම් වලට නොපැමිණෙන්නේ මන්දැයි හිත තුල ප්‍රශ්නයක් විය. කුඩාකල "තාත්තා" ගැන රචනාවක් ලියන්නයැයි ගුරුතුමිය කී විට කුමක් ලියන්නදැයි දස අතේ කල්පනාකර අවසානයේ "තාත්තා" යන්න "මාමා" ලෙස වෙනස්කර අම්මාගේ සොහොයුරා ගැන ලියූ බව අදටත් මතකය. සෑම කුඩා ලමයකුගේම කුඩාකල පොදු ප්‍රශ්නය වන "ඔයාගේ තාත්තා මොකද කරන්නෙ" යන ප්‍රශ්නය සෑමවිටම මා තුල අන්ත අසරණ හැඟීමක් ඇතිකිරීමටත් පාසල් යෑම අප්‍රිය කිරීමටත් කටයුතු කල අතර පසුව ඒ සදහා ඔබ මියගොස් ඇතිබව පැවසීමට මා පුරුදු විය. ප්‍රශ්න අසන්නාගෙ මුව වසා දැමීමට එය ප්‍රමාණවත් වූ නමුත් එය අම්මාට තරමක් වේදනා ගෙන දෙන්නක් විය. කෙසේ හෝ මෙම අමිහිරි කුඩා කාලය නිසාම අම්මාට මෙන් යහපත් ලෙස මට ඔබ ගැන සිතීමටනම් නොහැකි විය.

    දින සති මාස ගතවුනු අතර කෙසේ හෝ විසි වසරක් ගත විය. ඒ විසි වසර තුල ගෙවූ විඳි දුක් කම්කටොලු සේම අම්මාගේ "ඉංජිනේරු" හීනයද නොවෙනස් විය.
    අද, ඔබ එදා කියූ ඒ "හිඟන කොල්ලාව" එම "කැත ගැහැණිය" විසින් ඉංජිනේරුවකු බවට පත් කර ඇත. ඒ ඇගේ උත්සාහය හා දහිරියයි. ජීවිතයේ වැදගත්ම අද දිනද මගේ එක් පසක් පසුගිය විසි වසර සේම හිස්ව ඇත. නමුත් එහි අඩුවක් මට අද නොදැනේ. ඒ ඇය මාගෙ මව සේම පියාද වූ නිසාවෙනි. අද ඇගේ දිනයයි. ඇය දිනූ දිනයයි.
    ඇය ඉංජිනේරුවරියක වූ දිනයයි.

    මාගේ ජීවිතකාලය තුල ඔබ නැවත මුනගැසීමට මා තුල කිසිදු අදහසක් නොමැත. ඔබ කොහේ සිටිනවාදැයි පවා මම නොදන්නෙමි නොසොයන්නෙමි. නමුත් මෙහි ඇති සියල්ල ඔබට පැවසීමට අවශ්‍යතාවයක් තිබූ අතර මෙම සටහන ඔබට පෙන්වීමට පුද්ගලයන් සිටින බව දන්නා නිසාවෙන් මෙය මෙසේ පලකරමි.

    අවසාන වශයෙන් තාත්තෙ, ඔබ මැයට වඩා ලස්සන කාන්තාවක් ලබාගත්තා විය හැක. නමුත් ඇය මේ කැත ගැහැණිය තරම් ඔබට ආදරය කරනවදයැයි මට සැක සහිතය. මැය තරම් උත්සාහවන්තදැයි මට සැක සහිතය. මැය විඳි දුක් වෙනත් කාන්තාවකට විදීමට හැකිදැයි සැක සහිතය. දැන් ඔබ ගැන මා සිතේ ඇත්තේ දුකක් කලකිරීමක්ම පමණි. ඇය දෙස බලා, ඇගේ අතින් අල්ලාගනිමින් මම බොහෝ හොද දේ උගත්තෙමි. එලෙසම දැන් තවකෙකු ඔබේ අතේ එල්ලී ඉගෙනගන්නා බවද මම දනිමි. අඩුමතරමින් ඔහුට හෝ කාන්තාවකට දරුවෙකුට දුකක් නොදී රැකබලාගන්නා අයුරු කියා දෙන්න. විශ්වාසය රැකගන්නා අයුරු කියාදෙන්න.
    ස්තූතියි සියලුම දේට,
    - මීට මදුසංඛ පුතා -
    ප ලි : ඔබට ස්තූති වන්නට මම මදුසංඛ යන්න භාවිතයද අත්හැර දමන ලදි.
    ( අවසාන වශයෙන් පසුගිය විසි වසරතුල ජීවිතයට ගුරුවරුන්, යහලුවන්, සහෝදරයන් වූ මටත් මැයටත් ශක්තියක් වූ සියලුම දෙනාට හදවතින්ම ස්තූතිවන්තවෙමි ❤️ )

    උපුටා ගැනීමකි

    https://www.facebook.com/1597792217149373/posts/2520348441560408
     
    • Like
    Reactions: JohnnySS

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :love::love::love:
    muta maara wayirayak thieyenne tatta ekka. eka hari ithin...

    :yes::yes:
    වයිරය හිතේ ඇති තමයි...හැබැයි කොල්ලගේ උතුම් මනුස්ස ගුණාංග තියෙනවා....ඌ පට්ට ඉවසීමෙන් ජීවත් වෙනවා.

    ලේසියෙන් මනුස්සයෙකුට ඔය ලෙවල් එකට යන්න අමාරුයි...ගොඩක් වෙලාවට ඒ අම්මගේ ගතිගුණ වලින් උරුම වුනු දෙයක් වෙන්න ඇති.