ආදරණීය සොයුරියේ…

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ආදරණීය සොයුරියේ…

    සියුමැලි සුවඳ සුන්දර මලකට … සඳට … සඳ එළියට… ඔබව ගලපා කවි ගී ලියූ ලෝකයක… අපට හුරු ‍පුරුදු සිංහල සාහිත්‍යයේ රසාස්වාදාත්මක කවියක “ඉඟ සුඟ ගත හැක මිටින..” යැයි මනැස් සලෙලුන්, ඔබට නොදැනී ඔබව නිරුවත්ව ස්පර්ශ කල අවස්ථාද අනේකව නොතිබුනා නොවේ. එහෙත් ඔබට එය දැනුනේ විද්වත් සාහිත්‍ය ගුණ රැගත් වර්ණනාවක් ලෙසය. ඒ ඔබට වැරදුනු පළමු අවස්ථාවද නොවේ.

    එහෙත් වෙනසකට ඇත්තේ එදා ඔබ නිරුවත් කලේ මනැසින් පමණි…කෙසේ වෙතත්… ලෝකයේ සොයාගත හැකි අතීතයේ සිට වර්ථමානයේ මේ ගෙවන තත්පරය තෙක් ලෝකය ඔබ ගැන කල කී දේ ඔබ නැවතිල්ලේ සිතුවේ කවදාද..?

    ඔබට ඔබ ගැන සිතන්නට අමතක වුවද ඔබ සමස්ථ කාන්තා නිදහස වෙනුවෙන් වීදි බැස හඬ නැගුවාය. බොහෝ දෑ සැලසුම් කලාය. ඉන් බොහෝ දේ ඔබ ලබාගත් බවද ඔබට පෙනුනාය. එහෙත් ඔබ ලෝකයාගෙන් ඉල්ලූ නිදහස ඔස්සේ ලෝකයා ඔබට විලංගු දැමූ බව යන්තමට හෝ ඔබට නොතේරෙන හැටි… මිනිස්කම් ඉරි තැලී වියැකී ගිය ලෝකයක දත් විලිස්සාගෙන හුන් නොමිනිස්කම ඔබ ගිලගත් හැටි ඔබට යන්තමටවත් දැනුනා නම්… ඔබ ඉල්ලූ ඇතැම් දේ ඔබට ලැබී ඇත. එය සත්‍යයකි. එහෙත් එකී සියල්ලෙන් වැඩිමනක් ඔබෙන් ඔබ තුළ හුන් සුන්දර ගැහැණිය උදුරාගෙන ඇති බැව් ඔබට තාමත් නොසිතේ.

    සොයුරියේ සිතන්න… අද ඔබ ඇඳුමක් අඳින්නේ කුමකටද..? ගැහැණුකම ආරක්ෂා කරන්නටද..? ඔබ ඇඳුමක් තෝරන්නේ, අඳින්නේ ඔබේ උවමනාවටද..?

    ඔබ අඳින්නේ ඔබටත් සිරුරටත් ගැලපෙන ඇඳුමද..?


    නැතිනම් ලෝකයා විසින් ඔබට අන්ඳන්නට …ඔබ ඇඳ සිටිනවා දකින්න‍ට අවශ්‍ය ඇදුම්ද..?


    සිතන්න…මේ මොහොතේ ඔබ ඇඳ සිටින්නේ ඔබට සුදුසු ඇඳුමද..?


    නැහැ නේද..?


    ඔබ ඇඳ සිටින්නේ නොමිනිස් ලෝකය ඉල්ලූ ඇඳුමය. බලන්න… ඔබ විලි වසා සිටියාට ලෝකයක් ඉදිරියේ නිරුවත් නේද…?

    කාන්තාව මුළුතැන් ගෙයින් ලෝකයට යා යුතු යැයි කියූ ඔබට ලෝකය ඒ අයිතීන් දිනා දුන් ඔබ පවසනවා නේද..?


    එහෙත් ඒ අයිතියෙන්ම ලෝකය ඔබ ඔවුනට රිසි සේ මිල කරනවා නොවේද..?


    ශ්‍රව්‍ය, දෘෂ්‍ය , මුද්‍රිත මෙකී නොකී සෑම මාධ්‍යකින්ම ඔබ මිලකර හමාරයි නේද..?


    හිරි ඔතප් රැක ගෙන ගෙදර සිටි සුන්දර ගැහැණිය ඔබ පැතූ නිදහස් අයිතීන් ඔස්සේ මිලකර හමාරයි නේද..?


    වැසිකිලියට අවශ්‍ය උපකරණ පිළිබද වෙළඳ දැන්වීමත් අඩනිරුවත් කාන්තාවක් සමගින් ඉදිරිපත් කරන්නට තරම් ලෝකය ගැහැණුකම බිලිගෙන හමාරයි නේද..?

    “ගැහැණු ළමයි අතේ උසට වඩා උඩ පනින්න හොඳ නෑ” යයි සිංහල සිරිතට හැදුණු අම්මලා දූලාට ආදරයෙන් ඉගැන්වූයේ ඇයි දැයි ඔබ නිකමටවත් සිතුවාද..?

    ආදරණීය සොයුරියේ … ඔබ පැතූ ලෝකය බොහොම සරලව සීරුවට ඔබව කෙලෙසා හමාරයි නේද..? සිතන්න…ආපසු හැරී සතුටුවන්න‍ට ඔබ තැනූ ලෝකයක් ඔබට ඉතිරිව තිබෙනවාද..?

    නැවතිල්ලේ මේ පුංචි දේවල් ගැන හිතනකොට මහා බර පසුතැවිල්ලක් හිතට ගලාගෙන එනවා ‍නේද..?


    ඇත්තමයි … ඔයාලගෙ ආගම දහමක හරි මේවා පැහැදිලිව කියලා දීලා තිබුණානම්…ආපහු හැරිලා පොතක් පතක් පෙරලලා හරි ආදර්ශයට ගන්න හරිහමන් ආගමික නායකයෙක් වත් ඉඳලා තිබුණා නම්…හිතන්න… ඔබ පැතිකඩ කීයකින් හිරවෙලා පොඩිවෙලාද කියලා…මේ හැමදේම කියලා අවසානෙදි මෙහෙම කිව්වට හිතට තරහක් ආවොත් මට චුට්ටක් විතර සමාවෙන්න. නෑ එහෙම නොවුනත් කමක් නෑ. මම මේ ටික කියන්නේ බොහොම ලෙංගතුකමින්…



    දන්නවනේ අද මේ ලෝකෙට පෙන්නන්නම බැරි රූපය තමයි අර මෙලෝ රහක් නැති කලු ඇඳුම ‍පෙරව ගත්ත මුස්ලිම් කාන්තාව… අර හුඟක් අය පුංචි පැටුන්ට “බිල්ලො” කියලා පෙන්නන්නේ.. ඔය කොච්චර දේවල් එයාලට කිව්වත් නිකමට හිතුනද?


    ඇයි එයාලා ඒක කලු ඇඳුම අදින්නේ කියලා…ඇයි එයාලගෙ බලන්න කියලා රූපයක්වත් නැති දෙවියන් එයාලට ඒක අඳින්න කිව්වේ කියලා… ලෝකය මොන දේවල් කිව්වත් ඇයි එයාලා ඒක ගලවන්නේ නැත්තේ කියලා… පොඩ්ඩක්වත් හිතුවද..? පිටින් බැලුවම මේක හරි ගැටළුවක් නේද..?

    ඇයි දන්නවද?… එයාලගේ නොපෙනෙන දෙවියන් මේ ලෝකේ සියල්ල නිර්මාණය කරන කොට කාන්තාව නිර්මාණය කලේ ඇයටම ආවේණික සුන්දරත්වයකට… ඒක ඔය කාන්තාවකගේ නිරුවත් රූපයක් පමණක් දුටු පමණින් තත්පරෙන් විඳින්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසයි එයාලගේ දෙවියන් කිව්වේ නිවසින් බැහැරට යන විට එයාලගේ මුහුණත්, දෑතේ මැණික් කටුවෙන් පහල අත්ලත්, වලලුකරෙන් පහල දෙපතුලුත් හැර අනෙක් සියල්ල විනිවිද නොපෙනෙන ඇඟටම හිර නොවුනු “අබාය” කින් වහගන්න කියලා. සිතන්න දැන් ඇය කොතරම් සුරක්ෂිතයිද?… මනැස් සලෙලුන්ගෙන් බේරුණු ඇගේ ගැහැණුකම කොතරම් පිවිතුරුද? කියා…

    ඇයි එයා ඒ ඇදුම ගලවන්නේ නැත්තේ..? ඇයගේ දහම තුළ ඇගේ දෙවියන්ගේ අණසක නිවැරදිව එලෙසින්ම ක්‍රියාත්මක කල ආදර්ශමත් චරිතයක් එයාලගෙ ජීවිත ඇතුලේ සදාකාලිකව ඉන්නවා… ඒ මුහම්මද් නබි තුමා… එතුමා ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම ආදර්ශමත් චරිතයක්… දෙවියන් විසින් දැන්වූ හොඳ නරක සහ ඒවාට ලැබෙන ඵල විපාක සියල්ල එලෙසින්ම කියලා දුන් නිසා ඇය මේ සියල්ල හොඳින් දන්නවා… සිතන්න ඇය කොතරම් ආරක්ෂිතද?… පවතින මාධ්‍යයක පාරක තොටක දැක්කත් ඇයටම ආවේණික ලෝකයක් තිබෙන බව පේනවා නේද..?
    ආදරණීය සොයුරියේ… “

    මුලාවූ සිතට ඩිංගක් නිදහසේ හිතන්න දෙන්න…”
    ඔබ රැජිනක්…ගැහැණුකම වීදුරුවක් …බිදෙන්න තියා සීරෙන්නවත් දෙන්න එපා…ඇයි දන්නවද…පළුද්ද හොඳට පේනවා…


    :yes:

     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඔබ රැජිනක්…ගැහැණුකම වීදුරුවක් …බිදෙන්න තියා සීරෙන්නවත් දෙන්න එපා…ඇයි දන්නවද…පළුද්ද හොඳට පේනවා…