ආදරණීය Herbie

gayanga3036

Well-known member
  • Feb 3, 2015
    118
    140
    63
    EARTH
    982-F0-E49-F9-B3-4-BC8-B270-DD8-A32-A573-C1.jpg
    [/url][/SIZE][/SIZE][/IMG]
    මේ ටිකේ වැඩකුත් නැති එකේ පොඩ්ඩක් බීට්ල් ගැන හොයන්න හිතුනා. එහෙම හිතාගෙන කරක් ගහද්දි තමා මේ වන්ඩිය දැක්කේ. බීට්ල් පිස්සන්ගේ හිතේ මැවිලා තියන හීනයක්නේ අංක 53 ගහලා තියන මේ වැට මොඩ්ල් එක.
    මෙයාගේ නම "හර්බී , Herbie". මේක චිත්‍රපටි මාලාවක් තුලින් කරළියට ආපු කාර් එකක්. කතාවේ හැටියට මේක හිතලා වැඩ කරන්න පුළුවන් මනසක් තියන බීට්ල් එකක්. සමහරු නම් දැනටමත් බලලම ඇති. IMDB අනුව මේ චිත්‍රපටි මාලාවේ කතා 6 ක් තියනවා.

    1.The Love Bug (1968)
    2. Herbie Rides Again (1974)
    3. Herbie Goes to Monte Carlo (1977)
    4.Herbie Goes Bananas (1980)
    5. The Love Bug (1997)
    6.Herbie : Fully Loaded (2005)

    මුල්ම කතාව ඒ කියන්නේ The love bug (1968)ට
    පදනම් වූයේ 1961 දී ගෝර්ඩන් බුෆෝර්ඩ් විසින් රචිත කාර්, බෝයි, ගර්ල් යන කතන්දරයෙන් වන අතර සමහරු එය නවකතාවක් ලෙසද හදුන්වනවා. එතැනින් මූලාරම්භය අරං විවිධ මානයන් ඔස්සේ ගිහින් මෙහෙම චිත්‍රපට 6 ක් අන්තිමට නිර්මාණය වෙනවා. මට තිබුනු ලොකු ප්‍රශ්නයක් තමයි ඇයි මෙයාගේ 53 අංකේ ගහලා නිල් සහ රතු ඉරි වලින් මේක සරසලා තිබුනේ කියන එක. The love bug හි නිෂ්පාදකට (බිල් වොල්ෂ් )ඕනි උනා ඔහුගේ ප්‍රියතම බේස් බෝල් ක්‍රීඩකයකුගේ අංකය වන 53 සහ ඔහුගේ Tshirt එකේ තිබුනු design එකක් උනු නිල් සහ රතු පාටවල් මේ කාර් එකටත් එක් කරන්න.ඕක තමා අංක 53 කතාව. මේ කතා මාලාව ප්‍රේක්ෂකයන් අතරට ගිහින් තිබුනේ Disney pictures ලේබල් එකෙන්. මෙහි මුල් කතාවට අරගෙන තියෙන්නේ 1963 නිශ්පාදිත Sunroof සහිත බීට්ල් එකක්. පසු කාලිනව මේ චිත්‍රපටය උන්මාදයක් බවට පත් උනා ලෝකවාසි beetle lovers ලා අතර. තමන්ගේ වන්ඩියත් මේ වගේ පෙනුමක් ලබා දෙන්න කට්ටිය උත්සුක උනේ ඒ නිසාවෙන්. සරළවම කිව්වොත් මේක legendary එකක් උනා. ඉතිං අපේ මේ ආදරණීය හර්බී 2018 වසරේදී ඇමරිකානු ඩොලර් 128,700කට වෙන්දේසි වෙමින් ලොව වැඩිම මිළකට වෙන්දේසි වූ බීට්ල් එක ලෙස ඉතිහාසගත වුනා.එදා මෙදා තුර බිහිවන , බිහිවූ beetle පිස්සන්ගේ dream කාර් එකක් බවට හර්බී පත්වෙලා තියනවා කියන් එකනම් නොරහසක්. Beetle lover කෙනෙක් නම් නැරඹිය යුතු සලරුවක් විදියට මේක හදුන්වන්නට පුලුවන්.

    මේ ලිපිය හැදුවේ අනතර්ජාලේ තිබුනු කරුණු එහෙමත් උපුටා ගෙන. තවත් දේවල් එකතු වෙන්න එහෙම තියේනම් comment box එකේ දාන්න අමතක කරන්නත් එපා.:love:
     
    Last edited:
    • Like
    Reactions: windows_ubuntu