ආදරණීය රන්බණ්ඩා වෙත
ආදරණීය රන්බණ්ඩා වෙත,
දවසක් පැල නැති හේනේ සිට
කොළඹ අහසට අවුත්
නින්දා වැහි දරාගනු නොහැකිව
ඉදිකඩ ළඟ සිටින අම්මා වෙත ගිය
කොහේද නුඹ රන් බණ්ඩා
ගමට ගිය කල
සුමනා අහිමි වූ
නුවර ගිය කල
වැරැදිකාර ළඳුන් දුටු
කොහේද නුඹ රන් බණ්ඩා
උලළේනන් පමණක්
අවසන දුකට හිටි
මාරියාව හිඳ දුක ඇසූ
ඒ ජීවිත ඉදිකඩ දුටු
කොහේද නුඹ රන් බණ්ඩා
කාව්‍ය සංකල්පනාව- මාලන් විදානපතිරණ
ආදරණීය රන්බණ්ඩා වෙත,
දවසක් පැල නැති හේනේ සිට
කොළඹ අහසට අවුත්
නින්දා වැහි දරාගනු නොහැකිව
ඉදිකඩ ළඟ සිටින අම්මා වෙත ගිය
කොහේද නුඹ රන් බණ්ඩා
ගමට ගිය කල
සුමනා අහිමි වූ
නුවර ගිය කල
වැරැදිකාර ළඳුන් දුටු
කොහේද නුඹ රන් බණ්ඩා
උලළේනන් පමණක්
අවසන දුකට හිටි
මාරියාව හිඳ දුක ඇසූ
ඒ ජීවිත ඉදිකඩ දුටු
කොහේද නුඹ රන් බණ්ඩා
කාව්‍ය සංකල්පනාව- මාලන් විදානපතිරණ


